(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
වයෝවෘද්ධ තත්ත්වයේ සිටින විශ්‍රාමික සිංහල ගුරුතුමා ප්‍රකාශ කරන ලද ඉංග්‍රීසි කෙටි යෙදුම වැරදි ලෙස වටහාගත් ගෝලයකු පිළිබඳ පුවතකි මේ.
එය වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා නගරයකිනි.
එම නගරයේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පසුගියදා ගුරු උපහාර උළෙලක් සංවිධානය කර තිබුණේ එම විද්‍යාලයේ සේවය කර දැනට විශ්‍රාම ලබා සිටින ගුරුවරුන්ට උපහාර පිදීම සඳහාය.
දැනට දකුණු පළාතේ පදිංචිව සිටින පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මිතුරෙකුට ද මෙම උත්සවයට සහභාගි වන ලෙස ශිෂ්‍ය සංගමයේ මිතුරන් ආරාධනා කර තිබූ අතර කල්වේලා ඇතිවම එහි පැමිණි ඔහු උත්සවය පැවැත්වෙන ශාලාව වෙත යමින් සිටිය දී ඔහුට මුණගැහුණේ සාමාන්‍ය පෙළ පංතියේ දී ඔහුට සිංහල ඉගැන්වූ ගුරුතුමායි. නිතර විහිළු තහළු කරමින් ඉගැන්වීම් කටයුතු කළ ගුරුතුමා දැකීමෙන් සතුටට පත් ඔහු ගුරුතුමාගෙ දෙපා නමස්කාර කර තොරතුරු විමසීය.
සර් අවුරුදු 15කට විතර පස්සේ දැක්කේ. මම දැන් පදිංචි දකුණු පළාතේ. සර් විශ්‍රාම ලබලා විවේක සුවයෙන් ඇති. සර්ලා දකින්න ලැබීමත් ලොකු සතුටක්.
අනේ ළමයෝ මොන විවේකයක් ද මේ දවස්වල මායි නෝනයි දෙන්නම එල්.එල්.බී. කරනවා. ගුරුතුමා පැවසීය.
සර් වයස ගිහිල්ලත් ඉගෙනීම අත් ඇරලා නෑ. ඒක කොච්චර හොඳයි ද අපි මැරෙනකම්ම ඉගෙන ගන්නවානේ නේද සර් ඔහු පැවසීය.
උත්සවය පැවැත්වෙන ශාලාව වෙත ගිය ඔහුට මුලින්ම හමුවූයේ සාමාන්‍ය පෙළ පන්තියේ දී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුතුමාය.
අද මට ගොඩක් සතුටු දවසක් අපට උගන්නපු ගුරුවරු ගුරුවරියන් හුඟ දෙනෙක් මුණගැහෙන්න කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. මට අපේ සිංහල සර්ත් හමුවුණා. සර් දැන් එල්.එල්.බී. කරනවාලු. තවම ඉගෙන ගන්න එක නතර කරලා නෑ. සර් ඒකාලෙත් හුඟක් ඉහළ විභාග කරලනේ තිබුණේ ඔහු පැවසීය.
අනේ පුතේ සිංහල සර් විතරක් නෙමෙයි මේ දවස්වල මාත් එල්.එල්.බී කරනවා. ඔයා දන්නවානේ සිංහල සර් නිතරම විහිළු කතානේ කියන්නේ ඉංග්‍රීසි ගුරුතුමා කීය.
එල්.එල්.බී. කියන්නේ ළමයින්ගේ ළමයි බලනවා කියන එකයි. විශ්‍රාම ගිය හුඟක් දෙනෙක් දැන් කරන්නේ ඒක. ඉංග්‍රීසි ගුරුතුමා පැවසුවේ කොක්හඬලා සිනාසෙමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විශ්‍රාම ගිය හැමෝම අපූරු විභාගයක් කරලා