(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පවතින තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු වුවත් පොලිස් නිලධාරීන් දැක සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීමට ගොස් තම බිරියට වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් යාපහු පුරවරයේ ගමකින් අසන්ටන ලැබුණි.
සිද්ධිය මෙසේය.
සැමියා හා බිරිය යතුරුපැදියකින් ගමනක් යාමට සූදානම් වූහ. පවතින තත්ත්වය නිසා දෙදෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අවනතව මුව ආවරණ පැළඳ ගත්හ. අතුරු මාවත් නිසා ටික දුරක් ගිය සැමියා මුව ආවරණය නිකට ආවරණයක් බවට පත් කළේය.
යතුරුපැදිය මහ මඟ නැවැත්වූ සැමියා සාක්කුවේ තිබූ බීඩියක් එළියට ගෙන දල්වා ගත්තේය.
ඉන් අනතුරුව බිරිය පිටුපස අසුනේ වාඩි වී සිටියදී සැමියා යතුරුපැදිය පදවන්නට වූයේ බීඩියේ ආතල් එකද විඳිමිනි.
ඉදිරියට යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් පිටුපසින් එන අයුරු ඔහුගේ නෙත ගැටුණි.
වහා බීඩිය වීසිකර හෙල්මටය අතරින් නිකටට තබා තිබූ මුව ආවරණය පළඳා ඔහු සුපුරුදු ගමන යමින් සිටියේය.
නිමේෂයකින් බිරිය විලාප දුන්නේ ඇයගේ සිල්ක් සාරිය පිච්චෙන බව පවසමින්ය.
වහා යතුරුපැදිය නැවැත්වූ සැමියා සාරිය පරීක්ෂා කිරීමේදී එය ගිනි ගන්නා බව දැක වහා නිවා දැමීය. ඒ වනවිටත් සාරිය පමණක් නොව යට සායේ කොටසක් ද පිළිස්සී තිබුණි.
පොලිසියෙන් බේරෙන්නට වීසි කළ බීඩි කොටය වීසි නොවී සාරියේ පැටලීමෙන් මෙම විපැත්තිය සිදුවී ඇති බව වටහා ගත් බිරියට එතැන් සිට යක්ෂයා ආරූඪ වුණාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ මුඛවාඩම අස්සෙන් පැන්නූ බීඩියෙන් බිරිඳගේ සාරියේ ගින්නක්