X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


සැඟවුණු අමුත්තා සැඟවී දෙවියන් සිහිවෙලා

 දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ ග්‍රාමීය මුල්‍ය සමාගමක් සංවිධානය කළ අවුරුදු උළෙලක සැඟවුණු අමුත්තා තරගයක දී අපූරු සිද්ධියක් සිදුවිය.


අවුරුදු තරග සඳහා සහභාගීවීම සමිති සාමාජිකයන්ට පමණක් සීමාකර තිබිණ. ශාඛා සමිති හතකින් සමන්විත මව් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති අවුරුදු උත්සවයේ තරග සංවිධාන කිරීම හා ලබාදෙන ත්‍යාග තීරණය කිරීමේ කටයුතු එක් ශාඛා සමිතියකට පවරා තිබිණ.


අවුරුදු තරග අතරින් රහසිගත තරගයක් වූ සැඟවුනු අමුත්තා සෙවීමේ තරගයේ තොරතුරු රහසිගතව සිදුවිය යුතු බැවින් එහි වගකීම සමිතියේ භාණ්ඩාගාරිකතුමියට බාරදීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.


අවුරුදු උත්සවයේ වැඩි පිරිසක් ඉදිරිපත්ව තිබුණේ සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයට බැවින් එහි දැඩි තරගකාරී බවක් දක්නට ලැබිණි.


සවස හතර පමණ වන විට තරගකරුවන් උත්සවයේ සිටි සියලුම දෙනාට තට්ටුකර තිබුණ ද සැඟවුණු අමුත්තා සොයා ගැනීමට නොහැකි වීම නිසා බොහෝ දෙනා තරගය අතහැර තිබිණි.


ත්‍යාග ප්‍රදානය කරන අතරේ එම ස්ථානයට පැමිණි භාණ්ඩාගාරිකතුමියගේ බෑණාගේ පිටට භාණ්ඩාගාරිකවරියගේ දුව තට්ටුකර එම තරගයේ ත්‍යාගය ලබා ගත්තාය.


සැඟවුණු අමුත්තා තරගයේ අනෙකුත් තරගකරුවන්ට දෙවියන් සිහිවූයේ එවිටය.
(ඌරගස්මංහන්දිය - බී.ජී. අමරසිංහ)



අදහස් (0)

සැඟවුණු අමුත්තා සැඟවී දෙවියන් සිහිවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site