මොරගොල්ලාගම සිසිර කැලේගම
අසරණකමට පිළිසරණක් වන්නට ගිය අවස්ථාවේදී මතුකර ගත් සැකයක් නිසා කාන්තාවක අතරමං වූ පුවතක් පොල්පිතිගම අවට ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි.
ගම්බද පෙදෙසක සිට රාජ්‍ය සේවාවට යන එන විවාහක කාන්තාවකි.
ඇයගේ නිවෙස පිහිටා ඇත්තේ ප්‍රධාන මාවතේ සිට කිලෝමීටර් පහක් පමණ දුරකින් යුත් අතුරු මාවතකය. ඇය සේවය කරන්නේ නිවෙසේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරකින් යුත් රාජ්‍ය ආයතනයක ය.
සැමියාට මෝටර්රථයක් හා යතුරුපැදියක් තිබේ.
මේ නිසා සැමියා ඇය විටෙක ප්‍රධාන මාවතේ බස් රථයක් කරා රැගෙන ගොස් ඇරලයි. නැතිනම් සේවා ආයතනයටම ගෙනයයි.
සේවය නිමවා එන විටෙක නගරයට හෝ ආයතනයටම හෝ ගොස් ඇය නිවෙස කරා ගෙන එයි.
වෙනදා සැමියාගේ වාහනයෙන් ප්‍රධාන මාවතටත්, සේවා ආයතනයටත් ආව ගිය ඇයට තෙල් අර්බුදය හමුවේ අතුරු මාවතින් ප්‍රධාන මාවතට හෝ යාමට දැන් ක්‍රමවේදයක් නැත.
ඒ සැමියාගේ වාහනවලට තෙල් නැති නිසාය.
මේ නිසා ඇය මහ මඟට බැස්සේ කාගේ හෝ පිහිට පතා කිලෝමීටර් පහක දුර ගෙවා ප්‍රධාන මාවතට යාමටත් එතැන් සිට බස් රථයක නැගී සේවා ස්ථානය කරා යාමටත් ය.
ඇය නිවෙස ඉදිරිපිට පාරේ සිටියාය.
වාහනයක් පැමිණ එහි නතර විය. කාන්තාවෝ කීප දෙනෙක් ද එහි සිටිති.
ඇය යා යුතු ගමන ගැන ඔවුනට පැහැදිළි කළාය.
ඇය වාහනයට ගොඩකර ගැනීමට තරම් ඔවුහු කාරුණික වූහ.
ඒ සමඟම සැමියා අවට සිට ඔහුගේ දුරකථනයෙන් යන වාහනය වීඩියෝ කරන්නට විය.
ගිය වාහනය ගියාටත් වඩා වේගයෙන් ආපස්සට විත් නැවතත් නතර වුණි.
“ඇයි අපේ වාහනය වීඩියෝ කෙරුවේ” ඔව්හු ප්‍රශ්න කළහ.
“මේ මගේ නෝනා, ඇය වාහනයේ ගිය නිසා මං අපේ ආරක්ෂාවටයි එහෙම කෙරුවේ” ඔහු කීය.
“නැති කරදර දා ගන්න ඕනෑ නැහැ. නෝනාගේ ආරක්ෂාවට ඔයා ගාවම තියාගන්න. නෝනා බහින්න” කියා ඔවුහු ඇයව එළියට දමා නික්ම ගියහ.
“තමුසේ කරපු වැඩේ බලනවා. මට ඒ වාහනෙන් කන්තෝරුවටම යන්න තිබුණා ”යැයි කියූ ඇය යා යුතු ගමන නොගොස් අමනාපයෙන් මෙන් නිවාඩුවක් දමන බව පවසා ගෙට ගොඩවුණලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ වැඩි පරෙස්සමින් නෝනා මහ පාරේ දමා ගිහින්