මුදල් කොල්ලකෑමේ අදහසෙන් වෙස්වලාගෙන සීයාගේ නිවෙසකට ඇතුළු වූ මුනුබුරකුගේ වෙස් මුහුණු ද ගැළවී කොල්ලය ද වැරදුනු පුවතක් දකුණෙන් වාර්තා වේ.
ඔහු මැදිවිය ද පසුකළ එහෙත් තනිකඩව දිවි ගෙවන පුද්ගලයෙකි. තේ, කුරුඳු, ගම්මිරිස් වගාවෙන් අතමිට ද බෙහෙවින් සරුය.
පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියාසේ ඔහුගේ මුදල් විටින් විට වංචාකරුවන්ට, කපටින්ට, සොරුන්ට අසුවී අහිමි වූ අවස්ථා ද එමටය.
දිනක් බැංකුවට ගොස් අත්‍යවශ්‍ය කටයුත්තකට රුපියල් දහ පහළොස් දහසක් රැගෙන ආවේය. එහෙත් එය ඔහුගේ ඥාති තරුණයකුගේ මීටරයට අසුවිය.
සීයා බිය ගන්වා මුදල් ටික පැහැර ගැනීම පිළිබඳ සිතක් ඔහුට පහළවිය.
ඔහු වෙස්වලාගෙන සීයා සිටි නිවෙසට ගියේය. ඔහුගේ සිරුරේ හැඩයෙන් මෙන් ම හැසිරීමෙන් ද සීයාට තරමක සැකයක් ඇතිවුණලූ.
ඔහුගේ කටහඬින් සීයාගේ සැකය තවත් තහවුරුවිය. ‘‘අනේ මගෙ කට, උඹ රංජි පුතා නේද? අනේ බොල උඹ හිතුවද මට අඳුරගන්න බැරිය කියලා.”
ඔහු පසුදින උදෑසන පැමිණ සීයාගෙන් සමාව ඉල්ලූවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සීයාගේ සල්ලි කොල්ලකන්න ඇවිත් මුනුබුරා අසුවෙලා
කුමාරි Friday, 22 August 2014 05:56 AM
ඔය සීයාට ආදරෙන් සලකල ලගින් උන්න නම් කැත නැතිව සියගේ හැම දේම අනාගතේ ලැබෙයි. දැන් හොඳනේ බාගන නාන්න තිබුන ලිඳ ඉහලම දැම්මා. (නදී)
චන්දි Friday, 22 August 2014 08:00 AM
කොතන බැලුවත් බොරුව,වංචාව,හොරකම තමයි රජ කරන්නේ.., කවදාද මගේ රට මේ තත්වයෙන් මිදෙන්නේ....? (අ)
සුගුනවති-නිව් ජර්සි -ඇමෙරිකාව Friday, 22 August 2014 11:37 AM
අපේ කුමාරිට තමයි මෙතන යමක් කමක් තේරෙන්නේ (නි)
නිමල් Saturday, 23 August 2014 08:52 AM
සියට මුනුබුරා අඳුරගන්න බැරි දවසක් ආවොත්? (අ)
පිටබැද්දර ජයා Saturday, 23 August 2014 08:58 AM
හෙට අනිද්දා වෙනකොට මුන් අම්ම තාත්තවත් උස්සයි ! (අ)
ඉසුරන්දි Saturday, 23 August 2014 10:39 AM
පුදුමයි එකා අනතුරක් නොකළ එක ඒ මනුස්සයට.(අ)
සමන් කුමාර Saturday, 23 August 2014 12:31 PM
සීයා ලෝබ නම් කමක් නැහැ හොරෙන් ගත්තත් (නදී)
පහන්දී Saturday, 23 August 2014 01:18 PM
සමන් මල්ලි, සීයා ලෝබයෙක් උනත් හොරකම හොද නැහැ නේද....? මම නම් කඩේකින් වැරදිලා වැඩිපුර සල්ලි ආවත් අපහු දෙනවා මොකද ඒ සල්ලි අඩු බව දැන ගත්තම ඒ මනුස්සයාගේ පපුව පිච්චේද්දී මට විදවන්න වෙයි කියල හිතෙනවා (නදී)
දිලූ Sunday, 24 August 2014 04:44 AM
මුනුබුරේ ඒ සල්ලි අයිති සීයට. අනුන්ගේ දේවල් තමන්ගේ නෙවේ කියන එක මතක තියාගන්න. ඒ සල්ලි ඔබ ගත්තා උනත් ඔබට දනෙන්නේ සීයාගේ කියල නේද? (නදී)
ශාන්ති Sunday, 24 August 2014 12:59 PM
ඔන්න අද කාලේ දරු මුණුබුරන්ගේ හැටි (අ)
රෙජි-සිඩ්නි Monday, 25 August 2014 03:41 AM
අද කාලේ සමහරු සල්ලි හොයන්න ඔය නෑකම් බල බලා ඉන්නේ නැහැ. දෙවියන්ට පුදන පඬුරුත් හොරකම් කරන කාලයක්නේ මේ. (නි)