තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ.
සිද්ධිය මෙසේය. ඔවුන් පුද්ගලික ආයතනයක වැඩ කළ සේවකයන් පිරිසකි. ඔවුන් මිතුරන් වූ අතර දිනක් එක් මිතුරෙකුට විහිළුවක් කිරීමට ඔවුහු කතිකා කර ගත්හ. ඒ මිතුරාගේ බිරිඳ තරමක් සැර ගැහැණියකි. ඔවුන් කතිකා කර ගත් පිරිදි කාන්තා යට ඇඳුමක් මිතුරාගේ බෑගයට දමා ඇත. මෙය අහම්බෙන් දුටු මිතුරා වහා ඔවුන් පිටව ගිය පසු යට ඇඳුම බෑගයට දැමූ මිතුරාගේ බෑගයට දමා ඇත. හවස වැඩ ඇරී ගිය පසු යට ඇඳුම සහිත බෑගය ගෙන ගෙදර ගිය අනෙක් මිතුරා තම කාමරයට ගොස් ඇඳුම් මාරුකර බිරිඳට තේ එකක් ගෙන එන ලෙස පවසා තම බෑගය අස් කිරීමේ දී මිතුරාට දැමූ යට ඇඳුම තම බෑගයේ තිබෙන දුටු ඔහුට දොලෝ රත්විය. මේ අතර බිරිඳ කාමරයට තේ රැගෙන පැමිණි අතර වහා ඔහු යට ඇඳුම පිටිපස්සට කරගෙන සිටි අතර ‘‘අද හුඟක් මහන්සි වෙලා වගේ මෙන්න තේ එක’’ යයි පවසා සැමියට තේ එක දුන්න ද තේ එක නොගෙන සැමියා ඇඹරෙන දුටු බිරිඳ සැක සිතා සැමියගේ අත පරීක්‍ෂා කිරීමේදී පිටිපස සඟවා සිටි කාන්තා යට ඇඳුම හසුවී ඇත. ‘‘ආ ගොඩක් මහන්සිවෙලා තියෙන්නේ මේකටද මනුස්සයෝ’’ කියමින් පහර දීමට පටන්ගෙන ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ බෑගයේ කාන්තා යට ඇඳුම දුටු බිරියගෙන් සබ්බුවක්
ඩිලාන් Monday, 28 December 2015 07:34 AM
අපේ කාර්යාලයේ එකේ ඉන්න කෙනෙක් තව කෙනෙක්ගේ බැග් එකට හිස් අරක්කු බෝතලයක් දාලා එයාගේ බිරිඳ දැකලා ලොකු අවුලක් වුණා.මේක කියපු ගමන් මට මතක් වුණේ එක. (ම)
විල්සන් Tuesday, 29 December 2015 04:38 PM
යට ඇඳුම් එක්ක ඇස් රතුවෙන විහිළු හොඳ නැහැ (නි)
සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 29 December 2015 02:01 PM
ගැහැණු යට ඇඳුම් සමඟ සෙල්ලම් නොකළ යුතු බව අමතක නොකරන්න (නි)
කාන්ති Tuesday, 29 December 2015 12:38 PM
බමුණුආරච්චි, දරාගන්න පුලුවන්ද බලන්න කලින් මේක විහිළුවක් කියලා නෝනා දැනගන්න ඕනෑනේ. අනෙක කට ඇරලා සිදුවුණ දේ මේකයි කියන්නේ නැතුව මහිලාවක් වගේ ඇඹරෙන පිරිමිකමෙනුත් වැඩක් නැහැ තමයි. (නි)
බමුණු ආරච්චි Tuesday, 29 December 2015 12:22 PM
ඔය වගේ විහිළුවක් දරාගන්න බැරි ගැහැණියකගෙන් මට නම් වැඩක් නැත (නි)
සුරනි Tuesday, 29 December 2015 10:19 AM
කාන්තාවන්ගේ වැරැද්දක් කියන්න බැරිවුණොත් අපේ එක පාඨක භවතෙකුට හිතට හරිම අමාරුයි (නි)
දුල්මි Tuesday, 29 December 2015 10:19 AM
මේ පුවතේ පිරිමි පාර්ශවයේ සටකපට වැඩ පිටබැද්දර ජයාට පෙනෙන්නෙ නැහැ. පැනලා විවේචනය බවලතුන් ගැන! (නි)
ජයමිණි Tuesday, 29 December 2015 04:59 AM
නහයෙන් අඩ අඩ ඉන්න අය ඉතින් ගෑනු උදවියගේ වැරදිම තමයි හොයන්නේ.ගෑණු උදවිය නැත්නම් තේත් නෑ මෙගොල්ලන්ට.(ම)
තුෂාරී Tuesday, 29 December 2015 12:38 AM
මොනම දේකටවත් අත උස්සා සැමියෙකුට පහරදෙන කාන්තාවන්ගේ පහත් ක්‍රියාව අනුමත කරන්න බැහැ. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කර වැදගත් විදිහට විසඳාගන්නේ නැතුව ගහගන්න යන්නේ ඇයි? (නි)
