(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
වෙරි මතින් සංචාරක කාන්තාවකට සදාචාරය උගන්වන්න ගිය පුද්ගලයකු ඇයගේ සිගරැට්ටුවක් දල්වා ගෙන නැවත පැමිණි අපූරු පුවතක් ගාල්ල ප්‍රදේශයට නුදුරු වෙරළබඩ සංචාරක හෝටලයකදී වාර්තා විය.
මෙම සංචාරක හෝටලයේ මංගල සාදයක් පැවැත්විණි. ඒ සඳහා දිවයිනේ පළාත් කිහිපයකම ඥාතීහු මෙම මංගල සාදයට පැමිණ සිටියහ.
ගාල්ලට කිලෝමීටර් ගණනාවක් දුරින් ග්‍රාමීය ප්‍රදේශයක ඥාති පවුල් කිහිපයක්ද එම විවාහ මංගල උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයකි. වෙරළ තීරයේ බිකිනි ඇඳුමින් සැරසී විදේශීය කාන්තාවන් ඇවිදීම හා පිහිනීම සිදුකරන ආකාරය සංචාරක හෝටලය සමීපව දර්ශනය වෙමින් තිබිණි.
වෙරි වූ ග්‍රාමීය ප්‍රදේශයකින් පැමිණි ඥාතිවරයා මෙම කාන්තාවන්ට සදාචාරයක් නොමැති බව මහ හයියෙන් පවසමින් දරුවන් හදාගන්නට හැකියාවක් නැති බවද පවසමින් විදේශීය කාන්තාවන්ට හොඳ දෙකක් කියා එනවා යැයි පවසමින් බැණ වැදී එම ස්ථානයට ගොස් ඇත.
සංස්කෘතිය ගැනත් සාරධර්මය ගැනත් සංචාරක කාන්තාවන්ට සිංහල භාෂාවෙන් බැණ වදිමින් මොහු කියාදුන් අතර මේ බවක් නොතේරුණු විදේශීය කාන්තාවක අතරින් එක් කාන්තාවක් තමන් අත තිබූ සිගරැුට්ටුවක් දල්වාගෙන තවත් සිගරැුට්ටුවක් සහ ලයිටරය ඔහු අත තැබුවාය.
සදාචාරය පිළිබඳව දේශන දෙන්නට ගිය ඔහු විදේශීය කාන්තාවන් ලබාදුන් සිගැරැුට්ටුව දල්වාගෙන දුම් බෝල අරිමින් නැවතත් හෝටලයේ ඥාතීන් සිටින ස්ථානයට පැමිණීමත් සමඟ ඥාතීහු ඔහුට උසුළුවිසුළු කළහ. පසුව ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි ඥාතියා ඔවුන් පැමිණි වාහනයටම ගොස් නිදාගත්තේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුද්දියකට සිංහලෙන් සදාචාරය කියා දෙන්න ගිහින් සිගරට්ටුවක් තෑගි ලැබිලා
කුමාර් (ගල්ෆ්) Sunday, 26 November 2017 06:37 AM
ලංකාවේ සදාචාරය ගැන උදම් අන්න ඔක්කොම පාහරයෝ එකම වගෙය්.
JinnaMonday, 27 November 2017 01:33 PM
එතකොට ඔය ගල්ෆ් කලාපයේ සදාචාරය ගැන කියන උත්තරීතර මිනිසුන් ගැන ඔබ මොකද කියන්නේ ?
අචලා Tuesday, 28 November 2017 01:19 AM
ලංකාව වගේ රටවලට බිකිනිය කොහොමත් ගැලපෙන්නේ නෑ. නමුත් අපිට සුද්දොන්ව වෙනස් කරන්න බෑ, එහෙම කරන්න ගියොත් සංචාරක කර්මාන්තයටයි පාඩුවෙන්නේ. ඒක නිසා සුද්දන්ට තමන්ට ඕන දෙයක් කරන්න කියලා අපි අපේ පාඩුවේ හිටියම හරි.