X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


සාජ්ජේ දාගෙන ගිය බස්දෙක දැක මගියෙක් බිමට පැනලා

(හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය)
එදා සෙනසුරාදා දිනයකි. සිද්ධිය නෙත ගැටුණේ හෙට්ටිපොළ සති පොළේදීය. කුරුණෑගල මාර්ගයේ සිට පැමිණි ටාටා බස් දෙකක් සාමාන්‍ය වේගයකින් හෙට්ටිපොළ නගරය පසුකරමින් හලාවත දෙසට ඇදෙන්නට විය.


බස් රථ දෙකෙහිම දෝංකාර දෙන සංගීත නාදය නිසාත් අත්පුඩි ශබ්දය නිසාත් මගදෙපසෙහි බඩු මිලදී ගනිමින් සිටි කීප දෙනෙක් බසය දෙස බැලූහ.
බස් රථ දෙකෙහිම තරුණ පිරිස සාජ්ජය පැවැත්වූවේ හිටගෙනය.


තරුණයන් අතරින්පතර තරුණ විය ඉක්මවූවන් කිහිප දෙනෙක් එලෙසින් සාජ්ජයට එක්වී සිටියහ. මේ අතර ඉදිරියෙන් ගමන් ගත් බස් රථයෙන් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් බස් රථයෙන් බිමට පැන්නේය. තමා ගමන් ගත් බස් රථයේ දී ලබාගත් සතුට අනෙක් බස් රථයෙන් ද ලබා ගැනීමට ඔහුට සිතෙන්නට ඇත.


බස් රථයෙන් පැන්න ඔහු බිම ඇදවැටිණි. බස් රථය සෙමින් ගමන් කළ නිසාවෙන් ඔහුට අනතුරක් නොවීය. වැඩ පෙන්වීමට ගොස් සිදුවූ අකරතැබ්බයෙන් ලැජ්ජාවට පත් ඔහු නැගිට කඩිමුඩියේ දිව ගොස් පිටුපසින් ආ බසයට නැග්ගේය.



අදහස් (0)

සාජ්ජේ දාගෙන ගිය බස්දෙක දැක මගියෙක් බිමට පැනලා

දුමින්ද Tuesday, 03 March 2015 04:12 AM

වයසට නොගැලපෙන වැඩක් වගේ (නදී)

:       0       0

කිත්සිරි Tuesday, 03 March 2015 05:14 AM

දමනය නොකළ සිතේ මහිමය තමයි. රස පසුපස කොච්චර දිව්වත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. (ර)

:       0       0

කුමාරි Tuesday, 03 March 2015 01:12 PM

ජීවිතය පරදුවට තබා ආශාවන් පසු පස හබා යාම. අන්තිමට ඉතින් අහෝ දුකකි. ඉරකි තිතකි. (ර)

:       0       0

රවිඳු Tuesday, 03 March 2015 03:01 PM

බස් රථයේ දොරවල් වහගෙන යන්න නීතියක් තිබුනා නම්, ඔය බයිලා වලින් වැඩක් නැහැනේ. මොන කරුමෙකට හරි බොහෝ දෙනෙක්ගේ වයස මේරුවාට මොළය මෝරන්නේ නැහැනේ. ඒකට ඉතින් අපි මොකද කරන්නේ? (නි)

:       0       0

මාලන් Tuesday, 03 March 2015 08:45 PM

ඔය මැදිවයසේ අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. හැබැයි හිතාගෙන ඉන්නේ නම් මහා ලොකුවට. (නි)

:       0       0

සුමිත් Wednesday, 04 March 2015 04:42 AM

මේ අයට මේක සුළු දෙයක් (දිල්)

:       0       0

හංසිකා Wednesday, 04 March 2015 04:13 PM

කුමාරිට තවම තිත මතකයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site