(සිටිනාමළුව අනීෂ මානගේ)
සාස්තරකාරයකුගේ කීමට පොලිස් කූඩුවේ ඉන්නටත්, ප්‍රසිද්ධියේ පුද්ගලයකුට වැඳ සමාව ගන්නටත් වූ සිද්ධියක් ගිරුවාපත්තුවෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එකම පවුලේ කිහිපදෙනකු තමන්ගේ ප්‍රශ්නයකට දෙවියන්ගේ උදව් බලාපොරොත්තුවෙන් දේවාලයකට ගොස් ඇත. එහිදී සාස්තරයක් අසා පේනයක් බලා ඇති අතර එයින් කියවී ඇත්තේ ගමේ එක්තරා මනුස්සයකු සොහොනකින් පස් ගෙනැත් දෙහිත් එක්ක මතුරා නිවෙසේ හතර කොන වළ දමා ඇති බවයි.
එම පුද්ගලයා කවුදැයි මහත් ඕනෑකමින් ඇසූ විට දේවාරූඪයෙන් සිටි කපු උන්නැහේ පැවැසූ ලක්ෂණවලට අනුව මතකයට නැගී ඇත්තේ තමන්ගේම ගමේ සිටින මේසන් බාස් කෙනෙකි. සියලු යාතිකා අවසන්ව දේවාලයෙන් පිටවූ මෙම ඥාති පිරිස නිවෙසටවිත් කතිකා කරගෙන ඇත්තේ පේනයෙන් කියූ පුද්ගලයා උපක්‍රමශීලීව ගෙදරටම ගෙන්වාගෙන තඩිබාන්නටය.
එක් ඥාතියකු බාසුන්නැහේ හොයාගෙන ගිහින් චාටු බස් කියා නිවෙසට කැඳවාගෙනවිත් ඇති අතර එහිදී තරුණියක වන දුවත් රජයේ නිලධාරියකු වන බාප්පාත් සීයාත් එකතු වී එක පොරේට තඩිබා මෙම පුද්ගලයා පිටත්කර යවා ඇත. පහරකෑ පුද්ගලයාට දවස් දෙකක් රෝහල්ගතව සිටීමටත් සිදුව ඇති අතර ඔහු කළ පැමිණිල්ලක් නිසා මෙම ඥාති පිරිසට සිදු වූයේ පොලිස් කූඩුවේ කූරු ගනින්නටය.
සිද්ධිය සමථ කරන්නට සමථමූල මණ්ඩලයට බාර කෙරිණි. සමථ මණ්ඩල සභාපති ඉදිරියේ ඥාති පිරිස තමන් කළ වැරැද්ද පිළිගත් නිසා පැමිණිලිකරු පවසා ඇත්තේ ප්‍රසිද්ධ ස්ථානයකදී තමාට වැඳ සමාව ගන්නා ලෙසයි. එයට කැමැති වූ ඥාති පිරිස හිමිවරුන් දෙනමක ඉදිරියේ පැමිණිලිකරුට වැඳ සමාව ගෙන ඇත.
සාස්තරකාරයකුගේ කීම අසා වැඩ කළ ඥාති පිරිස එතැනින් පිටවී ගියේ තමන්ට අනාගතයට මතක හිටින පාඩමක් ඉතිරි කරගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සාස්තරයක් අසා ගේමක් දී එළිපිට වැඳ සමාව ගන්නත් වෙලා