(කොටපොල - කේ. ප්‍රදීප් නිරෝෂන්)
ඔහු වයස්ගත පුද්ගලයෙකි. මිල මුදල් යහමින් ඇති බැවින් විනෝදවීමට ඉතා කැමැත්තක් දක්වයි. නැටුමට ගැයුමට ප්‍රියතාවක් දක්වන නිසා නිතර සැඳෑ සාදයන්ට සහභාගී වෙයි.
පසුගිය දිනෙක හෝටලයක සැඳෑ සාදයක් පැවැත්විණි. ඔහුට ද ඇරියුම් ලැබිණි. ඔහු සාදය සඳහා ගමන් ගත්තේ රතුපාට ට්‍රක් රථයකිනි. රථය හෝටල් රථ ගාලේ නැවැත්වූ ඔහු සිනාමුසු මුහුණින් සාදයට එක් වී මධුවිත තොල ගාන්නට විය. ඔහුගේ රථයේ වර්ගයේම කොළ පාට ට්‍රක් රථයක් හෝටල් රථගාලේ ඔහුගේ රථය අසලම නවතා තිබිණි.
පැමිණි සිටි සියලූදෙනා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මධුවිත පානය කළ ඔහුට නැටුමට සිත්විය. ඔහු ගැන හොඳින් දැන සිටි බිරිය සහ පුතා දුරකතන ඇමැතුමක්දී ‘‘දැන් බිව්වා ඇති ගෙදර එන්න’’ යයි පැවසූහ. එහෙත් ඔහු නැටුම නැවැත්වූයේ නැත. තවදුරටත් නිවෙසින් දුරකතන ඇමැතුම් ගලා එන්නට විය. බේරුමක් නැති තැන හොඳට සූර් වී සිටි ඔහු නිවෙසට යාම සඳහා රථයට ගොඩ විය. ඔහුට තමා පැමිණි රථය ද අමතක වී අසල නවතා තිබූ කොළ පාට ට්‍රක් රථයෙන් ගෙදර ගියේ යතුර ද එහිම තිබූ බැවිනි.
නිවෙසට ළඟා වූ පසු පුතා ගේට්ටුව විවර කරන විට දක්නට ලැබුණේ පියා වෙනත් වාහනයකින් පැමිණ ඇති බවයි. ‘‘කෝ අපේ වාහනේ. ඒක කාටද දුන්නේ? මේක මොකටද ගෙනාවේ? යනුවෙන් අසනතෙක් තමා පැමිණියේ වෙනත් වාහනයක බව ඔහු දැන සිටියේ නැත. සිය පුතා ද සමඟ ආපසු වාහනයට නැගුණු ඔහු තමාගේ වාහනය රැුගෙන ඒම සඳහා හෝටලය වෙත නැවත පැමිණෙන තෙක් සාදයේ සිටි අය ද ඒ බව දැන සිටියේ නැත. ඔවුන් නැවත පැමිණි පසු සූර් වී වාහනය මාරු වී ඇති බව සියලූ දෙනා දැන ගත්හ. පැමිණ සිටි අය අතරින් කිහිප දෙනකු හූ හඬ දී සිනාසෙන විට ඔහුට වගේම පුතාට ද ලජ්ජාව ඉවසාගත නොහැකිව දෙවියන් සිහි වුණාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාදයේදී සූර්වී වාහනය මාරුකරගෙන ඇවිත්
කටුගස්තොට අග්ගදස්සි හිමි Wednesday, 22 October 2014 08:06 AM
ඔය ලැජ්ජාව සුලු කාලයකට විතරයි. අියෙත් බීපුවම සේරම ඉවරයි. එදාට මාරු වෙන්නේ වාහනේ නෙමෙයි තමන්ගේ ගෙදර (නදී)
කිම් Monday, 27 October 2014 04:12 AM
අල්ලපු ගෙදර අන්කල් රෑ වෙලා ඇවිල්ල පාරේ ගෝරියක්. ත්‍රිවිල් මල්ලි 250 ඇති කියනවා, අන්කල් නෑ නෑ හැමදාම මම එන්නේ 300 ට කියල 300 දෙන්නම හදනවා. ත්‍රිවිල් මල්ලි හොඳ එකා නිසා වැඩිපුර ගන්න කැමති ත් නෑ කරදරේ බැරි නිසා දිපූ ගාන අරගෙනම ගියා (අ)
රංජන් පීරිස් Sunday, 26 October 2014 09:36 AM
රුවන්, එළවනකොට වෙනස තේරෙන තරමට සිහිය තිබුනා නම් අනුන්ගේ වාහනයක් අරන් යන්නේ නැහැනේ (නදී)
