රාත‍්‍රී කාලයේ වෙළඳසලක් වසා ගෙදර පැමිණි පසු එම වෙළඳසලේ දුරකථනයෙන් වෙළඳසල් හිමියාට උගුඩුවකු දුරකථනයෙන් කතා කළ පුවතක් දෙනියාය ප‍්‍රදේශයේ වෙළඳසැලකින් වාර්තා විය.
සිද්ධිය මෙසේ ය.
දෙනියාය ප‍්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මොහු සුපුරුදු පරිදි එදිනත් උදෑසන ව්‍යාපාරික ස්ථානයට පැමිණ වෙළඳාම් කටයුතු කර සවස 7.00ට පමණ කඩය වසා තම නිවස බලා කිලෝමීටර් හයක් පමණ දුර සුපුරුදු පරිදි ගියේය.
නිවෙසට ගිය මොහු පුරුදු පරිදි ස්නානය කොට රාත‍්‍රියට ආහාර අනුභව කොට රාත‍්‍රී දහයට පමණ නින්දට ගියේය. හදිසියේම රාත‍්‍රී 10.30ට පමණ වෙළඳසැල් හිමියාගේ ජංගම දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. කලබල වූ මොහු ”මහ රෑ මට කතා කරන්නේ කවුද” කියා බලද්දි දෙළොව රත්විය. තමන්ට කතා කරන්කේ තමන් වසා දමා ආපු තමන්ගේ කඩයෙන් බව දැනගත් මොහු කලබලයට පත්ව කඩය හොරු කඩනවා යයි සිතා මොහුගේ ත‍්‍රීරෝද රථයෙන් කඩය බලා ඉක්මනින් පිටත් වූයේය.
කඩය අසලට ගිය විට කිසිවකු පෙනෙන්නට නැත. ව්‍යාපාරික ස්ථානයේ ඉබි යතුරු දමා ඇත. කඩයේ දොර ඇර බැලූ විට දක්නට ලැබුණේ උගුඩුවෙක් බිස්කට් පැකට්ටුවක් රැුගෙන දුරකථනය උඩ සිටින ආකාරයත්ය.
පසුව තේරුම් ගත් වෙළඳ සල් හිමියා සවස තමන්ගේ ජංගම දුරකථනයට කතා කළේ අවසාන ලෙස තමන්ගේ වෙළඳ සැලේ දුරකථනයෙන් බව දැනගන් ඔහු උගුඩුවාගේ ඇඟට රී ඩයල් බොත්තම එබී තමන්ට කෝල් එක ආ බව තේරුම් ගත් ඔහු වෙළඳ සැල වසා ගෙදර ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වෙළෙඳසල් හිමියාට මහ රෑ උගුඩුවකුගෙන් දුරකථන ඇමතුමක්
නදී Thursday, 04 July 2013 02:01 PM
අපේ ලග ගමක ඔය වගේම ඉස්කෝල මහත්තයෙක්ට ඇටි කුකුලෙක් කතා කළා කියනවානේ (නි)
හේරත් Wednesday, 03 July 2013 07:39 PM
උගුඩුවෙක් බිස්කට් පැකට්ටුවක් රැගෙන දුරකථනය උඩ සිටින ආකාරය දින ගණනක් ගෙවුනද මට මැවි මැවී පෙනේ. (නි)
හසන්ත Wednesday, 03 July 2013 08:58 PM
එතකොට මුදලාලි මොකටද හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ (අ)
හසන්ත Wednesday, 03 July 2013 08:58 PM
එතකොට මුදලාලි මොකටද හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ (අ)
ආනන්ද Wednesday, 03 July 2013 09:00 PM
උගුඩුව කෝල් එක අරගන තියෙන්නේ මුදලාලිට ස්ථිති කරන්න.(අ) (
මිනිපෙ Wednesday, 03 July 2013 10:15 PM
ඔය කියන පළාතේ අත්තන ඇට හරි ලාබයි.(අ)
මහී Wednesday, 03 July 2013 10:21 PM
උගුඩුවො ? ඕක ඔය තරම් හිතන්න ඕනෑ දෙයක් නෙමෙයි උගුඩුවො. (නි)
සමන්ත Wednesday, 03 July 2013 10:26 PM
