(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
විසි හැවිරිදි තරුණයකු 40 වියද ඉක්මවූ තිදරු මවක සමග පවුල් කෑමට යාමේ සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
දුර බැහැර පෙදෙසක සිට පියාගේද ආශිර්වාදය ඇතිව 20 වියැති තරුණයා වෙනත් ගමකට පැමිණියේ කිසියම් ආගමික කටයුත්තකට සහභාගිවීමටය.
මොහු එහි පැමිණි හතලිස් වියද ඉක්ම වූ මවක සමග පෙමින් බැඳෙන්නේ සියලු දෙනාටම හොර රහසිනි. ඇය තිදරු මවක වන අතර ඇයගේ වැඩි මහල් දියණියද උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබමින් සිටියාය.
මේ කිසිවක් බාධාවක් කර නොගත් තරුණයා තම පෙම්වතිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගියේය. පෙම්වතියගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවලද රාත්‍රි කාලයේද තරුණයා ඇයගේ නිවසට යාමට ඒමට පුරුදු වූයේ කාටත් හොර රහසේය.
මෙදිනද ඇගේ සැමියා නිවසේ නොමැති බව දැනගත් තරුණයා සුපුරුදු ලෙස රාත්‍රියේ ඇයගේ නිවසට යන්නේ මහත් සතුටිනි. එහෙත් මේ පිළිබඳව ඉව වැටී සිටි සැමියා සැඟවී සිට, පෙම් සුව විඳිමින් සිටි තම බිරිඳ හා තරුණයා අතටම හසු කරගන්නේ, උස් මහත් වූ දරුවන්ද විමතියට පත් කරමිනි.
පසුව සැමියා සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කරන්නේ විසඳුමක් ලබාගැණීමේ අටියෙනි. පසුව පොලීසිය තරුණයා හා තරුණයාගේ පියාද, සැමියා ගේ පාර්ශවයද පොලීසියට කැඳවා, ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ දරා ඇත.
එහිදී සැමියා දරුවන් තිදෙනා ගැන සිතා සිය බිරිඳට සමාව දී ඇය බාර ගැණීමට කැමැත්ත පළ කර ඇත. එහෙත් බිරිඳ දරුවන්, සැමියා හා සියල්ල අතහැර දමා ලාබාල පෙම්වතා සමග යාමට කැමැත්ත පළකර ඇත. තරුණයාගේ පියාද පුතාගේ පෙම්වතිය බාර ගෙන තම ගමට කැඳවාගෙන යාමට කැමැත්ත පළ කර ඇත.
මැදිවියේ පසු වූ තරුණයාගේ පියා තම පුතා හා වැඩිමහල් පෙම්වතියද බාර ගෙන, දරුවන් හඬා වැටෙද්දී ගමට යන්නට මගට බැස්සේ මටත් ඉතිං වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න එපායැ” යැයි කියමිනි.
සිද්ධිය බලා සිටි අනෙකුත් පිරිස් මුහුණින් මුහුණ බලා සිනාසුනේලු. මේ කිසිවක් ගණනකට නොගත් තරුණයා, ඔහුගේ පියා සහ පෙම්වතිය ත්‍රිරෝද රථයක නැගී ගමට යන්නට පිටත්ව ගියේලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විස්සේ ගැටයා හතළිහේ තිදරු මව එක්ක පවුල් කන්න ගිහින්