එකම පුතා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වූ ආරංචිය ලද පියා තෑග්ගට රුපියල් තිහක රතිඤ්ඤා පෙට්ටියක් රැගෙන නිවෙසට ආ පුවතක් රජයේ ගොවිපොළ සමීපයේ ගම්මානයකින් වාර්තා වේ.
පියා දුර බැහැර රැකියා ස්ථානයක කල් ගෙවන අතර නිවෙසට එන්නේ දෙසතියකට වරක් පමණය. ඒ ආවත් කිසිදා නිවෙසේ කුදු මහත් කටයුත්තක් ගැන හෝ සොයා බලන්නට ඔහු කටයුතු නොකරයි. මිතුරන් හා මතින් සප්පායම්වීම ඔහුගේ නිවාඩුවේ චර්යාවකි.
පියා පුතාගේ පාසලට කිසිදා ගොස් නැත. සියල්ල කෙරුණේ මව අතිනි. ඇගේ සිල්ලර කඩයේ ආදායම යෙදවූයේ දරුවාගේ යහපත උදෙසාමය. පියා ඉඳහිට නිවෙසට කෑමට යමක් ගෙනාවත් කිසි විටක වියදමට මුදලක් මවට දුන්නේ ද නැත. පුතා උපකාරක පන්ති ගියත් ඒ කොහාටදැයි කියන්නට මේ පියා දැන සිටියේ ද නැත.
මේ අතර පසුගිය දා විභාග ප්‍රතිඵල ආවේය. පුතා සමත්විය. මව ඔහු ආදරයෙන් වැළඳ සුබ පැතුවේ තෑගි දෙන්නට වත්කමක් ඈ අත නොවු බැවිනි. තම ජයග්‍රහණය පියාට කියන්නට පුතා හෝ මව ක්‍රියා කළේ නැත. ඒ ඔහුගේ තරම දන්නා නිසාය.
සති අන්තයේ පියා නිවාඩුවට ගමට ආයේය. පුතාගේ ජයග්‍රහණය පිළිබඳව ආරංචි විය. ආපසු නගරයට ගිය ඔහු පුතා වෙනුවෙන් රුපියල් තිහකට රතිඤ්ඤා පෙට්ටියක් මිලදී ගෙන තැබෑරුමට ගියේය. තුන් දහසක පමණ මුදලක් ඒ ගමනට ඔහුට වැය විය. සියල්ල රැගත් හෙතෙම නිවෙසට විත් පුතාට සුබපතා රතිඤ්ඤා පෙට්ටිය තෑගි කර මිතුරන් ගෙන්වා ගෙන රැය පහන්වන තුරු සතුට පළ කරන්නට වූයේය.
මැදියමත් පසුවී ඇතත් මේ කරච්චලය ඉවසාගත නොවුණු පුතා පියා සමීපයට ගියේය. ”අනේ තාත්තේ මං පේල් වුණා නම් මීට වඩා හොඳයි.” කියා රතිඤ්ඤා පෙට්ටිය කඩා ගිනි දැල්වූයේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විභාගය සමත් වූ පුතුට පියාගෙන් රතිඤ්ඤා
දම්මික Monday, 08 April 2013 11:05 PM
පියෙකු වශයෙන් ඔහුගේ හැසිරීම හොඳ මදි. දෙමාපියන් දරුවන් විෂයෙහි මීට වඩා යහපත් චරියාවන් ඇත්තන් විය යුතුයි. (නි)
සමන් Wednesday, 10 April 2013 11:34 PM
රුපියල් තිහේ රතිඤ්ඤා කොහෙද දන්නේ නැහැ තියෙන්නේ ? (නි)
සමන්ත Wednesday, 10 April 2013 03:45 PM
බැලුවම තාත්තා වැරදිත් නැහැ, හරිත් නැහැ... (නි)
සංජීව Wednesday, 10 April 2013 02:21 PM
කමල්, දෙමුපියන්ගේ වැරදි තිබුන කියල එයාලට අපහාස කරන එක වැරදියි. අඩුම ගානේ ඔයා සන්තෝස වෙන්න ඕනේ ඔයාව මේ ලෝකෙට ගෙනාව එකට.(නදී)
දිල්ෂාන් Wednesday, 10 April 2013 02:23 PM
බේබදුකම නතරකරන්න කවුරුවත් පියවර ගන්නේ නැහැ. තව තවත් කැබෑරුම් වලට බලපත්‍ර දෙනවා. (නදී)
බිලිමොරි Wednesday, 10 April 2013 08:28 AM
තාත්තා ඔච්චර බොන්නේ අම්මාගේ කට සැර හින්දද? (නි)
දිනේෂ් Tuesday, 09 April 2013 06:00 PM
මොකක්ද එකේ ඇති වැරැද්ද .සාමාන්‍ය දෙයක් . එයා ළමයාගේ තාත්තා.(නදී)
ජගත් Tuesday, 09 April 2013 05:17 PM
කමල් , කව්ද පුංචි අම්මාද අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වෙනකන් බලගත්තේ. පොඩිකාලේ කන්න බොන්න දුන්නේ.(නදී)
ජගත් Tuesday, 09 April 2013 05:03 PM