රත්නායන Saturday, 25 October 2014 08:27 AM
බොරු කියන්න එපා. අපේ රටේ බීලා යනකොට පොලිසියෙන් අල්ලනවානේ. (නදී)
සමාධි Thursday, 23 October 2014 06:38 AM
මෙයාගේ නෝනා හොඳ වෙලාවට එතන නොහිටියේ. නැත්තම් එහෙම නෝනවත් මාරු කරගෙන වෙන කාගේ හරි නෝනෙක්ව ගෙදර අරන් යයි.(හේ)
අප්පුහාමි Thursday, 23 October 2014 03:51 AM
අනේ අපි නොදන්නා බොරු ! (නදී)
ඉමල්ෂා Thursday, 23 October 2014 01:11 AM
මොහු කොහොමද දන්නෙ නැහැ අනතුරක් නොවී ගියේ? (නි)
නුවන් Wednesday, 22 October 2014 09:56 PM
පුදුම මිනිස්සු! (නි)
තුෂාර Wednesday, 22 October 2014 06:46 PM
මෙයාව හොයලා නඩු දාන්න.මෙහෙම අය නිසා අනතුරු වැඩිවෙනවා. (නි)
කින් බෙනට් Wednesday, 22 October 2014 05:56 PM
මේ ලංකාවේම තවත් සමාජ පන්තියක් තියෙනවා. එයාලා නම් මේ වගේ සැඳෑ සාද වලට ගිහින් මාරුකරගන්නේ වාහන නෙමෙයි (නි)
ටුආන් Wednesday, 22 October 2014 05:29 PM
මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
කරුණාපාල Wednesday, 22 October 2014 02:03 PM
කොහොමද අනිත් කාර් එකේ යතුර හම්බවුණේ.(හේ)
රුවන් Tuesday, 21 October 2014 09:28 PM
කවුද වාහනයේ යතුර වාහනයේම තියලා ගියේ? අනුන්ගේ වාහනයක් පදිනකොට රියදුරාට වෙනස තේරුනේවත් නැද්ද? (නි)
නෙලුම් Wednesday, 22 October 2014 07:54 AM
මේ කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ. (හේ)
සදුනි Wednesday, 22 October 2014 07:36 AM
ඒ කියන්නේ හොඳටම බොන්න ඇති.(හේ)
ජෙහාන් Wednesday, 22 October 2014 07:08 AM
මට පේන්නේ කොළ පාට රථයෙන් ආපු කෙනා එතනට ඇවිල්ල තියෙන්නෙත් සූර් පිටද කොහෙද .! නැතිනම් යතුර ඔහොමත් දාලා යාවිද ?(හේ)
ධනංජය Wednesday, 22 October 2014 07:08 AM
අනේ මේ, මේක නම් පට්ට පල් බොරුවක්. කතාව හරියට ගොතලා නෑ.(හේ)
මගලී ෆොන්සේකා Wednesday, 22 October 2014 05:18 AM
වාහන දෙකේම දෙන්නා යතුරු වාහනේම තියලා ගිහිල්ලා. නැත්නම් කොහොමද එහෙම වෙන්නේ අනේ මන්දා (නදී)
පද්මේන් Wednesday, 22 October 2014 04:30 AM
මේක බොරුවක් ද මන්දා (නදී)
ලසන්ත ජයවර්ධන Wednesday, 22 October 2014 03:20 AM
මේක බොරු කතාවක් වගේ පේන්නේ. (නදී)
යොමාල් Wednesday, 22 October 2014 01:17 AM
මේ තරමටම වෙරිද මෙයාට? (නි)
රෙජි-සිඩ්නි Tuesday, 21 October 2014 11:38 PM
මට පුදුම ඔයතරම් වෙරිමතේ හිටි ඔහු කොහොමද වාහනය පදවාගෙන ගියේ කියන එකයි. (නි)
රුවන් Tuesday, 21 October 2014 09:31 PM
මඟදි සුදු ඉරි කට්ටිය එහෙම වාහනය නැවැත්තුවා නම් මොහුට හූ හඬ කෙසේවෙතත් උතුර දකුණත් මාරුවෙයි. (නි)