ඒ පැත්තේ උගුඩුවො හරි දියුණුයිනේ ..! (නි)
සරත් Wednesday, 03 July 2013 10:51 PM
කඩේ දුරකතනයෙන් තමාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීම වෙන්න පුළුවන් දෙයක්! අපිත් ඕනේ තරම් ගෙදරදී ජංගම දුරකථනය හොයාගන්න ගෙදර ම අනිකුත් දුරකතනවලින් අමතුන්ම ගත්ත අවස්ථා කොයිතරම්ද? පොත් අස්සෙන්, කලිසන් සාක්කුවලින් ,කිලිටි රෙදි කූඩෙන්නේ රින්ග්ස් ඇහෙන්නේ! මුදලාලිත් කරන්න ඇත්තේ එකමතමයි!(නදී)
පන්ඩුක Thursday, 04 July 2013 09:21 AM
උගුඩුවො බිස්කට් කන්නේ නැහැනේ! මේ උගුඩුව අවතාරයක්වත්ද? නැත්නම් මුදලාලිගේ වයිෆ්ගේ කව්රු හරිද? (නි)
කාලිදාස Thursday, 04 July 2013 09:33 AM
ශෂිනි , ජනවහරේ එන්නේ ඇටිකෙහෙල් කාපු රිලවා කිල නෙමෙයි. වෙනත් දෙයක් කාපු රිලවා වගෙයි කියලා. ඕනෑම නම් අයියා කෙනෙක්ගෙන් අහලා බලන්න. අපි නොදන්නා ජනවහර! (නි)
හර්ෂ Thursday, 04 July 2013 09:57 AM
වැඩේ කියන්නේ උගුඩුවා මදලාලි ඇවිල්ලා දොර අරිනකම්ම ෆෝන් එක උඩ හිටියද ? (ස)
මදූ Thursday, 04 July 2013 11:53 AM
හැමෝටම ස්තුති කරනවා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට. ඉෂාර 119 එකෙන් ගන්නේ ඔය පොලිසියේද වැඩ?(නදී)
සමන් කුමාර Thursday, 04 July 2013 01:25 PM
අද කාලේ බිස්කට් එක එක වර්ග වලින් හදන නිසා ඒ බිස්කට් එක හදල තියන්නේ ඇටි කෙහෙල් වලින්. බිස්කට් එකට සල්ලි දුන්නද දන්නේ නෑ නේද මුදලාලිට. නැත්නම් රෑට රෑට මුදලාලි ඇටි කෙහෙල් බිස්නස් කරනවද ? ඒක දන්නේ මුදලාලියි උගුඩුවයි විතරයි.(නදී)
සරත් Wednesday, 03 July 2013 06:48 PM
මදු ඕක ඔය තරම් හිතන්න ඕනේ දෙයක් නෙමෙයි. සමහරවිට එයාගේ දුරකථනය අමතකවෙලා කොහෙද කියලා හොයාගන්න මිස් කෝල් එකක් දුන්න වෙන්න පුළුවනි. දුරකථන 2ක් තිබුන වෙන්නත් පුළුවනි. එහෙම නැත්නම් එයා බිරිදගේ දුරකථනය වෙන්නත් පුලුවනිනේ. මොකද මේ හැම එකකම කඩේ නම්බර් එක තියෙනවනේ.(නදී)
ඉෂාක් Thursday, 04 July 2013 04:30 PM
උගුඩුවෙක් වුනත් මිනිස්සුන්ට වඩා වැදගත් විදිහට අයිතිකාරයට කෝල් එකක් දීලම තමයි බිස්කට් එක කාලා තියෙන්නේ. (ස)
හේරත් Thursday, 04 July 2013 05:27 PM
අනේ උගුඩුවෝ උඹ රැට නින්දෙන් කෝල් කරනවද මැලිබන් බිස්කට් කන ගමන්. දාන්න ඕන අපේ ටීම් එකට.(නදී)
උපනන්ද Friday, 05 July 2013 03:48 AM
ආ ....උපවාස කරමින් හාමතේ හිටපු උගුඩුවෙක්ට ලෙමන් පෆ් කන්න හිතිලා එන්න ඇති. මාධ්‍යයටත් දෙන්න අවශ්‍ය නිසා මුදලාලිට කෝල් එක දෙන්න ඇති.(නදී)
සිසිර Friday, 05 July 2013 09:25 AM
උගුඩුවා මොන වගේද ? (ස)
චන්දි Friday, 05 July 2013 10:39 AM
