(කෑගල්ල - එන්. ආරච්චි)
සාදයක් සඳහා ගිය ග‍්‍රාම නිලධාරියකු යහළුවන් සමඟ මධුවිත පානය කරද්දී රාත‍්‍රී 11 ද පසුවී තිබුණි. මොහු බමන මතින් තම යතුරුපැදියෙන් නිවස බලා යාමට පිටත්වී තිබෙන අතර එහිදී ඔහුට නිවස සොයා ගැනීමට නොහැකිවී කනත්තකට ගොස් ඇත.
මංමුළා වූ ඔහු අලූයම 5 ට පමණ පියවි සිහියෙන් අගුරුවැල්ල ප‍්‍රදේශයේ තම නිවසට ගොස් ඇති අතර තම යතුරුපැදිය නැතිවීම පිළිබඳව රුවන්වැල්ල පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇත.
මේ අතර කනත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් එදින දහවල් හිමිකරුවකු නොමැති යතුරුපැදියක් කනත්තේ තිබීම පිළිබඳව රුවන්වැල්ල පොලිස් ස්ථානයට දැනුම්දී ඇත.
එහිදී ග‍්‍රාම නිලධාරිවරයා නැති වූ බව පැමිණිල්ලේ සඳහන් යතුරුපැදියේ අංකය හා කනත්තේ දමා ඇති යතුරුපැදියේ අංකය හා සැසඳීමේදී එකම අංකය බව තහවුරු වී තිබෙයි.
ඒ අනුව අදාළ යතුරුපැදිය ග‍්‍රාම නිලධාරිවරයාට ලබාදීමට කටයුතු කර ඇති අතර පෙර දින රාත‍්‍රියේ සිදුවී ඇති සියල්ල වටහා ගැනීමට සියලූ දෙනාටම අපහසුවක් නොවීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාදය නිමවී කනත්තක රැය පහන්කර යතුරු පැදියත් දමා ගෙදර ඇවිත්
pitigala Friday, 18 August 2017 05:03 AM
හා..හා..ජොලි පොරක්.ග්‍රාම නිලධාරී තුමා.