වියලුව වාර්තාකරු
වෛද්‍ය උපදෙස් මත සිරුරේ වැඩිපුර ඇති සීනි සහ මේදය පාලනය කිරීම සඳහා රාත්‍රී ආහාරය ලෙස තැම්බූ එළවළු ආහාරයට ගත් පුද්ගලයකු නිවැසියන් නින්දට යන තෙක් බලා සිට මැදියම් රැයේදී බත් මුට්ටියක් උයාගෙන අනුභව කළ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
මැදිවියේ පුද්ගලයෙකි. විවාහකයෙකි. මැදි වයසට එළඹෙත්ම ඔහු විවිධ රෝගාබාධවලින් පෙළෙන්නට වූ අතර ඔහු පරීක්ෂා කළ පවුලේ වෛද්‍යවරයා ඔහුගේ රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ තවත් සෞඛ්‍ය පිළිවෙත් රැසක් සම්බන්ධයෙන් ද දැනුවත් කරමිනි.
සීනි, පිෂ්ටය මෙන්ම මේදය අධික ආහාර ගැනීම පාලනය කළ යුතු බවත් හැකි නම් තම්බන ලද එළවළු ආදිය වැඩිපුර ආහාරයට ගැනීම රෝගී තත්ත්වයට කදිම විසඳුමක් බවත් වෛද්‍යවරයා කියා සිටියේ ඔහුගේ බිරිය ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමිනි.
සියල්ල අවබෝධයෙන් අසා සිටි බිරිය එදින සිටම ඔහුට පිටි සහිත ආහාර, තෙල් ලබාදීම මුළුමනින්ම නතර කර දැමුවේ තම සැමියාට ඇති ආදරය නිසාමය. ඒ නිසාම ඔහුට රාත්‍රී කාලයේදී බොහෝ විට ලැබුණේ තැම්බූ එළවළුවක්, සුප් එකක් වැනි සුළු ආහාර වේලකි.
බඩ කට පිරෙන්නට බත් පිඟානක් කා දමා නින්දට යන ඔහුට බිරියගේ අලුත් ආහාර වට්ටෝරුවත් සමග නින්ද අහලකටවත් නොආවේය. එළිවෙනතුරු ඇඳේ එහාට මෙහාට පෙරළෙමින් ඈනුම් අරිමින් රැය පහන් කරන ඔහු දහවල් කාලය තිස්සේ ද නිදිකිරා වැටෙන්නට වූයේ රාත්‍රී කාලයේදී නිසි නින්දක් නොලැබීම නිසාය.
රාත්‍රී කාලයේදී වෑංජනයක් සමග බත් ටිකක්ම කෑමට කොතෙකුත් ආසාව තිබුණ ද බිරියගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.
පසුගිය දිනෙක ඔහු රැය මැද්දේ අවදි වූයේ බඩගින්නත් සමගම නින්ද අසලකටවත් නොපැමිණීම නිසාය.
හෙමින් සීරුවේ මුළුතැන්ගෙට රිංගා ගත් ඔහු කන්නට යමක් සෙවූවේ ඉවසන්නට බැරිම තැනය. බත් මුට්ටිය ද සෝදා තිබෙනු දුටු හෙතෙම මහ රෑම බතක් ළිප තබා කුකුළු මස් වෑංජනයක් ද සකස් කරගෙන සිත් සේ බත් පිඟානක් බෙදාගෙන රස විඳින්නට වූවේ නිවෙසේ කිසිවකුටත් නොදැනෙන්නටය.
මුළුතැන්ගෙය දෙසින් එන හඬ ඇසී ඒ පිළිබඳ විපරම් කළ බිරියට දැක ගන්නට ලැබුණේ මැදියම් රැයේ දුම් දමන බත් පිඟානක් ගිලදමන තම සැමියාය.
“මිනිහෝ මැරෙන්නද හදන්නෙ” යැයි උස් හඬකින් කෑ ගසමින් බිරිය ඔහු වෙත කඩා පැන්නේ ඒ වනවිටත් නින්දේ සිටි නිවෙසේ සෙසු පිරිස ද අවදි කරවමිනි.
දැන් මේ බිරිය නින්දට යන්නේ හාල් මල්ල ද සිය ඇඳ අසලින් තබාගෙන බව නිවැසියෝ කියති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැමියාගේ හොරා කෑම වළක්වන්න බිරිය හාල් මල්ල ළඟ බුදි