X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


සැමියාගේ හොර පෙම අල්ලන්න බිරිය පොල්ලකුත් අරන් බසයට නැගලා

ශ්‍රී ලංගම බස් කොන්දොස්තරවරයකු වූ තම සැමියාගේ අනියම් පෙම අතටම අල්ලා ගැනීමට සමත් වූ කාන්තාවක් පිළිබඳව කුරුණෑගලින් වාර්තා වේ. දෙදරු පියකු වූ කොන්දොස්තර සැමියා තම බිරිය ද සමග ප‍්‍රීතියෙන් පවුල් ජීවිතයක් ගෙන ගිය අයෙකි. නමුත් එම පවුලේ සමගියට කණ කොකා හැඬුවේ සැමියා සේවය කරන බසයේ දිනපතාම ගමන් කළ තරුණියක සමග අනියම් සබඳතාවක් ඇති කර ගැනීම නිසාය.

සැමියා බසයේ සේවය කරමින් සිටින අතරේදී එම බසයේම ගමන් කරන තරුණියක් සමග පෙම්බස් දොඩමින් ගමන් කරන බව බිරියට දිනපතාම තොරතුරු ලැබෙන්නට විය. කුමන ආකාරයේ තොරතුරු ලැබුණද මෙය අතටම අල්ලාගෙන ඇත්ත නැත්ත දැන ගත යුතු යැයි සිතූ බිරිඳ ඒ සඳහා අපූරු උපක‍්‍රමයක් යෙදුවාය. මුහුණද ඇතුළුව සම්පූර්ණ සිරුරම ආවරණය වන ආකාරයේ කාන්තා ඇඳුමක් තම හිතවත් කාන්තාවකගෙන් ලබාගත් ඇය ඉන් සැරසී සැමියා සේවය කරන බසයට ගොඩවූයේ ලෝගුව තුළ පොලූ කැබැල්ලක් ද සඟවා ගෙනය.

මේ සිටින්නේ තම බිරිය යැයි නොදත් සැමියා ඇයට ද ටිකට් පතක් ලබාදී බසයේ ඉස්සරහට යන ලෙස පැවසූවේ තරමක් සැරපරුෂවය. එසේ කී සැමියා ඉන් පසුව බසයේ පිටුපස අසුනක අසුන්ගෙන සිටි තම පෙම්වතිය වෙත ගොස් පෙම්බස් දොඩමින් උකුළු මුකුළු කරන්නට විය. මේ බව දුටු බිරියට යක්ෂාරූඩ වී උන්හිටි තැනද අමතක විය. ඇඳුමේ හිස් ආවරණය ගලවා දැමූ ඇය සඟවාගන සිටි පොල්ලෙන් තම සැමියාටත් ඔහුගේ අනියම් පෙම්වතියටත් පහර දෙන්නට වූයේ ‘‘මේකා බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්. දැන් කොල්ලා වගේ බස් එකේ පෙම් කෙළිනවා” යනුවෙන් කෑ ගසමින්ය.

පහරකෑමට ලක්වූ පෙම්වතිය බසයෙන් බැස පලා යන්නට වූ අතර කොන්දොස්තරවරයාගේ බිරියද ඇය පසුපස හඹා යන්නට වූයේ සිදු වූ දේ වටහාගත නොහැකිව කොන්දොස්තර සැමියා පුදුමයෙන් මෙන් බලා සිටියදීය.



අදහස් (0)

සැමියාගේ හොර පෙම අල්ලන්න බිරිය පොල්ලකුත් අරන් බසයට නැගලා

සම්පත් Thursday, 25 February 2016 06:42 PM

හොර වැඩක්වත් හරියට කරන්න දන්නේ නැති හැටි (නි)

:       0       0

චතුර Wednesday, 02 March 2016 08:15 PM

ඒක මේක කොහොම වෙතත් ඹය ඇදුම නම් අපේ රටට ගැලපේන්නේ නෑ(අ)

:       0       0

දිසානායක Monday, 29 February 2016 03:23 AM

නියම දක්ෂ බිරිඳක් (නි)

:       0       0

චන්දි Saturday, 27 February 2016 03:52 PM

එහෙමයි කියලා අහලා තියෙනවා සරත්, නමුත් දැකලා නැහැ. මේ රටේ ඒ ඇඳුම අඳින්නේ නැහැනේ (නි)

:       0       0

සුදත් Saturday, 27 February 2016 01:08 PM

අපේ රටේ ඉන්නේම යල්පැනපු පරණ ක්‍රම වලට හිතන මිනිස්සු. (නි)

:       0       0

සරත් Saturday, 27 February 2016 12:30 AM

ඔය ඇඳුමෙන් ගොඩක් වැඩ කරනවා නේද චන්දි අක්කේ. (නි)