ඔය වගේ සිද්දියක් මෙහෙත් වුණා. ෂොප් එකට හොරු පැන්නොත් පොලිසියටත් ,ගෙදරටත් වදින විදියට ඉලෙක්ට්‍රික් බෙල් එකක් දාලා තිබුනලු. දවසක් රෑ යාමෙට බෙල් වෙලා හනික ,පොලිසියත් ඇවිල්ලා ,අයිතිකාරයත් ඇවිල්ලා බලනවිට බළලෙක්ලු පැනලා තිබුනේ. හැමෝම හිනහා වේවි ගියාලු (නි)
චන්දි Friday, 05 July 2013 10:43 AM
ශෂිනි,මම නම් අහලා තියෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුව වගෙයි කියලා මිසක් රිලවෙක් ගැන නෙමෙයි. මම හිතන්නේ ඔයාට ටැපලිලා නේද..!! (නි)
කුරුවිට Friday, 05 July 2013 03:43 PM
මටත් දවසක් උගුඩුවෙක් කතා කළා රා බොන්න යන්න (දී)
වගීත Friday, 05 July 2013 10:28 PM
ඉතින් අපිට මොකෝ.(නදී)
උපුල් Saturday, 06 July 2013 09:34 AM
පොලිසියේ මාමාලා නම් උගුඩුවන්ගේ මැන්ගෝ ෆෙන්ඩ්ස්ලා (නි)
උපුල් Saturday, 06 July 2013 09:44 AM
සිසිර ඔය උගුඩුව කියන පොර හැමදාම රාබොන ,පොලිසිය හොදට ,ලගින්ම ඇසුරු කරන කෙනෙක්. ඔයා දැකල නැත්තනම් හවසට තැබෑරුම පැත්ත යන්න එන්න. (නි)
සාධවී Saturday, 06 July 2013 10:52 AM
සාදාරන උගුඩුවෙක් බිස්කට් පැකට් එකේ බිල ගෙවන්න මුදලාලි එනකන් බලා ඉඳලා බැරිතැන ඇමතුමක් දෙන්න ඇති.(නදී)
අනිල් Sunday, 07 July 2013 08:36 AM
අදහස් වලටයි හිනා ගියේ. (නි)
මොහමඩ් Sunday, 07 July 2013 01:29 PM
මම නම් කියන්නේ මේක මුදලාලිගේ අමූලික බොරුවක් (නි)
ශෂිමාල් Wednesday, 03 July 2013 02:19 PM
පත්තරේ දාන්න වටින හොඳ දෙයක් (අ)
රුපවති රත්නායක Wednesday, 03 July 2013 10:53 AM
ඒකා මොකාද දැකලා නැහැ (දී)
වරුණ Wednesday, 03 July 2013 11:23 AM
අමිල දෙනියාය කොහෙද ?මතුගම කොහෙද?හනේ ...හනේ...අමිල (අ)
නිමල් Wednesday, 03 July 2013 11:34 AM
මටත් මේ වගේ වැඩක් දවසක් උන,හැබැයි මට කතා කලේ කලවැද්දෙක් (අ)
ගමගේ Wednesday, 03 July 2013 12:15 PM
ඉතා වීරල හා හාස්‍යජනක සිද්දියක්. අසතුටක්, දුකක් ඇති නොවුන "දෙයියෝ සාක්කියක්" මතක විදියට කාලෙකින් පලවුනේ. (නි)
රූමි Wednesday, 03 July 2013 12:30 PM
ඇයි දැන් උගුඩුවො ඇටි කෙහෙල් කන එක නතර කරලද ? (නි)
මදු Wednesday, 03 July 2013 12:30 PM
එතකොට මුදලාලි මොකටද හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ? (නි)
ඉෂාර Wednesday, 03 July 2013 12:53 PM
මදූ, ජංගම දුරකතනය හොයා ගන්න බැරි වුනාම මමත් 119 එකෙන් හරි මිස් කෝල් එකක් දාලා බලනවා. (නි)
ඉන්දු Wednesday, 03 July 2013 12:59 PM
රූමි , ඇටි කෙහෙල් එක්ක කන්න තමයි බිස්කට් එක අරගෙන තියෙන්නේ. (නි)
ආනන්ද බන්දුලසිරි Wednesday, 03 July 2013 01:09 PM
