වයස අවුරුදු තුනක දියණියට සිය මව විසින් අතින් පහරක් එල්ල කළා යැයි උරණ වූ මිත්තනිය ලේලියට කොසු මිට කැඩෙනතුරු පහර දීමෙන් ලේලිය රෝහලේ ද මිත්තනිය කූඩු කර ඇතැයි ද කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල නගරයේ සිට තරමක් දුරින් පිහිටා ඇති ගම්මානයකි. මෙම ගම්මානයේ වයෝවෘද්ධ යුවළක් බාල පිරිමි දරුවා මීට වසර 10 කට පමණ ඉහතදී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන කෑගල්ලේ නිවසට කැන්දාගෙන පැමිණියාය. මෙම පිරිමි දරුවා බර වාහන රියැදුරෙකි. ලේලිය ද පසු කලක සිට කෑගල්ල ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක ඇඳුම් මසන්නියක් ලෙස සේවයට ආව ගියාය. ඔවුන් දෙදෙනාට දැනට ගැහැණු දරුවන්ම දෙදෙනෙකි. වැඩිමහල් ගැහැණු දරුවා ප්‍රදේශයේ පාසලක දෙවැනි පංතියේ ඉගනුම ලබන්නීය. දෙවැනි ගැහැණු දරුවාගේ යාන්තම් වයස අවුරුදු තුනකි.
මෙම වයෝවෘද්ධ යුවළගේ බාල පිරිමි දරුවා සෑම දිනකම අලුයම රියදුරු රැකියාවට නිවසින් පිටව යයි. ලේලිය ද පාන්දර අවදි වී කෑම උයා පිහා තබා පාසල් යන දියණියගේ ඇඳුම් ද සූදානම් කර අලුයම 6 ට පමණ ඇය ද ඇගළුම් ආයතනයේ රැකියාවට පිටව යන්නීය.
පිරිමි දරුවා හා ලේලිය පාන්දර රැකියාවල්වලට නිවසින් පිටව ගියාට පසුව ඔවුන්ගේ පාසල් යන දරුවා මූණසෝදා කවා පොවා ඇඳුම් අන්දවා මිත්තනිය විසින් සූදානම් කිරීමෙන් පසුව පාසලට ඇරලවන්නේ සීයා විසින්ය. පාසල නිමා වීමෙන් පසුව යලි මිනිපිරිය රැගෙන ඒමට වයෝවෘද්ධ යුවලගෙන් කෙනෙක් ද යන්නේය.
තරුණ යුවළ රැකීරක්ෂාවලට ගොස් සවස හත අට වෙන විට නිවසට පැමිණෙති. ඇතැම් දිනවලදී කළුවර වැටුණු අවස්ථාවක ලේලිය රැගෙන ඒමට මාමණ්ඩිය හෝ නැන්දම්මා පාරට යන්නේය. මව්පියන් රාත්‍රියට පැමිණිය ද ගැහැණු දරුවන් දෙදෙනා මව්පියන් අසලට නොයන අතර රැගෙන එන දෙයක් කා සුපුරුදු පරදි ඔවුන් දෙදෙනා වසර ගණනාවක සිට හුරු වී ඇති පරිදි මිත්තනිය අසලට යන්නේය. වැඩිමහල් දියණිය රාත්‍රියට මිත්තනිය අසලට වී නිදා ගන්නේය. වයස අවුරුදු තුනක දැරිය මිත්තනිය විසින් කකුල් දෙක මත තබාගෙන කවි ගායනා කර නිදි කරවා ඇයත් අසලින්ම දරු දෙදෙනා දෙපැත්තෙන් තබාගෙන නින්දට වැටෙන බව අනාවරණය වෙයි.
දැරියන් දෙදෙනාගේ මවට ඉකුත් ඉරිදා නිවාඩු දිනයක් විය. පෙරවරුවේ ඇය අධික වර්ෂාපතනය මධ්‍යයේ රෙදි පෙරදී සේදීමට හිස ආවරණය කරගෙන නිවස පිටුපස වතුර ටැංකියට ගියේය. වයස අවුරුදු තුනක දැරිය ද තෙමි තෙමී රෙදි පෙරදී සෝදමින් සිටි මව ළඟට දිව ගොස් කුඩා ප්ලාස්ටික් බාල්දියෙන් වතුර ටැංකියෙන් වතුර ගැනීමට ගියාය. වැස්ස පේන්නේ නැද්ද තෙමිලා උණ හෙම්බිරිස්සාව සෑදෙයි ගෙට යන්න යැයි පවසා තරුණ මව විසින් අතින් දැරියට පහරක් දී නිවසට යැවීමට කටයුතු කර ඇත. පසුව දැරිය හඬාගෙන අම්මා ගැහුවා යැයි පවසා මිත්තනියට ගොස් කීවාය.
“ඇයි කෙල්ලට ගැහුවේ මම දවල් තිස්සේම බලා හදා ගන්නවා එකක්වත් ගහන්නේ නෑ යැයි දොස් පැවරුවාය.
“අම්මා එහෙම හදන හින්දා තමයි දරුවන් දෙන්නා හොඳටම මුරණ්ඩු වෙලා ඉන්නේ අම්මයි තාත්තයි කියන දෙයක් පොඩි දුව අහන්නෙම නෑ නැන්දම්මා ලේලිය අතර වචන හුවමාරුවක් සිදුව නිවස තුළ ගිනි ගන්නට විය.
දැන් හොඳටම ඇති දෙන්නම කටවල් වහ ගනිල්ලා” නැන්දම්මාගේ හා ලේලියගේ වචන හුවමාරුව නතර කිරීමට මැදිහත් වී දැරියන් දෙදෙනාගේ 76 හැවිරිදි සීයා පැවසීය.
අවසානයේ දෙන්නාගේ කටවල් වැහුණේ ද නැත. නැන්දම්මා නිවසේ තිබුණු කොස්ස ගෙන ලේලියට පහරවල් කිහිපයක් එල්ල කළාය. එහිදී කොස්ස දෙකට කැඩුණි. ලේලිය ද ප්‍රති ප්‍රහාර දීමට පසු බට වූයේ නැත. නැන්දම්මා අත ඉතිරිව තිබුණු කොසු මිට කැබැල්ල උදුරාගෙන නැන්දම්මාට එල්ල කිරීමට ගිය අවස්ථාවේ මැදට ගිය වයෝවෘද්ධ පුද්ගලයාට ද කොසු පහරක් වැදුණි. පසුව ලේලිය ඇඳුම් සේදීම පසෙකලා රෝහලට ගොස් තැලීම් තුවාලවලට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට නතර වූවාය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය විසින් අදාල නිවසට ගොස් නැන්දම්මා අත්අඩංගුවට ගෙන රැගෙන පැමිණ ප්‍රකාශයක් ලබා ගෙන පොලිස් ඇපයක් මත නිදහස් කර යලි විමර්ශනයක් සිදු කිරීමට ඉදිරි දිනක පොලිසියට පැමිණෙන ලෙස දන්වා කාන්තාව ආපසු නිවස කරා යවා ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිඟිත්තියක් මට්ටු කළාට නැන්දම්මා ලේලියට යුද ප්‍රකාශ කරලා