ඇඟලුම් කම්හලේ රැකියාවට ගොස් පැමිණෙන ඇය රාත්‍රි අටහමාරේ ටෙලිනාට්‍ය නැරඹීමට අමතක කරන්නේ නැත. එදිනද ඇය සිරිත් පරිදි ටෙලි නාට්‍ය නැරඹුවාය. එය අවසන් වනවිට රාත්‍රි නවය පසුවී තිබිණි. මේ අතර ඇයගේ ජංගම දුරකථනය නාද විය.
“හලෝ මිස් සුභානි, කොහොමද අපේ ලෙඩාට. යාළුවට උනදේ ගැන මට හරිම දුකයි” එහා කොනෙන් දිගු ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් විය.
“මේ මොන කෝලමක්ද මගෙන් ලෙඩෙක් ගැන අහන්නේ මේ වැරදි නොම්මරේකට කතා කරල තියෙන්නේ.” කියමින් ඇය දුරකථනය විසන්ධි කළාය.
පසුව ඇය ඇඟපත සෝදාගෙන රාත්‍රි ආහාරය ගෙන තම කාමරයට ගොස් ඇඳමතට වී අහස් මාලිගා මවන්නට වූවාය. මේ අතර යළිත් ඇයගේ දුරකථනය නාදවිය. “අනේ සොරි මට ඉස්සරවෙලා වැරදීමක් වෙලා තියෙන්නේ. අපේ යාළුවෙක් අද උදේ හදිසියේම අසනීපවෙලා හොස්පිට්ල් එකට ඇතුළු කළා. වාට්ටුවෙ මිසීට කතා කරන්න ඕන එකට මම ඔයාටයි කතා කරල තියෙන්නේ.
සිද්ධවුණ වැරදීමට තරහ වෙන්න එපා. “දුරකතනයෙන් ගලා ආවේ සමාව අයදින වචන මාලාවකි. ඇය කිසිත් නොකියා දුරකතනය විසන්ධි කළාය.
පසුදින ද එම වේලාවටම ඇයගේ දුරකථනය නාදවිය. ඇය නොම්බරය බැලුවාය. පෙර දිනයේම නොම්බරය විය. “හලෝ ඇයි ලෙඩා මළාද” ඇය එක්වරම ඇසුවාය.
“නැහැ නැහැ ලෙඩාට ටිකක් හොඳයි. මට හිතුන ඔයත් එක්ක ටිකක් කතා කරන්න. ඒකයි කතා කළේ. අමනාප වෙන්න එපා. “ඇයගේ හිත තරමක් සසල විය. ඒ රාත්‍රියේ බොහෝ වේලාවක් දෙදෙනා සිටියේ දුරකථනයේය.
මේ කතාව කොතරම් දුරදිග ගියේද යත් පසුව දෙදෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මුණ ගැසිණි. ඔහුගේ මුහුණදුටු ඇයගේ සිතට අලුත් හැඟුමන් උපදින්නට විය. ඇඟලුම් කම්හලේ තමා පසුපස එන කොල්ලාට වැඩිය මොහු කොතරම් අපූරුද? හරියට හින්දි නළුවෙක් වගෙයි” ඇය සිතුවාය.
“ඔයාගේ කටහඬ ඇහෙනකොට මම හිතුව ඔයා හරි ලස්සන ඇති කියලා හරියට හරි කටහඬ වගේම ඔයත් ලස්සනයි. කොහොමද අපි මුණ ගැහෙන්නේ. කවුද ගෙදර ඉන්නේ”
ඇය දුන් මග සළකුණු ඔස්සේ ඊළඟ සෙනසුරාදා රාත්‍රී ඇයගේ නිවස සොයා යාමට ඔහු තීරණය කළේය. ඒ අනුව රාත්‍රී දහයට පමණ ඔහු ඇයගේ නිවස අසලට ගොස් දුරකථනය නාද කළේය.
“මම ජනේලය ඇරල තියෙන්නේ ඔහොමම එන්න ජනේලය ළඟට. හැබැයි පරිස්සමින් එන්න.”
එහෙත් ඔහුට ජනේලය අසලට යාමට ලැබුණේ නැත. හදිසි අවශ්‍යතාවකට එළියට බැස සිටි අම්මා ඔහු දැක “හොරෙක් හොරෙක්” යනුවෙන් කෑ ගැසුවාය. ඔහුට පැමිණි පාරද අමතක විය.
අසල්වාසීන්ද පැමිණියේ හිස් අතින් නොවේ. විවෘතව තිබුණ ජනේලය ද වැසී ගියේය.
මේ අතර ඇයද එළියට පැමිණ “මේකා හොරෙක්ද කොහේද නැත්නම් මේ වෙලාවට ගෙවල්වල පිළිකණුවලට එනවද?” යනුවෙන් කෑ ගැසුවාය.
එහෙත් මේ අතර සිටි එක්තරා තරුණයකුට සිදුව ඇති දෙයට වඩා යමක් තිබෙන බවට තේරුම් ගියේය. එම තරුණයා ඉදිරිපත්වී ඔහුගෙන් සත්‍ය විමසා සිටියේය. ඔහු සියල්ල කියා සිටියේය. පසුව එම තරුණයාගේ මැදිහත්වීමෙන් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගියේය. එහෙත් සත්‍ය වසන් කිරීමට නොහැකිවිය. මේ නිසා ඇය විවාහ කර ගැනීමට සිටි තරුණයාද ඇය හැර ගිය අතර ඇය ද ඇඟලුම් කම්හලට සමු දුන්නාය.
(උණවටුන ඩී.ජී.සුගතපාල)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්කයිප් පෙම්වතිය සොයා ගිහින් පිළිකන්නේ හිරවෙලා