(වලව කේ.පී සුමනදාස)
ව්‍යාපාරිකයන් පිරිසක් රුපියල් පන්දාහේ දීමනාව ගැනීමට පොර කද්දී කිසිවකුගේ හව්හරණක් නැතිව තනිව ජීවත්වන පුද්ගලයකු රජයෙන් ලබා දෙන රුපියල් 5000 හේ දීමනාව එපා කියයි.
පෙරේදා (23) සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබුරුගල ග්‍රාමනිලධාරී වසමේ කිරිඉබ්බන්වැව ගම්මානයේ පිහිටි ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සුදුස්සන්ට රුපියල් 5000හේ දීමනාව ලබා දීමට අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.
මේ අතරතුර එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ටද රුපියල් 5000 හේ දීමනාව ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට බල කළහ. එහිදී නිලධාරීන් ව්‍යාපාරිකයන්ට 5000 හේ දීමනාව ලබා ගැනීමට සුදුසුකම් නොමැති බව කියා සිටියත් ඔවුහු එය පිළි නොගත්හ. ඔවුන් එසේ ආසාධාරණ ඉල්ලීම් කරද්දී ගම්මානයේ පදිංචි කිසිවකුගේ පිහිටක් නොමැතිව තනිව ජීවත් වන වියපත් අයෙක් තමන්ට ලබා දෙනු ලබන රුපියල් 5000 හේ දීමනාව අවශ්‍ය නොමැති බවත් එය රජයට ආපසු බාර දෙන බවත් පවසා රුපියල් 5000 ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. එවිට පන්දාහට පොරකන ව්‍යාපාරිකයෝ හීන් සැරේ එතැනින් මාරු වූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සල්ලිකාරයන් පන්දාහට පොරකද්දී නැති බැරි මිනිහා දීමනාව ආපහු දීලා
Walter White Saturday, 25 April 2020 01:16 AM
අන්න මිනිස්සු, ඔහොම තමයි ඉන්න ඕන. තමන්ගේ ශක්තියෙන් ඉන්න ඕන. ආණ්ඩුවේ ගැත්තෙක් වහලෙක් නොවී ඉන්න ඕන. තමන්ගේ වැඩේ තමන් බලාගන්න ඕන. එතකොට ආණ්ඩුවට ඕන ඕන හැටියට නටන්න බැහැ.
beau Saturday, 25 April 2020 03:48 PM
අපේ අයියලා ඔහොම තමයි සල්ලි වැඩිවෙන්න වැඩිවෙන්න කෑදරකමත් වැඩිවෙනවා...
Ruwan RSunday, 26 April 2020 03:57 AM
යන්නේ කොහෙද...මල්ලේ පොල්.....
kamala Monday, 27 April 2020 11:06 PM
කොස්ගම පැත්තේ යානවාහන හිමි කාන්තාවකුත් ලැජ්ජා නැතිව ගොස් රු. 5000 ලබාගෙනගලු. දුප්පත් අසරණ කන්න නැති කෙනෙකුට ලැබෙන්න ඕන සල්ලි නේද මම මේ ගන්නේ කියලා ඒ වගේ අයට හිතෙන්නේ නැත්තේ ඇයි? මේ අය හිතන්නේ හැමෝටම දෙනවනම් අපිටත් අයිතියි. අපිට අයිති සල්ලි අරන් අපි ඕන දෙයක් කරනවා යන මතයයි. හිතක් පපුවක් නැති සංවේදි නැති මිනිසුන් නිසා තමයි රට අද මේ තත්වෙට පත්වුනේ. තමන් ගැන විතරමයි හිතන්නේ.