(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විවාහ වී වසර දොළහක් ගතවී ඇතත් සිය බිරියගේ නම හා ඇගේ මහ ගෙදර ලිපිනය නොදන්නා සැමියෙකු පසුගියදා මීරිගම ප්‍රදේශයේදී හමුවිය.
මීරිගමට නුදුරු පදිංචිකරුවෙකි. සැතපුම් පහළොවක දුරින් පිහිටි ගමක තරුණියක හා විවාහවූයේ වසර දොළහකට පෙරදීය. බිරිය සමග තම නිවසේ ගත කළ මෙම සැමියා එක් දරු පියෙකු විය. දරුවා පාසල් යන වයස සම්පූර්ණ වනතුරු මේ යුවළ සැමියාගේ නිවසේ කල්ගත කළහ.
දරුවා ගමේ පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකිවූයෙන් බිරියගේ මහ ගෙදර අසල පාසලකට ඇතුළත් කර ඇත. එදා සිට මේ සැමියා සති අන්තය බිරියගේ නිවසේ ගත කරමින් සතියේ දිනවල තම නිවසේ කල්ගත කරනු ලැබුවේ රක්ෂාව කරගෙන යා යුතු නිසාය.
බිරියටත් දරුවාටත් ඔහු දැක්වූයේ මහත් ආදරයකි. සිකුරාදා මළහිරු බැස යද්දී බිරියත්, දරුවාත් බලන්නට යන මේ සැමියා සඳුදා උදේම යළි සේවය සඳහා තම ගමට ඒම සිරිතක් කරගෙන තිබිණි. මෙවර කොරෝනා උවදුර ඇතිවීමත් සමග පුතා පස්වැන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටින නිසා බිරිය මහ ගෙදරම නතරවුණේ පාඩම් වැඩ අතපසුවන බැවිනි. පැනවුණු ඇඳිරිනීතිය නිසා මේ පියාට තම එකම පුතා ශිෂ්‍යත්වයට පෙනී සිටින දවසේ බලන්නට යාමේ වරමද අවහිර විය.
ඇඳිරිය සති දෙක තුන වෙද්දී බිරිය පැවසුවේ ආහාර මිලදී ගන්නටවත් තමන් අත මුදලක් නැති බවයි. සැමියාට කරන්නට දෙයක් නැත. ඇඳිරිය නිසා බිරිය හා දරුවා බලන්නට යාමටත් බැරිය. ඔහු හිතවතකු හමුවීය. ඔයාට ඇඳිරිනීතිය තිබුණත් යන්න එන්න පුළුවන්නේ, අපේ නෝනාට සල්ලි ටිකක් යවා ගන්න විදියක් නැද්ද’’ ඔහු විමසීය.
හිතවතා ඊට එකඟවූයේ මේ අවස්ථාවේ කළ හැකි ලොකු උදව්වක් නිසාය. හිතවතා ලිපිනය ඉල්ලා සිටියේය. අනේ මම ඇඩ්රස් එකනම් දන්නේ නැහැ. කියූ ඔහු බිරියගේ නිවසට යන මාර්ගයෙ දල සටහනක් ඇඳ දුන්නේය. කාගේ ගෙදර කියලා අහන්නද තවත් පැනයකි.
අනේ එයාගේ නියම නම මට මතක නැහැ. 250 ගෙදර කියලා ඇහුවාම කවුරුත් කියයි. ඔහු පැවසුවේ යටහත් පහත්වය.
අනතුරුව ඔහු දුන් මුදල අතට ගත් හිතවතා මග සලකුණු ඔස්සේ ගමන් කොට බිරිය අතට මුදල දී ආයේ පිංකමක් කර ගත්තා යන අදහස ඇතිවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විවාහ වී වසර 12යි බිරියගේ නම, ලිපිනය දන්නේ නැතිලු
Perera Thursday, 05 November 2020 03:11 AM
මම විවාහ වෙලාද කියලාවත් මතකයක් නැහැ.
nanda Thursday, 05 November 2020 11:24 AM
මහ ගෙදර ලිපිනය නොදන්නා සැමියෙකු....