:       0       0

ගුණවර්ධන Friday, 26 February 2016 02:42 PM

වැදුනලු නියමෙට ඉතින් දැක්කද දුවපු දිවිල්ල... (ර)

:       0       0

රමණි Friday, 26 February 2016 05:18 AM

චන්දි හරි. මෙච්චර කාලෙකට ඔය ඇඳුම ගැන ඇහුනෙම නරක දේවල්. ඇත්තටම පොඩි ළමයින් බය වෙලත් තිබුනා. ඔන්න ඒකෙනුත් හොඳ දෙයක් වුණා. (අ)

:       0       0

වික්‍රම Friday, 26 February 2016 04:46 AM

අපේ කාර්යාලේ වැඩ කරපු මහත්මියක් රියදුරෙක් එක්ක සබදතාවක් පැවැත්තුවා..බලනකොට එයා තමයි බස් එක පටන් ගන්න තැනින්ම ගොඩ වෙන්නේ.පසුව අපි අවවාද කරලා නැවැත්තුවා..(අ)

:       0       0

චානක Friday, 26 February 2016 01:59 AM

ඒ වැඩෙත් නරකම නැහැ (නි)

:       0       0

දසුන් Thursday, 25 February 2016 11:52 PM

අනේ ඔය කවුරුහරි පිළියන්දල පැත්තටත් එන්න පොල්ලක් අරගෙන. ඒ පැත්තේ මංගල සේවා කාරයෙක් අනුන්ට කේන්දර බලලා විවාහ වෙන්න කියන ගමන් තමනුත් පෙම්වතියක් සෙට් කරගෙන. වැඩේ කියන්නේ දෙන්නාම වෙන අයත් සමඟ විවාහවෙලා ඉන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 February 2016 10:40 PM

මගේ අම්මෝ රූපවතියේ, සැර වැඩි නැද්ද? (නි)

:       0       0

ජනහිත Thursday, 25 February 2016 06:26 AM

අයියෝ ! අල්ලගන්න පුළුවන් උනේ බස් එකේ ගියහින්දා නේද ? (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 25 February 2016 05:14 PM

ජනහිත බස් එකේ ගිය නිසාම නොවේ, කවදාහරි ඕවා අහුවෙනවා. තමන් කරන තරමක් වැරදි වැඩ කරලා ගෙදර ගිහින් බිරින්ඳෑගේ හරි වැරදි හොයන ගොඩක් මහත්තුරු මේ වගේ කොතනකදී හරි අනාගන්නවා (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 25 February 2016 04:57 PM

මෙහෙමත් ගැහැණු? හැමදාම බස් එකේ නිකම් යන්න අර කොන්දොස්තරව රව්ට්ටලා නේද? රුපවති සොහොයුරියට නොතේරුනාට කාරණාව ඒකයි. (නි)

:       0       0

බුද්ධික Thursday, 25 February 2016 02:10 PM

අනේ, අහිංසක ජෝඩුව! මල් කඩන්න ගත්තා විතරක් වෙන්න ඇති. (නි)

:       0       0

චන්දි Thursday, 25 February 2016 01:35 PM

එහෙනම් ඒ ඇඳුමෙනුත් වැඩක් ගත්තනේ. හ්ම් හ්ම් හොඳයි හොඳයි (නි)

:       0       0

ජයරත්න Thursday, 25 February 2016 01:04 PM

හිනා වෙන්න හොඳ කතාවක්. ඒත් කවුරුවත් ආදර්ශයට නම් ගන්න එපා. ගෙවල් ඇතුළේ විසඳාගන්න තියෙන ප්‍රශ්න මහ පාරවල් වලට ගෙනගියාම ඒවායින් ලැජ්ජාවට පත්වෙන්නෙ අහිංසක දරුවන්. (නි)

:       0       0

සිසිර Thursday, 25 February 2016 11:25 AM

හිනාව නවත්තා ගන්න බැරුව ගියා මට. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 25 February 2016 09:55 AM

වසන්ත රත්නායක, ඒ මොකෝ අනේ? ඔයාටත් මෙහෙම සිද්ධියක් උනාද ? (ර)

:       0       0

රුපවතී Thursday, 25 February 2016 09:16 AM

හොද වැඩේ මාත් ලගක හිටියානම් බස් එකේ යකඩ පොල්ලක්වත් ගලවලා දෙනවා ඒ අක්කට උදව්වට. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 February 2016 08:57 AM

ස්වාමියාට ආදරේ බිරිඳක්. (ර)

:       0       0

වසන්ත රත්නායක Thursday, 25 February 2016 07:42 AM

කොහොමත් කුරුණෑගල ගෑහැණු වසයි. විශේෂයෙන් වාරියපොළ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site