(වියලුව වාර්තාකරු)
අසල්වැසි නිවසක කාන්තාවක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන සිය සැමියා ඉන් මුදවා ගැනීම සඳහා උපදෙස් පැතීමට නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයකු සොයා ගිය කාන්තාවකට වඳින්නට ගිය දේවාලය හිසේ කඩාවැටුනාක් වැනි සිද්ධියකට මුහුණ දීමට සිදුවීමේ පුවතකි මේ.
සිද්ධිය මෙසේය.
ඇය රූමත්ය. දෙදරු මවකි. රජයේ සේවිකාවකි. සිය සැමියා සමඟ සතුටින් පවුල් ජීවිතය ගත කළාය.
එහෙත් මෑතකදී ඔවුන්ගේ කුරුලු කූඩුවට හෙනහුරා පහත් වූයේ ඇය නොදැනුවත්වමය.
සිය සැමියා අසල්වැසි කාන්තාවක සමඟ පෙම් පලහිලව්වක පැටලීම ඊට හේතු විය.
රණ්ඩු සරුවල් කරගත්තද, දෙස් දෙවොල් තැබුවද, ඥාතීන් උපදෙස් දුන්නද එය නතරකර ගන්නට ඇය අසමත් වූවාය.
අවසානයේ ඇය සිය සැමියා ඉන් මුදවා ගන්නට හෝ වෙනත් විකල්පයකට යන්නට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියකු සොයා ගියේ වෙනත් විකල්පයක් නොතිබූ නිසාය.
දැඩි සංයමයකින් මෙන්ම උද්යෝගයකින් ඔහු, ඇගේ කතාවට සවන් දුන්නාය. ඉඳහිට සුසුමක් ද හෙලුවේ එය තමන්ට සිදු වූවා වැනි හැඟීමක් ඇයට ඒත්තු ගන්වමිනි.
තමා හමුවීමට පැමිණ සිටි සෙසු සේවාලාභීන් ද අමතක කර දැමූ ඔහු කාන්තාවගේ ප්රශ්නය වෙනුවෙන් වැඩි වෙලාවක් ගත්තේ ඇයට වැඩි ලෙන්ගතුකමක්ද පෙන්වමිනි.
එක් දිනකින් උපදෙස් දී අවසන් කළ හැකි ගැටලුවට ඔහු දින දෙක තුනක්ම වැය කළේ වේලාව ගැන පවා කිසිදු තැකීමක් නොකරය.
තෙවන දිනයේ තම සරණ සොයා පැමිණි කාන්තාවට ඔහුගෙන් ලැබුණේ අපූරු අවවාදයකි. ‘ඕවට උත්තර හොයන්න යන්න එපා. ඔයිට වඩා ප්‍රශ්න මට තියෙනවා. අපි දෙන්නත් ඒ විදියෙ සම්බන්ධතාවයක් පටන් ගමු. එයාට හොඳනම් ඇයි ඔයාට නරක’ ඔහු ඇඟට පතට නොදැනී කියා සිටියේ කාන්තාවගේ අතක්ද ස්පර්ශ කරමිනි.
ඒ වන විටත් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බව අවබෝධයෙන් සිටි කාන්තාව එක්වරම නැගී සිටියේ ‘මහත්තයෝ ඕවට එන්න එපා. තමුසෙලා මිනිස්සු අසරණ උනාම උදව්කරන්නේ ඔහොමද’ යැයි පවසමිනි.
තවත් මොන මොනවදෝ කියූ කාන්තාව ඔහු නිදහසට කරුණු කියන්නටත් පෙර එම ස්ථානයෙන් පිටව ගියේ මොහු සම්බන්ධව එහි සිටි සෙසු පිරිසටද පවසමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ අනියම් පෙම නවත්වන්න නීතිඥයාගෙන් අපූරු උපදෙසක්