X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


සැඟවුණු අමුත්තා නංගීටම අහුවෙලා

 

සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයකදී සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අය ඔහුගේ නංගී විසින් අල්ලා ගැනීමෙන් පසු තෑග්ග ගෙදරටම ලබා ගැනීමේ සිද්ධියක් දකුණු පළාතේ පැවැති අවුරුදු උත්සවයකදී අනාවරණය විය.

උදෑසනම සිට සැඟවුණු අමුත්තා තරගය විවෘත වූයෙන් අවුරුදු උත්සව භූමියට පැමිණි ලොකු කුඩා ගැහැණු පිරිමි බොහෝ දෙනෙක් ඔබ මොබ යමින් සැඟවුණු අමුත්තා සෙවීමට මහන්සි ගත්හ. මෙම අවුරුදු උත්සවයේ වේදිකාවේ පැවැති තරග කිහිපයක් විනිශ්චයට පැමිණි විනිසුරුවරු පවා සැඟවුණු අමුත්තා යැයි සිතා සමහරුන්ගෙන් ප‍්‍රශ්න කළහ. ජන ගී ගායනා තරගය විනිශ්චය කරන අතරතුර සැඟවුණු අමුත්තා සොයා ගනු ලැබීය. ඒ අනුව සැඟවුණු අමුත්තා වේදිකාවට ගොඩවිය.

ඒ සමඟ ඔහු සොයා ගත්තා කියන අයද වේදිකාවට නැග්ගේය. සැඟවුණූ අමුත්තා ලෙස පෙනී සිටියේ සංවිධායක මණ්ඩලයේ අයෙකි. ඒ අවස්ථාවේදී සැඟවුණූ අමුත්තා ලෙස පෙනී සිටි තැනැත්තාගේ නැගණිය මහත් ප‍්‍රීතියෙන් යුතුව මමයි සැඟවුණු අමුත්තා ඇල්ලූවේ යැයි කීවාය.

මෙය අවුරුදු උළෙලේ සිරි නරඹමින් සිටි බොහෝ දෙනෙකුට ද ඇසුණු අතර සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අයියා වෙන කෙනෙකුට සොයා ගැනීමට බැරිවී නංගීට අසුවීම අරුම පුදුම වැඩක් යැයි ඇතැමෙක් කසු කුසු ගාන්නට වූහ. සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අය ඒ බව නංගීට දැනුම් දුන්නාද නැතිනම් ඇයගේ දක්ෂතාවය නිසා සැඟවුණු අමුත්තා අල්ලා ගත්තාද යන්න බොහෝ අයට ප‍්‍රහේළිකාවක් විය.



අදහස් (0)

සැඟවුණු අමුත්තා නංගීටම අහුවෙලා

දුමින්ද Monday, 20 April 2015 04:35 AM

කොහොමත් දකුණේ නංගිලාගෙන් බේරෙන්න අමාරුවෙයි (බ)

:       0       0

රෝයි Monday, 20 April 2015 05:06 AM

මේ වගේම සිද්ධියක් මේ ළඟදි අපේ මහ බැංකුවෙත් වුනානේ අප්පා? (බ)

:       0       0

පහන් Monday, 20 April 2015 08:30 AM

කොල්ලෝ ගම හරහා දුවල(km15 වත් දුවනවනෙ ) හම්බවෙන්නේ කලිසන් රෙද්දක් .අවුරුදු කුමාරි ස්ටේජ් එක වටේ ගිහිල්ල 25000/= විතර තෑගි /හරිම අසාධාරණයි (බ)

:       0       0

නිර්මලා Monday, 20 April 2015 09:33 AM

කොහොමත් ඔය පළාතේ අය තෑගි මල්ල, පවුලෙන් පිටට යන්න දෙන්නේ නැහැ තමයි. තෑග්ග ගත්තට පස්සේ අමුත්තා සැඟවිල එහෙම නැද්ද? (බ)

:       0       0

පෝරගේ Monday, 20 April 2015 09:34 AM

ඒ නිසා තමයි මිලියන ගානක් වියදම් කරලා පඩිය අඩු මන්ත්‍රී කෙනෙක් වෙන්න හදන්නේ හැමෝම මොකද හොඳට කොමිස් ගහල රටේ දේපල සුරා කන්න පුළුවන්. අනික අපේ අය ඡන්දෙ දීලා මන්ත්‍රීලා කරගන්නවනේ. සමහර අයට මන්ත්‍රීලගෙන් ගුටිකන්න අංක රහිත වෑන්වල අතුරුදහන් වෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. (බ)

:       0       0

අනුර Monday, 20 April 2015 09:41 AM

මේකත් හරියට යහ පාලනය වගේ කථාවක් (බ)

:       0       0

ලක්සිරි Monday, 20 April 2015 10:59 AM

නැහැ අනුර, මේක හරියට ආශ්චර්යය වගේ ලස්සන කතාවක් එ්කනේ පවුලට විතරක් තෑග්ග ගියේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 April 2015 12:43 PM

මේක පසුගිය ආණ්ඩුව කාලේ කතාවක් වගෙයි නේද? (නි)

:       0       0

කුරුවිට Monday, 20 April 2015 06:26 PM

ඔව් ඉතින්. සැඟවුණ අමුත්තා ගෙදර කට්ටියට කතාකරලා කියන්න ඇති මම තමා අමුත්තා කියලා. ඕක ඉතින් කොහෙත් වෙන එකම දේනේ (නි)

:       0       0

සඳුන් Monday, 20 April 2015 09:29 PM

පවුල් ක්‍රමය පහලටම ගිහිල්ලා. අයියා විනිශ්චය. නැඟී දිනලා. තාත්තා ලොක්ක පුතා, බිස්නස් වගේ. (අ)

:       0       0

සරත් Monday, 20 April 2015 11:30 PM

අන්න නංගිලා, නියම අයියල (අ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 21 April 2015 12:10 AM

ලැබුනේ වටිනා තෑග්ගක් නම් අනුමානයක් නැහැ අයියා ටිප් එක දෙන්න ඇති. (අ)

:       0       0

රූ Wednesday, 22 April 2015 06:26 AM

ඒ ටිප් එක දීල තමයි හලෝ. (ස)

:       0       0

ධනුෂ්ක Wednesday, 22 April 2015 08:39 AM

ඔව් ඉතින්. සැඟවුණ අමුත්තා ගෙදර කට්ටියට කතාකරලා කියන්න ඇති මම තමා අමුත්තා කියලා. (ස)

:       0       0

සෙලිනා Wednesday, 22 April 2015 12:48 PM

මම ඉන්න රටෙත් අවුරුදු උත්සව තිබුනා. තරඟ ගොඩක් තිබුනා. අවුරුදු කුමරිය තෝරන වෙලාවේ ප්‍රශ්නයකුත් ඇහුවා සාමාන්‍ය දැනීම ගැන. එක්කෙනෙක්ගෙන් ඇහුවා ලංකාවට නිදහස ලැබුනේ කවදාද කියලා. මේ තරඟකාරිය මයික් එක අරගෙන කිවුවා පෙබරවාරි 14 කියලා. කොල්ලෝ විතරක් නොවේ හැමෝම හු කිවුවා. ඒ වුණත් පුදුමේ කියන්නේ තුන්වෙනියට තේරුණා. ඒ මොකද දන්නවද? දැනහැඳුනුම්කමට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site