(හසලක වාර්තාකරු)
බිරියගේ අනියම් ඇසුර අසුවීමෙන් පසු බිරිඳත් දරුවන් දෙදෙනාත් නිවස ඇතුළු වෙනත් දේපළත් බිරියගේ අනියම් සැමියාට භාර දී නිවසින් පිටමන් වූ සැමියකු පිළිබඳ කතාවක් සෙංකඩගල පුරවරයේ ගම්මානයකින් වාර්තා විය.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන ඔහු 37 හැවිරිදි වියේ පසුවෙන දෙදරු පියෙකි. සිය සිව් හැවිරිදි හා සය හැවිරිදි දරුවන් දෙදෙනා සහ 35 හැවිරිදි රූමත් බිරියගේ සුව දුක් විමසා බැලීම සඳහා දිනපතාම දුරකථනයෙන් විමසීම් කිරීමටත් මාසයකට වරක් හෝ දෙවරක් ගමට පැමිණීමත් ඔහුගේ සාමාන්‍ය සිරිත විය. එසේ නිවාඩුවට පැමිණෙන ඔහු දින දෙක තුනක් නිවසේ නැවතී සිට පෙරළා රැකියා ආයතනය කරා යයි.
දිනක් ගමට පැමිණ මිතුරෙකු සමග කතා කරමින් සිටින විට ඔහුට අසන්නට ලැබුණේ හදවත කීරිගස්සන කතාවකි. ඒ බිරියගේ අනියම් ඇසුරක් පිළිබඳ කතා පුවතකි. එම පුවත මිතුරා පැවසුවත් සිද්ධිය විශ්වාස නොකළ අතර ‘කතාව ඇත්ත නම් ඒක අතටම අල්ලා ගමු’යි. ඔහු තමන්ටම කියා ගනිමින් මිතුරාට සමු දී නිවස බලා පැමිණියේය.
සිතේ ඇති වූ වේදනාවට පසු දිනම ඔහු සිය රැකියා ආයතනය කරා පිටත් විය. දින කිපයකින් පසු කාටත් නොදන්වා ඉතා හොර රහසේ මෙදින රාත්‍රියේම ගමට පැමිණ අසල නිවසක පදිංචි මිතුරාගේ නිවසට ගියේ බිරියගේ අනියම් ඇසුර අතටම අල්ලා ගැනීමේ අටියෙනි. මිතුරාගේ නිවසට පැමිණ සිය නිවස දෙස විපරමින් සිටින විට මිතුරා පැවසූ කරුණ නිවැරදි කරමින් රාත්‍රී 10ට පමණ සිය නිවස දෙසට කිසියම් අයෙකු ගමන් කරනවා තරු එළියෙන් ඔහුට සහ මිතුරාට දැකගැනීමට හැකි විය.
පැයක පමණ කාලයකින් පසු ඔහු තම නිවස අසල පදිංචි ඥාතීන් කීප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී පැවසුවේ හදිසි අවශ්‍යතාවක් නිසා වහාම තම නිවස කරා පැමිණෙන ලෙසටය. ඔහු ද මිතුරාත් මිතුරාගේ බිරියත් සමග ඔහුගේ නිවස බලා ගිය අතර මිතුරා නිවසේ පසුපස දොර ළඟ නතර කර ඉදිරි පස දොර ළඟට ගොස් දොරට තට්ටු කරමින් තමන් හදිසියේ පැමිණි බවත් දොර අරින ලෙසත් බිරියට පැවසුවේය. ඒ වෙන විටත් ඔහුගේ හදිසි පණිවිඩයට ඥාතීහු කීප දෙනෙකුත් නිවසට පැමිණියහ.
