සිය උපන් දිනයට තමන්ට සුබ නොපතා කාර්යාලයේ යුවතියකගේ උපන් දිනයට සැමියා කෙටි පණිවිඩයක් මඟින් සුබ පැතීම පිළිබඳව උරණ වූ තරුණ දෙදරු මවක සැමියා ගෙවත්තේ වගා කර තිබූ කෙසෙල් ගස් කීපයක් කපා දමා විරෝධය පළ කිරීමේ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරන තිස් එක් හැවිරිදි වියේ පසුවන්නෙකි. රැකියාවට අමතරව ඉඩ ලද සෑම විටම ගෙවත්තේ කිසියම් වගාවක් කිරීම මොහුගේ සාමාන්‍ය සිරිතකි. එම වගාවෙන්ද ලැබෙනු යම් තරමක ආදායමද ඔවුන්ගේ ආර්ථිකයට එක්වේ.
ඒ බිරියගේ උපන් දිනයයි. එහෙත් එය ඔහුගේ මතකයේ නොතිබිණි. එදිනම ඔහුගේ කාර්යාලයේ කාන්තාවකගේද උපන්දිනය යෙදී ඇති බව මුහුණු පොත පරිශීලනය කිරීමේදී දැක ගැනීමට හැකිවිය. ඒ නිසා මුහුණු පොත හරහාම ඇයට සුබ පැතුම් එක් කිරීමට ඔහු අමතක නොකළේය.
මෙදින නිවාඩු දිනයක් හෙයින් සේවයට නොගොස් ඔහු ගෙවත්තේ වැඩ කටයුතුවල නිරත විය. එම කටයුතු නිමාවී නිවෙසට පැමිණ බිරිය හා දරුවන් සමග සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇය ඔහුගේ ජංගම දුරකතනය ගෙන මුහුණු පොතට පිවිසියේය. මුහුණු පොතේ සුබ පැතුමක් දුටු ඇයට උන්හිටිතැන් අමතක විය.
ක්ෂණයකින් යක්ෂාරූඪ වූවා සේ අත තිබූ සැමියාගේ ජංගම දුරකතනය පොළොවේ ගසා සැමියාට දොස් කියමින් හඬා වැළපෙන්නටත් පටන් ගත්තාය. ඒ අදට යෙදී තිබුණු තමන්ගේ උපන්දිනයට සුබ පැතුමක්වත් තෑග්ගක්වත් ලබා නොදී කාර්යාලයේ කාන්තාවකට මුහුණු පොත හරහා සුබ පැතීම ගැන උරණ වෙමිනි.
ඒ සමඟම නැගී සිටි ඇය වහා මුළුතැන්ගෙට දුව ගොස් පිහියක් රැගෙන ගෙවත්තට ගොස් සැමියා වගා කර තිබූ පැසුණු කෙසෙල් කැන් ඇති කෙසෙල් ගස් කීපයක් කපා බිම හෙළා දැමීමට පටන් ගත්තේ මහත්සේ හඬා වැළපෙමිනි.
ඇයගේ හැඬීමත් වත්තේ පවතින තත්ත්වයත් දැක වහා එම ස්ථානයට දිව ගිය ඇයගේ පියා ඇය අත තිබූ පිහිය උදුරාගෙන ඇය පෙසකට කැඳවාගෙන ගොස් කරුණු විමසුවේය. එහිදී ඇය පියාට පැවැසුවේ අදට යෙදී තිබෙන තමන්ගේ උපන්දිනයට සුබ නොපතා කන්තෝරුවේ කාන්තාවකට සුබ පැතීම නිසා තමන්ට මෙසේ කේන්ති ගිය බවත් දුක හා කේන්තිය තුනී කර ගැනීමට මෙසේ ක්‍රියා කළ බවත්ය.
පියාගේ මැදිහත්වීමෙන් සිද්ධිය සමථයකට පත් වුවත් දින කීපයක් යන තුරු ඔවුන් දෙදෙනා අතර කතා බහක් නම් නොවිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ උපන්දින සුබ පැතුමට බිරියට යක්ෂයා ආරූඪවෙලා
pakeer Friday, 07 October 2022 02:44 PM
මේවා සාමාන්‍ය සිද්ධි .ලංකාවේ ඉන්න පවුල් වලින් 98% ක්ම දික්කසාද නොවී ඉන්නේ.වෙන කරන්න දෙයක් නැති හින්දා .කැමැත්තකින් එකට ඉන්නවා නෙමෙයි.මොනවා කරන්නද'.බැඳගත්තා නම් බෙරේ එපැයි