X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


සහෝදරයාගෙන් වසන්වෙන්න දැරූ උපායෙන් පෙම් යුවළ අමාරුවේ

විවාහකයකු වූ ඔහු පෞද්ගලික ව්‍යාපාරිකයෙකි. ඇය පෞද්ගලික ආයතනයක සේවිකාවකි. දෙදෙනා අතර සබඳතාවක් වුවත් එය ගෙවල්වලට මෙන්ම රටටද රහසක් විය. පසුගිය දා යතුරුපැදියෙන් ගිය ඔහු මහ වැස්සෙන් බේරීමට මහ මඟ වූ වෙළෙඳ සලකට ගොඩ විය. මහ වැස්සට හසුවූ ඇය ද එහි වූවාය. එහෙත් ඇගේ අතෙහි කුඩයක් විය. දිගු වේලාවක් කතාබහේ නිරතවූ ඔහු ”මේක පායන වැස්සක් නොවේ. ඔයාට ඔෆිස් වෙලාව වරදිනවා. කුඩේ ඉහළගෙන බයික් එකේ යමු” කීවේය. එයට මුලදී අකමැති වූ ඇය පසුව එකඟ වූයේ වැස්සේ අඩුවක් නොවූ නිසාය. කුඩය ඉහළාගෙන ඔවුන් යතුරු පැදියෙන් ගියේ මඳ දුරකි. ඇය ඔහුගේ මුහුණ ආවරණය වන සේ කුඩය ඇල්ලීම නිසා යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව කාණුවකට පෙරළිනි. ඔහු බේරුණත් ඇයට සුළු තුවාල සිදු විය. අමාරුවෙන් නැගිට ගත් ඔහු සිදුවූයේ කුමක්දැයි ඇසූවිට ඇය කීවේ ඉදිරියෙන් තම සහෝදරයකු ආ නිසා ඔහු හඳුනා ගනීවි යැයි සිතා කුඩයෙන් මුහුණ ආවරණය කළ බවකි. ඔහුට යකා වැහුණත් ඒ බව නොපෙන්වා යළි ඇය යතුරුපැදියට නංවා ගත්තේ රෝහලට යාමටලූ.



අදහස් (0)

සහෝදරයාගෙන් වසන්වෙන්න දැරූ උපායෙන් පෙම් යුවළ අමාරුවේ

සෝනු Thursday, 01 November 2012 04:49 AM

අපේ රටේ මේ දේවල් කරන්නේ දෙවියන් වෙන්න ඇති නේද? (නි)

:       0       0

ජනක Tuesday, 06 November 2012 12:10 PM

කෙල්ලන්ගේ වැඩ නිසා අමාරුවේ වැටෙන්නේ මේ වගේ කොල්ලෝ තමයි (ස)

:       0       0

සචිනි Monday, 05 November 2012 12:23 PM

ඔහොම වෙලා මදි. අපරාදේ අහුවෙන්නමයි තිබුණේ. (නි)

:       0       0

සින්කෝ Sunday, 04 November 2012 04:04 PM

බයිසිකලයට හානියිද? (නි)

:       0       0

හේරත් Saturday, 03 November 2012 10:54 PM

ඔන්න ඇත්ත නෝනා එනවෝ.... (නි)

:       0       0

මධු Saturday, 03 November 2012 07:47 PM

හොද වැඩේ තහනම් ගහට නගින්න යනවට ඔහොම බේරුනේ අපරාදෙ...(නු)

:       0       0

සුනේත්‍රා මුණසිංහ Saturday, 03 November 2012 04:51 PM

මට දුක බයිසිකලය ගැනයි..

