දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සැකසූ දහවැනි ශ්‍රේණියේ වාර විභාග ගණිත ප්‍රශ්න පත්‍රයට අපූරු පිළිතුරු දෙකක් ලියූ සිසුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් වාර්තා වේ.
දකුණේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට ගණිත විෂය අරහංය. එය හරියට වහ කදුරු මෙන්ය. ඒත් ඔහු සෑම වාර විභාගයකදීම සැලකියයුතු ලකුණු ප්‍රමාණයක් ගණිතය විෂයට ලබා ගත්තේය. ඒ ඔහුගේ යහළු යෙහෙලියන්ට පිංසිදු වන්නටය. ඔහු එක්කෝ සිය යහළු යෙහෙළියන්ගෙන් ප්‍රශ්න පත්‍රයේ ඇති ගණන්වලට පිළිතුරු අසාගනී.
නැතහොත් ඔවුන්ගෙන් කොපිකර ගනී. එහෙත් මෙදාපාර දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දහවැනි ශ්‍රේණිය සඳහා සැකසූ ගණිත ප්‍රශ්න පත්‍රය ඉතා හොඳ මට්ටමක තිබුණේය. බොහෝ ගණිත ගැටලු තිබුණේ හොඳට හිතා මතා කිරීමටය. මේ නිසා සෑම ළමයෙකුටම තව කෙනෙකුට උදව්වක් හෝ කොපි කිරීමට අනුබලයක් ලබාදීමට කාලයක් නොතිබිණි.
මේ නිසා මේ සිසුවාට මෙවර ගණිත ප්‍රශ්නයට පිළිතුරු අසා ගැනීමට යහළුවන්ගෙන් උදව් ගැනීමට නොපුළුවන් විය. එමෙන්ම කොපිකර ගැනිීමටද අවස්ථාවක් නොවීය. ඒ ඔහුට උදව් කිරීමට කාටවත් වෙලාවක් නොතිබූ නිසාය. මෙයින් කෝපයට පත්වූ මේ සිසුවා ප්‍රශ්න පත්‍රයේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙලෙස ලිව්වේය. මේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනා ලොකු නයා කාපිය. අනෙක් ප්‍රශ්නයට ලිව්වේ මෙය බලන කෙනා පොඩි නයා කාපිය යන්නය. මේ පිළිතුරු දෙක ලිව්වේ ඔහුට වෙනත් කරන්න දෙයක් නොතිබූ නිසාය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිසුවකුගෙන් ගණිත ප්‍රශ්න පත්‍රයට ‘නයි’ පිළිතුරක්
ජයරත්න Monday, 01 August 2016 05:42 AM
පන්ඩිතකම් නැතුව පාඩම් කරලා විභාගයට සූදානම් වුනා නම් නේද හොද. නිවැරදි ක්‍රමවේදයකට අනුව අලස නොවී අභ්‍යාස කලහොත් ව්භාග වලට සාර්ථකව මුහුන දියහැකි බව සමහර ළමයි දන්නෙ නැහැ. (හේ)
හිමාල් Monday, 01 August 2016 06:37 AM
ප්‍රශ්න පත්‍රය බලපු කෙනාට මොනා හිතුනාද දන්නේ නෑ.(හේ)
හිමාල් Monday, 01 August 2016 08:22 AM
පරණ කතාවක්..(රේ)
නිලුපුල් Monday, 01 August 2016 09:55 AM
'දකුණේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට ගණිත විෂය අරහංය‘ ඉහත යෙදීම කිසිසේත් සුදුසු නොවේ. ‘අරහං' යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ , ලොව්තුරා බුදුවරයන් වහන්සේලාගේ පළමු බුද්ධ ගුණයයි.......!!! (බ)
පිටබැද්දර ජයා Monday, 01 August 2016 11:26 AM
මේවා අහන්න දකින්න වෙන අපිවත් දිවියම කාපිය!
ජහුටා මාමා - සෞදි අරාබිය Monday, 01 August 2016 07:07 PM
මෙවැනි ළමයින්ට කරුණාව දක්වා, හොදින් සොයාබලා උගන්වුවහොත් හොඳ මාවතකට ගන්න පුළුවන්. .(රේ)
නිමල් Tuesday, 02 August 2016 09:36 PM
මේක අධ්‍යාපන ක්ෂේත්රයේ සිසුන් අතර හරි ප්‍රසිද්ධයි (නි)
ඉසුරන්දි Wednesday, 03 August 2016 08:21 AM
මේවා හිනාවිය යුතු කාරනා නෙමෙයි. දරුවාගේ අඩුපාඩු හොයල බලලා හරිමාර්ගයට ගැනීමට උත්සහා කිරීම තමයි එම දෙමාපියන් ඇතුළු වගකිවයුතු හැමෝගෙම යුතුකම.(ම)
අනුලා Friday, 05 August 2016 04:39 AM
අනේ පව් ඒ ළමයා! (නි)