කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
නගරයේ වර්ණ රසායනාගාරයක් ඉදිරිපිට ප්‍රියමනාප අයුරින් සංස්කරණය කර ප්‍රදර්ශනය සඳහා ගසා තිබූ කාන්තා ඡායාරූපය සිය භාර්යාවගේ යයි සිතා එම ආයතනය ඉදිරිපිට යකා නටා නූලෙන් ගුටිනොකා බේරුණු අයකු පිළිබද පුවතක් ගාල්ලේ නගරයකින් අසන්නට ලැබේ.
මේ කාන්තාවගේ ඡායාරූපය ගසා දෑ අවුරුද්දකටත් වැඩිය. එය එහි ප්‍රදර්ශනයට තබා තිබුණේ ඇයගේ ද කැමැත්ත හා අනුමැතිය සහිතවය.
නගරය ආසන්නයේ ගමක මේ තැනැත්තා වාසය කළත් බස් නැවතුම් පොළ ඉදිරිපිට මාර්ගයේ මේ ආයතනය පිහිටා තිබුණු බැවින් මේ කාන්තා රූපය ඔහුගේ නෙත නොගැටෙන්න ඇතිවාට සැකයක් නැත.
එදා ඔහු එම මාර්ගයේ සිටියේ යතුරු පැදියට තෙල් ටිකක් ගහගන්නය. මෙහිදී මේ කාන්තා රූපය දුටු ඔහුගේ ඉහමොළ රත්වී ගියේය. එහෙයින් තැන නොතැන ද අමතක විය.
‘‘යකඩෝ මේ ඉන්නේ මගේ ගෑනිනේ. මේකි මගෙන් අහන්නෙත් නැතිව මෙතන ගහන්න පොටෝ එකක් දීලානේ,’’ කියමින් ඔහු එම ආයතනයට ගියේ කෑ මොර දෙමිනි.
‘තමුසෙලා කොහොමද මගෙන් අහන්නේ නැතිව මගේ නෝනව ප්‍රදර්ශනයට තියන්නේ’ යයි කියමින් ඔහු එතන යකා නටන්නට පටන් ගත්තේය.
ඒ විතරක්ම නොව සිය භාර්යාවට ද ඇමතුමක් ගෙන දෙස් දෙවොල් තිබ්බේය. මේ කතාවෙන් ආත බූත වූ ඇය තමා ප්‍රදර්ශනයට සිය ඡායාරූපයක් නොදුන් බව දිව්රා පැවසුවත් එය මායිම් නොකළ ඔහු ආයතනය සමග දිගින් දිගටම රණ්ඩු කළේය. එහි කාර්ය මණ්ඩලය මෙය ඔහුගේ භාර්යාව නොවන බව පෙන්වීමට කොතරම් මහන්සි ගත්තත් ඔහු කීවේ තමාගෙන් අවසරයක් නැතිව ගැසූ සිය භාර්යාවගේ රුව ගලවා දමන ලෙසය.
කියනදේ නොඅසන ඔහුට මේ ආයතනයට හිතැති පිරිස යහමින් නෙළන්නට සූදානම් වූ විට එහි කළමනාකරු මේ කතගේ රුව ඔහු පදිංචි ප්‍රදේශයේ අයෙකුගේ නොව වෙනත් ප්‍රදේශයක අයෙකුගේ බව ඔප්පු කිරීමත් සමගම ඔහුට නිහඬවම එතනින් හෙමින්ම ලිස්සා යන්නට සිදුවුණා ලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්ටුඩියෝවේ ගෑනු රූපයට සැමියා වල්ගය පාගාගෙන