X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සැමියාගේ අඹු පුරප්පාඩුව බිරියගේ නෑනාගෙන් පිරිමහගෙන

බිරියට සැමියා එපා වී ඔහු අත්හැර යාමෙන් ඇතිවූ අඹු පුරප්පාඩුව පියවා ගැනීමට සැමියා බිරියගේ ලේ ඥාති සහෝදරයකුගේ බිරිය සමග හාද වී ඇයත් සමග හොර රහසේ පැනයාමක් හා ඊට ප්‍රතිචාර දැක්වූ ඥාති සහෝදරයා පෙර කී සැමියාගේ බිරිඳ සමග පෙමක් ගොඩනගාගෙන ඇයත් සමග පැනයාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණි.


මෙහි මුලින් සඳහන් කළ බිරිඳ එක් දරු මවකි. සිය සැමියා ගංජා ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නකු නිසා ඔහුත් සමග දීග කෑමට තවදුරටත් නොහැකි යැයි කියා ඇය ඔහු අත්හැර ගොස් ඇත. ඒ සිය කුඩා දරුවා ඇගේ මවට බාර දීමෙනි.


ටික කලක් හුදකලාවේ විසූ ඔහුට බිරියක නැති පාඩුවත්, පාළුවත් තදින්ම දැනෙන්නට විය. සිය කසාද බිරියගෙන් පලිගැනීමට ඇවැසි සිතුවිල්ලක්ද ඔහුට පහළ වී තිබේ. කාරණා දෙකම ඉෂ්ට කර ගැනීමේ අරමුණෙන් ඔහු බිරියගේ ලේ සහෝදරයකුගේ බිරිඳ සමග හාදකමක් ගොඩනගාගෙන තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයත් සමග ඔහු නිවෙස්වලින් පැනගොස් දීග කෑමට පටන් ගැනීමය.


කසාද බිරිඳ ඥාති සහෝදරියගේ සැමියා සමග පැනයාමෙන් හුදකලා වූ මෙහි සඳහන් දෙවැනි සැමියා ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ බිරිය රැගෙන ගිය පුද්ගලයාගේ බිරිය සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇයත් රැගෙන පැන ගොස් තිබේ.


කලක් ගතවූ පසු මෙහි දෙවැනි වරට පැන ගිය යුවළ ගල්ගමුව පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.


පැමිණිල්ල විභාගයට කැඳවූ අවස්ථාවේ දික්කසාද වීමට අවශ්‍ය සිවිල් නඩුවක් පැවරීමට මේ පැමිණිල්ල දැමූ බව ඔවුන් පවසා ඇත. “ඇයි දික්කසාද වෙන්න හිතුවේ”යි පැමිණිල්ල විභාගයට ගත් විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් (48369) මහතා විමසුවේය. “නෑ... නෑ. අපි දෙන්නට නෙමෙයි. මට මගේ සැමියාගෙන්” කාන්තාව කීවාය. ‘මට මගේ බිරිඳගෙන්” පුරුෂයා කීය. පැමිණිල්ලක් දැම්මේ අපි දෙන්නට නීත්‍යානුකූල විවාහයක් වෙන්න ඔවුහු කීහ.


ඒ ගැන තොරතුරු විමසන විට මේ කතාව අනාවරණය වී ඇති බවත් “මඟුලක්, දෙමඟුලක්, දෙමඟුලක් විතරක් නෙමෙයි, දැන් සිව් මඟුලක් වෙන්නයි යන්නේ හා.... හා සිවිල් නඩුවක් දමා දික්කසාද ගන්න” යැයි පොලිසිය ඔවුන්ට උපදෙස් දී තිබේ.
(ගල්ගමුව නිහාල් ජයවීර)

 



අදහස් (0)

සැමියාගේ අඹු පුරප්පාඩුව බිරියගේ නෑනාගෙන් පිරිමහගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site