විනාඩි කීපයක් ගත වූ පසු පිටුපස දොර විවෘත වෙනවාත් සමගම එම දොර ළඟ සිටි මිතුරා එම දොර විවෘත කිරීමට නොහැකි වන සේ තද කර අල්ලාගෙන තිබේ. ඉදිරි දොර විවෘත නොවන නිසා ඔහු බිරියට තදින් කතා කර දොර අරින ලෙස කළ දැනුම්දීම නිසා ගැහෙන හදවතින් පැමිණ ඇය දොර විවෘත කළ පසු ඥාතීන් ද සමග නිවස තුළට ගිය ඔහු කෙළින්ම ගියේ කුස්සියටය. එහි සිටි 25 හැවිරිදි තරුණයාගේ අතින් අල්ලා ගත් ඔහු ‘ආ මල්ලි බය වෙන්න දෙයක් නෑ. මගේ ගෑනිට මම හොඳ නැති නිසානේ උඹ තෝරා ගත්තේ. ඒ නිසා මම උඹට කරදරයක් කරන්නේ නෑ’ යැයි කියමින් ඔහුව රැගෙන නිවසේ සාලයට පැමිණියේය.
පැමිණි ඥාතින් අතර බිරියගේ සහෝදරයෙකු ද විය. සියලු දෙනා ඇමතූ ඔහු පැවසුවේ ‘මගේ බිරිය මෙවැනි තත්ත්වයකට පත් වුණේ මගේ වරදින්. ඒ නිසා මම මේකේ වරද පිළිගන්නවා. හැබැයි අද ඉඳලා මේ ගෙදරත් මගේ දරුවෝ දෙන්නත් බිරියත් උඹට බාර දෙනවා. හැබැයි පුතෝ ළමයින්ටවත් ගෑනිටවත් උඹෙන් කරදරයක් අඩුපාඩුවක් වෙන්න බෑ. එහෙම වුණොත් මම නරකයි කියන්නත් එපා. ළමයින්ගේ අඩුපාඩුකම්වලට වියදම් කරන්න මම මාස් පතා සල්ලි එවනවා’ යැයි කියා සිය ඥාතීන් හා මිතුරන් ඉදිරියේ බිරියත් ළමයින් දෙදෙනාත් අනියම් සැමියාට භාර කරමින් කාමරයට ගිය ඔහු එහි තිබූ ඔහුගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කළමනා සියල්ල පිටතට ගෙන නිවසින් පිටමන් වූයේ ඒ වෙන විටත් මේ පිළිබඳව නොදන්නා නින්දේ පසුවෙන අහිංසක දරුවන්ට තමන් නිවසට පැමිණි බවත් මේ අවාසනාවන්ත සිද්ධිය ඔවුන්ට නොදන්වන ලෙසත් බිරියගෙන් හා ඥාතීන්ගෙන් ඉල්ලීමක් ද කරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියා ගේයි ඉඩමයි එක්කම අනියම් සැමියාට බිරිය තෑගි කරලා
Walter White Friday, 02 October 2020 06:06 AM
මෙන්න මිනිස්සු!, බොරුවට මරාගන්නේ නැතිව, ආදරය නැත්නම් වෙන් වෙලා සංතෝසෙන් ඉන්න ඕන, මේ මනුස්සය බුද්ධිමත් මනුස්සයෙක්. මේ කතාවේ රඟපෑමක් වගේ ඕවර් ගිහින් වගේ තියෙනවා තමයි, එත් ඒව අතහැරලා බැලුවම මේ මනුස්සය සුපිරි කියල පෙනෙනවා, රෙස්පෙක්ට් සර්.
sudda Friday, 02 October 2020 10:34 AM
මේ සැමියා හොඳ කෙනෙක් බව මේ කතාවෙන් පෙනෙනවා. ඒ වුණාට බිරිඳගේ සහෝදරයාට යුතුකම තිබෙනවා සිය සහෝදරියට සහ ඇගේ අනියම් සැමියාට ඉතා හොඳින් සලකන්න. දිගටම හොඳට සලකන්න ඕනෑ. ඒ වගේම දරුවන් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න...