(වියලුව වාර්තාකරු)
තම සැමියා නිවසේ දී පහර දුන් බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් කූඩුවේ රඳවා සිටිය දී බත් මුලක් ද රැගෙන ගොස් තම සැමියා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන්ට ඇවිටිලි කළ කාන්තාවක පිළිබඳ පුවතක් ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දිනක ප්‍රදේශයේ රෝහලකට ඇතුළු වූයේ සිය සැමියා පහරදුන් බව පවසමිනි. නිරන්තරයෙන් සැමියා පහර දෙන බවත් ඉන් තමුන් මෙන්ම දරු පැටවුන් ද දැඩි අපහසුතාවට පත්වන බවත් ඇය කියා සිටියාය.
ඒ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් වුණි. පොලිස් නිලධාරීනුත් ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමෙනි.
අත්අඩංගුවට ගත් සැමියා කළ වැරැද්දේ තරම අවබෝධ කර දුන් පොලිස් නිලධාරීන් ඔහුට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පවරන බව පවසමින් ඔහු පොලිස් සිර මැදිරියේ රඳවා තැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරන තුරුය.
සිද්ධිය සැලවීමත් සමගම ටිකට් කප්පවාගෙන රෝහලෙන් පිටව නිවසට පැමිණි බිරිඳ බත් මුලක් ද බැඳගෙන පොලිසිය වෙත දිවගොස් වැළපෙමින් පොලිස් කූඩුවේ සිටින සිය සැමියා නිදහස් කර දෙන්නැයි පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේ හඬා වැළපෙමිනි.
එහෙත් පැමිණිල්ල බරපතළ බව පැවසූ පොලිස් නිලධාරීන් කියා සිටියේ මේ වනවිටත් බිරිඳගේ පැමිණිල්ල මත ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවය.
දැන් එය වෙනස් කිරීමට තමුන්ට බලයක් නොමැති බවත් එය විසඳා ගත යුත්තේ අධිකරණය මගින් පමණක් බවත් ඔවුහු කියා සිටියහ.
නිවසේ සිදුවන සුළු ගැටුම් පොලිසිය තෙක් දුරදිග යෑම දෙවරක් සිතා කළ යුතු දෙයක් බව ද ඔවුහු ඇයට පහදා දුන්හ.
කූඩුවේ සිටින සිය සැමියා දෙස කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටි ඇය පොලිසියෙන් පිටව ගියේ ගෙයි ගින්දර පිටට දීමෙන් තමුන්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව තමුන්ටම සාප කර ගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගෙන් අම්බානක ගුටි කෑවත් බිරියගේ හදවත උණුවෙලා