සබරගමුවේය. අසල්වැසියා ව්‍යාපාරිකයෙකි. බලාගෙන සිටියදී ඔහු දියුණුවෙයි. අල්ලපු ගෙදර මිනිහා අමු කුහකයෙකි. ව්‍යාපාරිකයාගේ දියුණුව ඔහුගේ ඇහේ ඇනෙන කටුවක් බඳුය. ඔහුට අදහසක් පහළ විය. කොඩිවිනයක් කළයුතු යැයි ඔහුගේ කූට්ටාලියෝද කීහ. ඒ ඔහුගෙන් අඩියක් ගැසීමටය. නැත්නම් තවත් වාසියක් සඳහාය. කට්ටඬියාද සොයාගත්තේය. වැඬේ කිරිගහටම ඇන්නා වාගේ කරදීමට රුපියල් 25,000ක් ඉල්ලා සිටියේය. දුම්මල, මල්, කපුරු, අහු ආදී කළමනාද සපයා ගන්නා ලෙස දැනුම් දුන්නේය. අත්තිකාරමක්ද ලැබිණි. කතිකා කරගත් පරිදි පසුගිය දිනක රාත්‍රියකදී කිසිවකුටත් නොදැනෙන පරිදි කොඩිවිනය ජීවම් කැරිණි. කොඩිවිනේ අවසන් කර කට්ටඬිරාල ගෙහිමියා අමතා මෙසේ පැවසීය. ”මම ජප කරපු කොඩිවිනේ තියෙන්නේ මෙන්න මේ සුරය ඇතුලේ. එය අසල්වැසියාගේ නිවෙසට ඇතූළු වෙන මුල්ම පඩිය යට වළදාන්න ඕනි. තුන්වරුවක් ගෙවී ගියාට පස්සේ සුරය ගොඩඅරගෙන කට්ටකුමන්ජල් දුම් අල්ලා සුරය ගලවල බලන්න. සුරය ඇතුලේ ලියවිල්ලක් ඇති. ඒක කියවල බලල ඒ විදිහට කටයුතු කරන්න කියා ගෙහිමියාට උපදෙස් දී පොරොන්දු වූ ඇදුරා ඉතිරි මුදලත් රැගෙන ගමට ගියේය. කට්ටඬියාගේ උපදෙස් පරිදි තුන් වරුවක් ගෙවී ගිය පසු අසල්වැසියාගේ නිවෙසේ පඩිය යට වළ දමා තිබූ සුරය ගොඩගෙන කට්ටකුමන්ජල් දුම් අල්ලා ප්‍රවේසමෙන් සුරය ගලවා එහි තුළ වූ ලියවිල්ල අතට ගත් ගෙහිමියා එය කියවන්නට විය. කඩදාසි කොළයක ලියන ලද එම ලියවිල්ලේ මෙසේ සඳහන් විය. ”අනුන්ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යා කරන්න එපා. අවංකව, කැපවීමෙන් සහ උනන්දුවෙන් සියල්ලන්ගේම සිත් දිනාගෙන කරන වැඩක් හරියාකාරව කරන්න. එවිට තමන්ටත් දියුණුවෙන්න පුළුවන්. එහෙම නැතිව අනුන්ව විනාශ කරන්න කියල සිතාගෙන අපරාදේ සල්ලි වියදම් කරලා කොඩිවින, අනවින, හදි හූනියම් කරන්න යන්න එපා. එහෙම බලවේග දැන් කාලේ නැහැ. අපිටත් ජීවත් වෙන්න ඕනි නිසා තමුසෙලා වගේ මෝඩ මිනිස්සුන්ට මේ වගේ දෙයක් නොකර සත්‍ය අවබෝධ කර දෙන්න බැහැ.” මෙය කියවා බැලූ ගෙහිමියාට ඉහමොළ රත්විය. කරන්නට ඕනි දේ සිහියට එන්නේද නැත. රුපියල් 25,000ක් වැයකරල අනුන්ට කැපූ වළේ තමන්ම වැටුණු බව ඔහුට පසුව අවබෝධ විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විසිපන්දහසක් වැයකර අනුන්ට කැපූ වළේ තමන්ම වැටිලා
රුවන් Tuesday, 20 December 2011 12:41 PM
වැඩේ නම් හොදයි.
ධනන්ජය Tuesday, 20 December 2011 07:00 PM
දියුණුවේ රහස ඉරිසියාව නොව උත්සාහයයි.
හේමමාලා Tuesday, 20 December 2011 07:58 PM
විසිලන්දහසක් නෙමේ ඊටත් වැඩියෙ ගත්ත නම් හොදයි
asd Wednesday, 21 December 2011 06:53 AM
නියම වැඩේ
අමිත Wednesday, 21 December 2011 02:08 PM
ඕක තමයි කියන්නේ ඉල්ලගෙන කනවා කියලා