ගොම්මන් කළුවර වැටීමට ආසන්නය. සපත්තු මහන්නා පැමිණි අයකුගේ සෙෙරප්පුවක් මසමින් සිටියේ මුඛ ආවරණය නළලේ රඳවාගෙනය. ඔහු තත්පර කිහිපයකට වරක් මාර්ගය දෙස නෙත් යොමා සිටියේ තම කාර්යය කරන අතරතුරය. නිල ඇඳුමින් සැරසුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණෙනු ඔහුගේ නෙතගට හසුවිය. සපත්තු මහන්නා වහාම උඩු මහලට දිවගොස් අතුරුදන් විය.
සෙෙරප්පුව මසා ගැනීමට පැමිණි පුද්ගලයා මවිතයෙන් බලා සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එතැනට පැමිණියහ.
‘කෝ මෙයා? එක් නිලධාරියෙක් සෙරෙප්පුව සාදා ගැනීමට පැමිණි අයකුගෙන් විමසීය.
‘මමත් එයා එනකන් තමයි බලන් ඉන්නේ? හෙතෙම බොරුවක් ඇද බෑවේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විනාඩි කිහිපයක් බලා සිටියත් සපත්තු මහන්නා පැමිණෙන පාටක් නැත. ‘මගෙත් සපත්තුවක් මහගන්න ආවේ. මිනිහා නැහැනේ. අපි යන්නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිටව ගියහ.
සුළු වෙලාවකින් සපත්තු මහන්නා හති දමමින් පඩිපෙළ බැස ගෙන පැමිණියේය.
මම හිතුවේ මාව අල්ලන්න ආවා කියලා. මම ඊයේ මාස්ක් එක නළලේ දාගෙන හිටියා. මහත්තුරු ඊයේ මා දිහා බලාගෙන ගියා. අදත් එහෙමනේ හිටියේ. ඒකයි මම දිව්වේ? යැයි පවසා මුඛ ආවරණය හරිහැටි දමාගත් ඔහු තම කාර්යයේ යෙදෙන්නට විය. රාගම නගරයේදී සිදු වූවකි.ක්‍රිස්ටෝපර් සීපියන්.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැන්ටිපෝට්ලා දුටු සපත්තු මහන්නා පණ කඩාගෙන දුවලා