X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


සල්ලි හොරකමකට හොරකුගෙන්ම උපදෙස් අරන්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 


කරුණාදාස මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. විශ්‍රාම ගියදා පටන් ඔහු ගමන් බිමන් ගියේ  එකම කුලී ත්‍රීරෝද රථයකිනි. කාලයක් යද්දී එම ත්‍රීරෝද රථයේ රියැදුරු ඔහුට දරුවකු මෙන් විශ්වාසවන්ත විය. 

විශ්‍රාම වැටුප් පත ගැනීමට ද කරුණාදාස  මහත බැංකුවට ගියේ මේ ත්‍රීරෝද රථයෙනි. විශ්‍රාම වැටුපෙන් කොටසක් ජීවත් වීමට අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට බැංකුවෙන් ගන්නේ කාඩ්පත උපයෝගී කරගෙනය. බැංකුවේ පෝලිමේ සිටීමට නොහැකි නිසාම කරුණාදාස මහතා මුදල් ලබා ගැනීමට බැංකු කාඩ් පත උපයෝගී කොට ගනී. 

එදා බැංකු කාඩ්පතෙන් මුදල් ලබා ගත් ඔහු ත්‍රීරෝද රථය බැංකුව ළඟම නතර කර තිබියදී ඒ ආසන්නයේම පිහිටි ඖෂධ ශාලාවකට පිය නගන්නේ මුදල් ලබාගත් බැංකු කාඩ්පත සහිත ගමන් මල්ල ත්‍රීරෝද රථයේ තබමිනි. 

කරුණාදාස මහතා පසුදිනක ත්‍රීරෝද රථයේ රියදුරුත් එක්ක බැංකුවට එන්නේ හදිසි අවශ්‍යතාවකට මුදල් ලබා ගැනීමටය. බැංකු කාඩ්පත යන්ත්‍රයට දැමිණ. බැංකු කාඩ් පත දමා තිබූ කවරයෙන් කොළයක ලියා තිබු රහස් අංකය ගෙන එය යන්ත්‍රයේ සටහන් කළේය. ගැනීමට බලාපොරොත්තු වූ මුදල සටහන් විය. සිය ගිණුමේ මුදල් නැත. කරුණාදාස මහතාට සිහින් දාඩිය දමන්න පටන් ගත්තේය. ගත කිටි කිටියේ ගැහෙන්න පටන් ගත්තේය. 

සිදුව ඇතිදේ ත්‍රීරෝද රථ රියදුරුට කරුණාදාස මහතා කීවේය. බැංකුවට මේ පිළිබඳව දන්වන ලෙස ඔහුට කීවේ ත්‍රීරෝද රථයේ රියදුරුය. ඒ අනුව දෙන්නාම මේ පිළිබඳව බැංකුවට දැනුම් දුන්නේය. වහාම අදාළ බැංකුව මේ පිළිබඳව සොයා බැලුවේය. 

කරුණාදාස මහතාගේ ගිණුමේ විස්තර වාර්තාවක් ගැනුණේ ඒ අනුවය. ඔහු අන්තිමට විශ්‍රාම වැටුප ගැනීමට බැංකුවට පැමිණිදාම දෙවරක්ම මුදල් ලබාගෙන ඇතැයි එහි සටහන්වී තිබිණි. තමා මුදල් ලබා ගත්තේ එක් වරක් යැයි ඔහු කීවේය. ඒ නිසා බැංකු කාඩ් පත්වලින් මුදල් ලබාගැනීමට යන්ත්‍රය සවිකර තිබූ ස්ථානයේ ක්‍රියාත්මක කර තිබූ සී.සී.ටීවී. කැමරාවේ එදින දර්ශන ක්‍රියාත්මක වූයේ කරුණාදාස මහතා සහ ත්‍රිරෝද රථ රියදුරා ඉදිරියේය. 

තමා එදා බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගෙන බැංකු කාඩ් පත ත්‍රීරෝද රථයේ දමා බෙහෙත් ගැනීමට ගිය පසු ත්‍රීරෝද රථයේ රියදුරු එය අරගෙන මුදල් ලබා ගන්නා අයුරු දැකීමෙන් කරුණාදාස මහතාට ඇස් අදහාගත නොවීය. 

දෙයියෝ සාක්කි, එහෙනම් මේ වැඩේ කරලා තියෙන්නේ මේ මිනිහානේ ඔහුට කියවුණේ ඉබේටමය. ඒ සමගම ත්‍රීරෝද රථ රියාදුරා එතනින් ලිස්සා ගොස් ඇත්තේ සිදුවෙන්න යන දේ සිදුවන්නට කලිනි. 

 



අදහස් (0)

සල්ලි හොරකමකට හොරකුගෙන්ම උපදෙස් අරන්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site