ගම කනවා.(නදී)
සරත් Wednesday, 03 July 2013 01:25 PM
උගුඩුවා මුදලාලි එනකම්ම හිටියා එහෙනම්. (නි)
දිල්කා Wednesday, 03 July 2013 01:31 PM
උගුඩුවා බිස්කට් පැකට් එක ගත්තේ කන්නද දන්නේ නැහැ නේද? හි....හී.... (නි)
කුමාරි Wednesday, 03 July 2013 02:07 PM
මධු මම හිතන්නේ මුදලාලිට දුරකතනය තිබ්බ තැන අමතක වෙලා රිං කරලා හොයන්න ඇති.(නදී)
ශෂිමාල් Wednesday, 03 July 2013 02:20 PM
පත්තරේ දාන්න තරම් වටිනා දෙයක් මේක?(නදී)
අමිල Wednesday, 03 July 2013 10:41 AM
ඔය හඳට ගල් ගහපු අය ඉන්න කිට්ටුව ගමක් නේද? (නි)
නුවන්තිකා Wednesday, 03 July 2013 02:35 PM
අමිල ඇත්තම මතුගම හදපාන්ගොඩ නේද ඔය සිද්දිය උනේ. ඔයා කැමති නෑ ඔයාගේ ගමේ දේවල් කියනවට නේද.?(නදී)
ඩිල් Wednesday, 03 July 2013 02:51 PM
හොද ප්‍රශ්නයක් තමා......මුදලාලි මොකටද ජංගම දුරකතනයට ගත්තේ? (නි)
ශෂිනි Wednesday, 03 July 2013 02:59 PM
රූම්, ඇටිකෙහෙල් කන්නේ උගුඩුවා නෙමෙයි රිලවා. ජනවහරේ එන කියමනක් වත් දන්නේ නැතිව මෙතන ප්‍රතිචාර දාන්න එනවා.(නදී)
චන්දා Wednesday, 03 July 2013 03:10 PM
මුදලාලි හවස එයාගෙම ජංගම දුරකතනයට එයාගේ කඩේ දුරකතනයෙන් ගත්තේ ඒක දාලා තිබුන තැනින් හොයා ගන්න රින්ග් කට් එකක් විතරයි. (නි)
ඇන්ටන් Wednesday, 03 July 2013 03:17 PM
දැන් තේරෙනවා නේද මුදලාලිලා ටික මොනතරම් කපටි විදියටද වෙලදාම් කරන්නේ කියලා? (නි)
සාල්ස් Wednesday, 03 July 2013 03:19 PM
මදූ, ඔයා හරි. මටත් ආපු ප්‍රශ්නය ඒක තමයි (නි)
මුන්සීර් Wednesday, 03 July 2013 03:31 PM
හොද ප්‍රශ්නයක් මදු. (නි)
ශිරෂ් Wednesday, 03 July 2013 03:32 PM
මදු ,ඔයා තමා කතාව හරියටම තේරුම් ගත්තේ. අනිත් කට්ටියට නම් ආයුබෝවන්............ අනේ අනේ! (නි)
රුවා Wednesday, 03 July 2013 04:20 PM
ඇයි ඒ තරම් වේලාසනින් කඩේ වැහුවේ. ඇයි එයාගේ මොබයිල් එකට එයාගේ කඩෙන්ම ගත්තේ. සෑහෙන්න හිතන්න වෙන වැඩක්. දැන් කාලේ උගුඩුවො බිස්කට් කනවාද? බිස්කට් වල නම සදහන් කළා නම් නේද හොද ?
අර්ෂා Wednesday, 03 July 2013 04:27 PM
බොරු කතා...(අ)
සංජීව- Wednesday, 03 July 2013 05:17 PM
එතකොට මුදලාලි මිනිස්සුන්ට විකුනන්නේ රෑට උගුඩුවො ඇවිල්ල විනාස කරලා ජරා කරලා යන බඩුද,,, චී වැඩේ වැරදි නේද ... බලාගෙන ඒ කඩෙන් බඩු ගන්න මිනිස්සුන්ට හැදෙන ලෙඩ හොයාගන්න බැරුව යාවි,,,මහජන තාවට බඩු අලවි කරන තැනක් විදියට මෙවැනි සතුන්ට යන්න බැරිවෙන්න ආරක්ෂා කරන්න ඕන නේද,,,,(අ)
සෑම් Wednesday, 03 July 2013 06:17 PM
සංජීව, ඔයා පී එච් අයි කෙනෙක්ද? (නි)