:       0       0

ලාල් Friday, 02 November 2012 09:11 PM

ලංකාවේ ගෑනුන්ගේ මොලේ හැදි ‍මිටේය කියන්නේ ඕකනේ (ස)

:       0       0

හේරත් Friday, 02 November 2012 12:50 PM

පද්මිගේ යාලුවගේ මොළය තිබුණේ හැදි මිටේ නෙමෙයි, කුඩ මිටේ. (නි)

:       0       0

හේරත් Thursday, 01 November 2012 10:33 PM

අනේ මට නුඹ ගැන දුකයි.. නංගි ගැනත් දුකයි.. බයිසිකලේ ගැනත් දුකයි.. අනේ අම්මපා ඔය කුඩේ තිබුණෙ නැත්නම් අපි කවුරුවත් රෝහලට යන්නේ නැහැනේ නංගෝ..!(නු)

:       0       0

සජිත් Thursday, 01 November 2012 10:30 PM

අයියෝ සල්ලි

:       0       0

තුෂාර Thursday, 01 November 2012 06:59 PM

හොඳ වැඩේ ඔහොම වෙලා මදි (ස)

:       0       0

වජී Thursday, 01 November 2012 02:11 PM

මට හරි හිනා (ස)

:       0       0

සිරෝමි Thursday, 01 November 2012 09:49 AM

අයියෝ සල්ලි

:       0       0

උෂාන් Thursday, 01 November 2012 06:01 AM

තහනම් ගහේ ගෙඩි කනවට හොද පාඩමක්. (නි)

:       0       0

සරත් Tuesday, 30 October 2012 10:18 AM

තහනම් ගහ ටිකක් අමාරුයි නංගී (ස)

:       0       0

සජිත් Wednesday, 31 October 2012 05:22 PM

කනගාටුයි

:       0       0

ජයී තිසර Wednesday, 31 October 2012 03:37 PM

ඔෆිස් යන්න වේලාවේ ප්‍රමාදයයි යතුරුපැදියෙ උපකාරේ ගත්ත හොඳයි අවේලාවේ කොයි යනවද වැස්ස තදයි සහෝදරය මේ වේලේ වැඩේ කැතයි (ස)

:       0       0

පද්මි Wednesday, 31 October 2012 10:24 AM

ගැහුණු මොලේ හැදි මිටේ තරමට කිව්වට තැනට සුදුසු නුවන ගැහැණියට තියෙන බව නේද මේ කිව්වේ (ස)

:       0       0

සිල්වා Tuesday, 30 October 2012 08:27 PM

තව පොඩ්ඩෙන් සේරම කුඩේ කුඩු..!(නු)

:       0       0

යොහාන් Tuesday, 30 October 2012 06:33 PM

දැන් බලන්නකෝ, හෙටත් ඕකම නොකරයිද කියලා. (නි)

:       0       0

දිනු Tuesday, 30 October 2012 05:39 PM

අනේ ඔහොම වෙලා මදි ඔය වගේ අයට..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 30 October 2012 04:34 PM

මෙහෙම කාන්තාවන් සමග හාදකම් පවත්වන මෝඩ පිරිමින්ට මේවා හොද පාඩම්. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 October 2012 02:26 PM

මේ වගේ අය ඉන්නකම් පිරිමින්ගේ විනාශය තමයි ඉතිං..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 30 October 2012 02:21 PM

මෝඩ ජෝඩුව (ස)

:       0       0

රොෂාන් රියාද් Tuesday, 30 October 2012 02:16 PM

ලංකාවෙ ගැහැණු ප්‍රතිශතය වැඩි නිසා පිරිමින්ට තමයි අඩුම තරමින් දෙක දෙක වත් කරගන්න වෙන්නෙ..?(නු)

:       0       0

සිල්වා Tuesday, 30 October 2012 12:38 PM

මුළු ලොව මගෙන් අසාවී...දැන් මම කුමක් කියම්දෝ (ස)

:       0       0

පිටිගල Tuesday, 30 October 2012 12:31 PM

මෙහෙමත් මෝඩ ගෑනියෙක් (ස)

:       0       0

ෂිෆාන් Tuesday, 30 October 2012 12:25 PM

යනවානම් අනේ මන් අරන් ..යන තැනකට යන්න රත්තරන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site