ළදරු පාසලක පවත්වනු ලබන ශ්‍රමදානය මග හරින මව්පියන්ට නියම කර තිබූ දඩ මුදල වැඩිකිරීම නිසා එම ශ්‍රමදානයට සියලු මව්පියන් සහභාගිවූ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයේ එක්තරා ළදරු පාසලකින් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මසකට වතාවක් ළදරු පාසල සුද්ද පවිත්‍ර කළ යුතු බවට පාලිකාව තීරණය කළාය. ඒ අනුව ඇය ළමයින්ගේ මව්පියන් දැනුම්වත් කර සෑම මසකම යොදා ගත් දිනයක ශ්‍රමාදනය පවත්වන බවත් එයට සියලුම මව්පියන් සහභාගී වියයුතු බවටත් දැනුම් දුන්නාය. යම් හෙයකින් එදිනට සහභාගීනොවන මව්පියෙකු සිටීනම් එම නිවසින් රුපියල් සියයක මුදලක් දඩමුදලක් ලෙස ළදරු පාසලට ගෙවිය යුතු බවට මව්පිය රැස්වීමේදී යෝජනා විය.
ළදරු පාසලේ ළමයින් දහඅට දෙනෙකු සිටියත් සෑම ශ්‍රමදානයකටම පාහේ සහභාගිවූයේ මව්පියන් දෙතුන් දෙනෙකි. අනෙක් අය ශ්‍රමදානය මගහරිමින් රුපියල් සියයක මුදලක් දඩ ලෙස ගෙවා එයින් මගහරිමින් සිටියහ. එක් දිනයක ශ්‍රමදානයට සහභාගි වූ අයෙකු පෙරපාසලේ පාලිකාවට යෝජනාවක් කළේය. “ටීචර් හැමදාම අපි දෙන්නා තුන්දෙනා ශ්‍රමදානයට ඇවිත් සුද්ද කරනවා. අනෙක් අය නිකම් ජාමේ බේරාගෙන රුපියල් සීයක් දීලා යනවා. ඒ නිසා මේ මුදල රුපියල් හාරසීයක් කරමු යැයි කීය.”
ඔහුගේ කතාව පෙරපාසල් පාලිකාව එක පයින්ම අනුමත කළාය. ඒ අනුව දඩමුදල වැඩිකර ඇති බව පැවසීමෙන් පසු ශ්‍රමදාන වලට නොපැමිණෙන මව්පියෝ සියලුම දෙනාද සහභාගි වූහ.
(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රමදානයට නොආවාට අමුතුම තාලේ දඬුවමක්
වසන්ත සිල්වා Thursday, 04 August 2016 03:34 AM
ඉතාමත් හොඳ අදහසක් (ම)
ජහුටා මාමා - සෞදි අරාබිය ( ජයතු ) Thursday, 04 August 2016 04:19 AM
තමාගේ දරුවා වෙනුවෙන් මාසයකට එක දවසක් වෙන්කරන්න බැරිද ? (ම)
කමල් පාලිත Thursday, 04 August 2016 08:03 AM
ඔය කියන ළදරු පාසලේ නිකන්ද උගන්නනේ. මාසෙකට පාරක් ශ්‍රමදාන වලට යන්න පුලුවන්ද මිනිස්සුන්ට.(ම)
කාශ්‍යප Thursday, 04 August 2016 10:05 AM
පාසැල පිරිසිඳුව පවත්වාගෙන යාම, හුණු ගෑම ආදිය එහි පරිපාලකයන්ගේ වගකීමක්. දරුවන් වෙනුවෙන් ගෙවන ගාස්තුවල මේ සියල්ල අඩංගුයි. මෝඩ, අහිංසක දෙමව්පියන් සිටින තාක් කපටි හොරුන්ට රජ මගුල්. දෙමව්පියන් සියලුදෙනා එක්ව මෙය පොලිසියට හෝ පැමිණිලි කරන්න. දරුවන් ගැන සිතමින් අසාධාරණයට නැගී සිටින්නට ඉඩදෙන්න එපා. (ම)
පකීර් Thursday, 04 August 2016 02:14 PM
මෙය පොලිසියට හෝ පැමිණිලි කරන්න. ගෙවන පාසැල හරියට තියාගන්න එක පාලිකාවගේ වගකීම. (රේ)