(දූනගහ බටේපොළ විජයසිරි)
සිරිපාලගේ අත්තම්මා දඹදිව වන්දනාවේ යන්නට මහත් ආශාවකින් සිටියාය.
මේ බව දත් සිරිපාලත් පවුලේ ඥාතීනුත් ඇය දඹදිව වන්දනාවේ යැවීමට හොඳ නඩයක් ගැන විමිසිලිමත්ව සිටියහ.
මේ අතර ගමට යාබද ගමක පිරිසක් දඹදිව වන්දනා සමාගමක් සමග වන්දනාවේ යාමට සූදානම් වන බව ඔවුනට සැලවිය. මේ අවස්ථාව යෙදුණේ ඉතා කලාතුරකින් බැවින් සිරිපාලත් පවුලේ අනෙක් පිරිසත් අත්තම්මා දඹදිව යැවීමට සියලු කටයුතු සූදානම් කළහ.
වන්දනා සමාගමට මුදල් ගෙවා අල්ලපු ගමේ වන්දනාකරුවනට අත්තම්මා බලා ගන්නට යැයි දන්වා ඇයට ජංගම දුරකතනයක්ද ලබා දුන්නේ එය ක්‍රියා කරවන අයුරුද ඇයට කියා දෙමිනි.
අත්තම්මා ගමනට සූදානම් වුවද දුරකතනය ගෙන යාමට නම් කැමැති වූයේ නැත.
මේ පෝන් එක නම් මට එපා. ඔය අලුත් ජාතියෙ එකක් මටත් ඕන. ලැජ්ජයි නෙව මේ වාගෙ බාල ජාතියෙ පෝන් එකක් දඹදිව අරගෙන යන්න යි අත්තම්මා සිරිපාලට ඇත්තම කීවාය.
හරි අත්තම්මගෙ ආසාවනෙ මගේ ස්මාර්ට් පෝන් එක අත්තම්ම අරගෙන යන්න. මේක වැඩ කරවන හැටි අත්තම්ම දන්නවද සිරිපාල ඇසීය.
මට පුළුවන් පුතේ. මම දැකල තියෙනවා අපේ කෙලීත් ඕකෙන් කතා කොරනව.
අත්තම්මා සිරිපාලගේ අලුත්ම ජංගම දුරකතනයද ගෙන නියමිත දිනයේ දඹදිව ගියාය.
දින පහළොවකට ගිය වන්දනා ගමනේදී අත්තම්මා ගෙන් කිසිම පිළිතුරක් තොරතුරක් නැත.
පවුලේ ඥාතීහුද කලබල වූහ. දහවන දිනයේදී සිරිපාල දඹ දිව ගිය අල්ලපු ගමේ අයකුට කතා කළේය. අත්තම්මා ගැනත් ඒ සමගම විමසීය.
ඔහුගේ පිළිතුර වූයේ අත්තම්මා වන්දනා ගමනේ සුවසේ යෙදෙන බවය. ඇයට ගැටලුව වී ඇත්තේ ඇය ගෙන ගිය දුරකතනය ක්‍රියා කරවීමට නොහැකිවීම පමණකැයිද ඔහු දන්වා තිබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්මාට්ර් කතාවට අත්තම්මාගේ හිත ගිහින්