කස්තුරිආරච්චි Tuesday, 29 December 2015 12:38 AM
මෙයා නම් චණ්ඩි රැජිනක් වගෙයි (නි)
සේරම් පැරිස් Monday, 28 December 2015 10:30 PM
සැමියාට තිබුනේ ඒ කාන්තා යට ඇඳුම එවෙලේ පුදුම කරවන්න ගෙනා තෑග්ගක් සේ තම බිරිඳට දෙන්නයි. එහෙම වුණා නම් ගුටිකන්න වෙන්න නැහැ (නි)
නන්දලාල් Monday, 28 December 2015 07:05 PM
සිය බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් ඇයට තෑගි කිරීම සඳහා ගෙනා මෙම කාන්තා යට ඇඳුම, ඇයට " නිල වශයෙන් " තෑගි කිරීමට පෙර මේ බවලතා දැකපු නිසානේ මේ හුටපටය ඇතිවුණේ. (නි)
නන්දලාල් - ප්‍රංශය Monday, 28 December 2015 06:49 PM
මේක අර එදා බටහිර එන්රික්ගේ සංගීත සංදර්ශනයේ ඉතිරි කොටස වෙන්න ඇති. අර තනපටය ගළවලා ඔහු දිහාට විසිකරද්දී ඒකේ අනිත් කෑල්ල වෙන්න ඇති යාළුවා ඇහිඳගෙන බෑගයේ දැම්මේ.... (නි)
පිටබැද්දර ජයා Monday, 28 December 2015 01:19 PM
කාන්තාවන්ගේ හැටි ඔහොම තමයි කිසි විමර්ශනයක් නැහැ (බ)
යවනාඩ් Saturday, 26 December 2015 02:33 AM
හොඳ වෙලාවට අපේ බවලතුන්ට ඔහොම විහිළු මිතුරියන්ට කරන්න නොහිතෙන්නේ. (නි)
හේෂාන් Monday, 28 December 2015 04:19 AM
මේවා ඇස් රතුවෙන විහිළු (නි)
සිල්වි Sunday, 27 December 2015 06:10 PM
සමහවිට ඕව පව්ල් කඩන විහිළු . විහිළු කරනවානම් කරන්න ඕන තමන්ගේ යහළුවට මිසක් යහළුවාගේ පව්ලට නෙමේ (රේ).
රොකී Sunday, 27 December 2015 02:52 PM
මිනිහා ගායකයෙක් වෙන්න ඇති. මිනිහා ගායනා කරපු බයිලා වලට වසඟ වෙලා කෙල්ල ඕක තෑගි කරන්න ඇති. කලබල වෙන්න එපා. ඕක ඇතුලේ වෙන මොකක් වත් තිබුනේ නැහැනේ! (බ)
අබරන් Sunday, 27 December 2015 12:53 PM
දැන් නම් මිනිහට කියන්න තියෙන්නේ එන්රික්ස් ගේ සංගීත සංදර්ශනේ බලන්න ගියා කියලා.ගොඩේ ගොඩ...(බ)
බමුණු Sunday, 27 December 2015 11:11 AM
මේවා ප්‍රයෝගික විහිළු කියවා බලා විනෝද වෙනවා හැර වෙන කිව යුතු දෙයක් නැත. බිරිද ඇත්ත දැනගත්තම එයාටත් සිනහ යාවි. (බ)
රත්නායක Sunday, 27 December 2015 09:45 AM
ඉතින්... තේ එක තනි අතින් ගන්න බැරිද ...? (ර)
වෙලේ විදානේ, Sunday, 27 December 2015 05:52 AM
මේවා විහිළු නෙමෙ. (ර)
සුපුන් Saturday, 26 December 2015 11:07 AM
හොඳ වැඩේ (නි)
මනෝජ් Saturday, 26 December 2015 10:55 AM
හංගන්න ගිහිල්ලනේ වැඩේ වැරදිලා තියෙන්නේ. පෙර වැරදි නැත්නම් ඇත්ත තත්වය බිරිඳට කියන්න තිබුනා. (නි)
කසුන් ධර්මවංශ Saturday, 26 December 2015 10:35 AM
මේවා ඇස් රතුවෙන විහිළු. එච්චර හොඳ දේවල් නෙමෙයි (නි)
ජෙහාන් Saturday, 26 December 2015 09:52 AM
හොඳ වෙලාවට බවලතුන්ට ඔහොම විහිළු තමන්ගේ මිතුරියන්ට කරන්න හිතෙන්නේ නැහැ. එහෙම වුණොත් මුළු ලංකාවේම පිරිමි එළියේ රෙදි වනලා හමාරයි (නි)
චන්න Saturday, 26 December 2015 07:28 AM
අනුන්ට කල දේ තමන්ට. (ස)
ජයරත්න Saturday, 26 December 2015 02:51 AM
මේක නම් විහිළුවක් වෙන්න පුලුවන්. නමුත් මෙවැනි මානසික රෝගයකුත් තිබෙනවා. එනිසා විහිළුවටවත් මෙවැනි දේ කිරීම අනුමත කළ නොහැකියි. (නි)