(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉංග්‍රීසි අකුරු දෙකක් ඉල්ලා ලැබුණු දුරකතන පණිවිඩයක් නිසා උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවූ දෙදරු පියකු එම පණිවිඩයෙන් කියවුණු කරුණ සම්බන්ධයෙන් දියණිය කරණු පැහැදිලි කරදීමෙන් පසු ඔහුට හීන් දාඩිය දැමූ පුවතක් රජරට ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
මේ දෙදරු පියා සුනිල් යනුවෙන් හඳුන්වමු. පසුගිය දිනක සුනිල් නිවසට ආ අවස්ථාවේ දියණිය පැවසුවේ දුරකතන ඇමතුමක් දුන් අයකු පියා ගැන විමසූ බවය. නාඳුනන අය පසුව කතා කරනු ඇති බව ද දියණිය කීවාය. එසේම පසුව මේ පියාට ඇමතුමක් ලැබිණි.
“සුනිල් අයියේ, මට ඉංග්‍රීසි අකුරු දෙකක් ඕනෑ. අරගෙන යන්න මම එන්න ඕනෑ කොහාටද” ඇමතුමෙන් කියවිනි. “මොන අකුරු දෙකක් ද” සුනිල් විමසුවේ කිසිවක් තේරුම් ගත නොවූ නිසාය. “අයියේ කින්ඩම් ජෙනරල්” ඊට පිළිතුරු ලැබිණි.
“මම දන්න කින්ඩම් ජෙනරල් එකක් නැහැ” සුනිල් පිළිතුරු දුන් විට “අයියා ලෑලි ගෙදර සුනිල් අයියා නොවෙයිදැයි” විමසීය. “නැහැ” යන පිළිතුර ලැබුණු පසු නාඳුනන අය “අනේ සොරි මට වැරදුණා” කියමින් ඇමතුම විසන්ධි කරනු ලැබීය.
මේ දෙබස අසාගෙන සිටි දියණිය පියාගෙන් කරුණු විමසුවාය. “අනේ තාත්තේ ඔය කියන්නේ අර ගංජා විකුනන සුනිල් මාමා ගැනනේ. ඔය ඉල්ලන්න ඇත්තේ කේරළ ගංජා පැකට් එකක් වෙන්න ඕනෑ” දියණිය කීවාය. වැරදුණු පණිවිඩය අනුව තමන් මහත් අමාරුවක වැටෙන්නට ගිය බව තේරුම් ගිය සුනිල්ට හීන් දාඩිය දමන්නට වෙද්දී දියණිය පියා අස්වැසුවේ “තාත්තේ අපි වැරදි වැඩක් කරලා නැහැනේ” කියමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුනිල්ලා මාරුවෙලා අකුරු දෙකකට හොල්මන් වෙලා