X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ශාලාව පැටලිලා තෑගි දෙකක් දීලා

(මීරිගම - විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැරදි මංගල උත්සවයකට ගොඩ වැඳී නාඳුනන මනාල යුවළකට ත්‍යාගය පිරිනමා සුබපතා නියමිත මංගල උත්සවය සඳහා යළිත් ත්‍යාගයක් මිලදී ගෙන ගිය ප්‍රභූවරයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


ගමක් බලාගන්නා රජයේ ආයතනයක හිටපු ප්‍රධානියෙකි. තම ගමේ හිතවතකුගේ දියණියගේ මංගල උළෙලට ඇරයුමක් ලැබිණි. මංගල උත්සවය පැවැතියේ ද ගමේම පිහිටි උත්සව ශාලාවකය.


නියමිත දිනයේ විශේෂ ත්‍යාගයක් ද සූදානම් කරගත් මේ ප්‍රභූවරයා මංගල උත්සවයට සහභාගිවීමට ගියේය. ගෙනගිය ත්‍යාගය මංගල උත්සව ශාලවේ පිහිටි ඒ සඳහා සූදානම් කර තිබූ මේසය මතින් තැබූ හෙතෙම මනාල යුවළට කතාකරන්නට පියමං තැබීය. අවට විමසිල්ලෙන් බැලුවත් දන්නා අඳුනන මුහුණු එකක්වත් පෙනෙන්නට සිටියේ ද නැත. මංගල උත්සවයට එක්ව සිටි පිරිස ද තමන් දෙස විමසිල්ලෙන් බලන බව ඔහුට පෙනී ගියේය.


මනාල යුවළට සුබ පැතූ ඔහු ඔවුන් දෙස මඳක් බලා සිටියත් මනාලිය තම හිතවතාගේ දියණිය නොවන බව ඔහුට තේරුම් ගියේය. දුරකතනය අතට ගත් මේ ප්‍රභූවරයා තවත් මහජන නියෝජිතයකුට ඇමතුමක් ගත්තේ තමන්ට සිදුවූ වරද දැනගන්නටය. ‘අයියේ වෙඩින් එක තියෙන්නේ උඩහ ශාලාවේ. එතනට එන්න.’ මිතුරා පැවසීමත් සමඟ දුරකතනය කනේ තිබියදීම කතාවක නිරත වෙන බව පිරිසට පෙනෙන සේ උත්සව ශාලාවෙන් එළියට ආවේ මේසය මත තැබූ ත්‍යාගය එසේම තිබියදීය.


එළියට ගිය මේ ප්‍රභූවරයා වහාම වෙළෙඳසැලකට පණිවිඩයක් යැවීය. ‘මම කලින් ගත් ත්‍යාගයක්ම නැවතත් පාර්සල් කර උත්සවශාලාවට එවන ලෙස’ දැන්වීය. ත්‍යාගය එන තුරු මංගල උත්සවයට නියමිත ශාලාවට ගිය මේ ප්‍රභූවරයා ටිකෙන් ටික මධුවිත තොල ගාන්නට වූයේ තමන්ට සිදුවූ වරද එයින්වත් වසා ගන්නා අදහසිනි. බෝතලේ ටිකෙන් ටික හිස්වෙද්දී හෙතෙම තමන්ට සිදුවූ වරද කියාපාන්නට වූයේ සිනාවත් හිතේ සැඟවුණු කණගාටුවත් සමගින්ය. ඒ අසල පැපරාසියකු සිටිනවා ඔහු දකින විට සියල්ල සිදුවී හමාරය.

 



අදහස් (0)

ශාලාව පැටලිලා තෑගි දෙකක් දීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site