රෝහලක අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමයක් සාදා දුන් සමාජ සේවකයකුට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් සම්බන්ධ පුවතක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අසන්නට ලැබිණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්නයේ පිහිටි ප්‍රධානතම රෝහලකි. එහි දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් රෝහලට අවශ්‍ය නොවන ද්‍රව්‍ය රාශියක් ගොඩ ගැසී තිබිණි. එක්තරා වැඩබලන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ අනුදැනුම පරිදි රෝහල පිරිසිදු කිරීමට රෝහල් කාර්යය මණ්ඩලයට නියෝග ලැබුණි.
දීර්ඝ කාලයක සිට එකතු වු ගඩොල් කැබලි, ඉවත ලන උළු, පස් ආදී ද්‍රව්‍ය රෝහල් භූමියේ ගොඩගසා තබා ගැනීම අනවශ්‍ය කාරණයකැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා තීරණය කළේය. එහෙත් ගැටලුවක් වූයේ ඒවා ඉවතලන්නේ කුමන ස්ථානයකට යන්නයි.
රෝහලේ ශ්‍රමදානය පවතිද්දි එතැනට ආවේ සමාජ සේවා කටයුතු කරන අයෙකි. ඔහු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාත් රෝහලේ කාර්යය මණ්ඩලයත් හොඳින් හඳුනන්නෙකි. වෛද්‍ය අධිකාරිවරයා පත්ව ඇති ගැටලුවට ඔහු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වූයේ සැනෙකිණි. එනම් ඉවතලන පස් ගඩොල් සහ උළු කැබලි තමන්ගේ නිවෙස පිහිටි පෞද්ගලික ඉඩමට ගෙනවිත් දමා ගන්නට පොරොන්දු වෙමිනි. රෝහලේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි සමාජ සේවකයාගේ නිවෙස පිහිටි ඉඩමට ඉවතලන ද්‍රව්‍ය ගෙනැවිත් දමන්නට ඔවුහු සාකච්ඡා කර ගත්හ.
ඉවතලන අපද්‍රව්‍ය ට්‍රැක්ටරයක පටවාගෙන රෝහල් සේවකයෝ සමාජ සේවකයාගේ දැනුම්දීම පරිදි ඔහුගේ නිවෙසට ගොස් ඒවා ඔහුගේ ඉඩමට ගෙනැවිත් දැමූහ. තවත් අපද්‍රව්‍ය ගෙනෙන අදහසින් ඔවුහු නැවතත් රෝහල වෙතට ගියහ.
ස්වල්ප වේලාවකින් සමාජ සේවකයා ඔහුගේ නිවෙසට ආවේය. දුටු දෙයින් ඔහුගේ යකා ඇවිස්සිණි. පස් උළු සහ ගඩොල් වෙනුවට තමන්ගේ ඉඩමට ඔවුන් ගෙනැවිත් දමා තිබුණේ සායනික අපද්‍රව්‍ය, ගෝස් කැබලි, සිලින්ජර කටු, වීදුරු, බෝතල් සහ ඉඳුල් වූ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකි. ඔහු වෛද්‍ය අධිකාරිවරයාට දුරකථනයෙන් ඇමතුමක් දී සිද්ධිය කීවේය. ඔහුටද කරකියා ගන්නට දෙයක් නැත. උදව් උපකාර කරන්නට ඉදිරිපත් වූ පුද්ගලයාට වරදක් සිදුවී ඇත. අනෙක් අපද්‍රව්‍ය ට්‍රැක්ටරය රෝහලේම නවතා තබාගන්නට ඔහුට සිදුවිය.
උපකාරයක් කරන්නට ගොස් සමාජ සේවකයාට සිදුවූයේ එදින දවස පුරා භූමිතෙල් දමමින් සායනික අපද්‍රව්‍ය පුළුස්සා දමන්නටය. ඔහුට බිරියගෙන්ද බැනුම් කෝටියකි.
(සිටිනාමළුව අනීෂා මානගේ)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සමාජ සේවකගේ උපකාරය ඔළුවට කඩා වැටිලා