(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
අවුරුදු දහයට අඩු දරුවන් සැමියා ළඟ තබා අනියම් සැමියා සමග පිටත්ව ගිය විසිහත් හැවිරිදි කාන්තාවක් පිළිබඳව අරුම පුදුම කතාවක් හක්මන ප්‍රදේශයෙන් වාර්තා වේ.
හක්මන ප්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිය ආගිය අතක් නොමැති බවට සතියකට පමණ පෙර පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. සැමියා සිදුකළ පැමිණිල්ලට අනුව පොලිසිය විවිධ ක්‍රම යොදමින් විමර්ශන සිදුකර සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියදී ඉකුත් 19 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් කාන්තාව බාර වී තිබේ.
සැමියා සහ දරුවන් ද පොලිසියට පැමිණ සිටි අතර සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී දරුවන් හා තමන් සමග යාමට එන ලෙස බිරිඳගෙන් සැමියා ආයාචනා කළ ද කාන්තාව එයට බලවත් අකැමැත්ත ප්‍රකාශ කරමින් අනියම් සැමියා සමග ජීවත්වන බව පවසා තිබේ.
කිසිවක් නොදත් අවුරුදු දෙකයි මාස හයක් සහ අවුරුදු හයක් සහ නවයක් වන දරුවන් තිදෙනා අසරණව මවුපිය දෙදෙනා අතරට මැදිව සිටි අතර කාන්තාව අවුරුදු දෙකයි මාස හයක් වයස පුතු ද රැගෙන අනියම් සැමියා සමග පිටව ගිය අතර සැමියා වැඩිමහල් පුතු සහ දියණිය ද රැගෙන හැඟුම්බරව පොලිසියෙන් පිටව ගොස් ඇත. හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලීන් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නීලා ද සිල්වා, උපපොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.කේ. ධර්මසේන යන මහත්වරු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියා ළඟ දරුවන් තියා බ්රිය තහනම් ගහේ නැගලා