(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා ලබාදෙන ආහාර මල්ල ගෙන යාමට තම නිවෙසට එන ලෙස දන්වනු ලැබූ ග්‍රාම නිලධාරිවරයකු පිළිබඳව ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වේ.
මෙම ගම්මානයේ නිවාස ගණනාවකින් කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා ඔවුන්ගේ ආශ්‍රීතයන් වූ නිවාස ගණනාවක පිරිස් නිරෝධායනයට ලක් කරන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇත. මෙම නිරෝධායනයට ලක් කළ පිරිස් සම්බන්ධ නාම ලේඛනය මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිට යවා ඇත්තේ එසේ නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා ආහාර මල්ල ලබාදීම සඳහාය.
මෙසේ ආහාර මල්ල සුදානම් කළ ග්‍රාම නිලධාරිවරයා ඒ ඒ පවුල් වෙත ඇමතුම් ලබා දෙමින් ආහාර මල්ල ලබා ගැනීමට එන ලෙසට දන්වා ඇති අතර නිරෝධායනයට ලක්වූවන් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ප්‍රදේශයේ මියගිය පුද්ගලයකු සම්බන්ධයෙන් ඡායාරූපයක් බලා ග්‍රාම නිලධාරිවරයා ලබාදුන් වාර්තාවක් අනුව මරණයක කටයුතු සිදු කර ඇතැයි ද එම පවුලේ සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හෙළිවීමෙන් පසු පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද වාර්තා වේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සහන මල්ල අරන් යන්න ග්‍රාම නිලධාරි ගෙදරට එන්න කියලා
ganegoda Monday, 31 May 2021 07:58 AM
පේනවනේ... සහන මල්ල කියන්නේ මොකක්ද? ඒවා කාට කාටද ලැබෙන්නේ කියලා... ?