එම පියා ගැන ඔබ විවේචනය කිරීම වැරදියි. ඇත්තටම ඒ පියා තම දරුවාගේ ජයග්‍රහණය ගැන සතුටු උනා. ඒ ඔහු දැන උගත් මට්ටම අනුව. එත් එකෙන් තම දරුවාව සතුටුකරන්න බැරිබව ඔහු දන්නේ නැහැ. මේ සමාජ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. එත් දැන් මතට තිතත් මැරිලා. දැන් අයෙත් එතනෝල් ගෙන්න පුළුවන්.(නදී)
කමල් Tuesday, 09 April 2013 03:47 PM
මම මෙතෙන ඉන්නේ අම්මා තාත්තා කරලා දුන්නු දෙයකින් නොවේ. මගේ උත්සාහයෙන්.(නදී)
චමින්ද Tuesday, 09 April 2013 03:05 AM
බේබදු පියෙක්. (නි)
දිසානායක Tuesday, 09 April 2013 01:38 AM
මටත් මතකයි හොදට මගේ අතීතය... (නි)
දිසානායක Tuesday, 09 April 2013 01:38 AM
ගොඩාක් වටිනා දෙයක්නේ ගෙනත් දීලා තියෙන්නේ (දී)
වරුණ Monday, 08 April 2013 10:39 AM
පුතා අවුරුද්දට හොද ප්‍රතිඵල ගෙනත්. ඉතින් කාටද සතුටු නැත්තේ?(නදී)
ගාමිණී Monday, 08 April 2013 09:33 PM
අනේ තාත්තේ රතින්ඥා පෙට්ටියට ගොඩක් පින්! මම ගිය උපකාරක පන්තියට ඔබත් ගිහින් පාඩමක් ඉගෙනගෙන දැන්වත් හොඳ පියෙක් වෙන්න උත්සහ කරන්නකෝ පින් අත්වෙයි. මේ- දක්වා මට උදව්කල අම්මට අඩු වශයෙන් නිලා පෙට්ටියක් වත් ගෙනත් දෙනවා නම් මතු ඔබ නිවන්දකී!(නදී)
ලක්ෂ්මන් Monday, 08 April 2013 09:12 PM
මගේ තාත්තා මට ඔහොමම කරා නමුත් මම උපාධියත් ගත්ත දැන් ඉන්නේ ඔස්ට්‍රලියවේ මගේ පුතාට මම ඒවා විදින්න කවදාවත් ඉඩ දුන්නේ නැ මගේ පුතා දැන් උපාදිය කරනවා ඔය පුතාත් මම වගේ හොදට ඉගන ගන්න බොන තාත්තා ල හම්බුවෙන්නේ අපේ පෙර පවකට.(නදී)
සම්පත් Monday, 08 April 2013 04:32 PM
මම දන්නා බේබදු පියෙක් තමන්ගේ දරුවා විභාගෙට යන්න කලින් දවසේ රුපියල් දහයක් ඉල්ලුවම දුන්නේ නැහැ. එත් දෙසීයක විතර බිව්වා. මේ වගේ මිනිස්සු රටට බරක් දරුවන්ට කරදරයක්. (නි)
දයා Monday, 08 April 2013 03:55 PM
රන්දි තමයි නියම අරුත පහදලා තියෙන්නේ. පුතේ ඔබගේ පියාට සතුට දැනුන විදිහ තමයි පෙන්නුම් කලේ. ඒ ඔබේ තාත්තා.අපේ රටේ මෙවැනි අවස්ථාවල සතුට දැනිලා රතිඤ්ඤා දුන්න පියවරුන් අනන්තයි. අප්‍රමාණයි. (ස)
සංජීව Monday, 08 April 2013 03:28 PM
වරුණ ඔයාගේ ගම කොහෙද ? තාත්තා ලංකාවේද ? (ස)
ශාන්ති Monday, 08 April 2013 01:50 PM
මෙහෙමත් මිනිස්සු (දී)
යොහාන් Monday, 08 April 2013 01:21 PM
රතිඤ්ඤා පත්තු කරන්න තරම්වත් වාසනාවක් මට ලැබිල නැහැ. මගේ පුතේ ඔයාට ජයෙන් ජය ! (ස)
රන්දි Monday, 08 April 2013 12:51 PM
කව්රු උනත් කමක්නෑ පුතේ..! ඔයාගේ නුගත් දෙමාපියන්ට ඔබ ආදර්ශයක් වෙන්න! කිසිදේකට සැලෙන්න එපා .. එම පියාට සතුට දැනුන විදිය වියහැකියි..? (ස)
දයා අලහකෝන් Monday, 08 April 2013 11:39 AM
අපේ පුංචි කාලෙත් විභාගන් පාස් කිව්වම තාත්තලා රතිංඥා ගෙනත් දුන්නා මතකයි. හැබැයි ඒ 50 දශකයෙදි. මේ තාත්තටත් එයාගේ පාසැල් කාලේ මතක් වෙලා තියෙනවා.(නදී)
අරුණ Monday, 08 April 2013 11:35 AM
දෙමවිපියන් කියන වචනයට නියම අර්ථයක් නොමැතිව දෙමුවිපියන් වීමත් ඇතම් විට සංශෝදනයකට ලක් වියයුතු කාලීන මාතෘකාවක් විය යුතුය.(නදී)
සරත් Monday, 08 April 2013 11:02 AM
මෙහෙමත් පියවරු.