වට්ටක්කා කිලෝව කිලෝ අනූ එකක් ලෙස සටහන් කර ඊට රුපියල් හයදහස් හාරසීයක මුදලක් අය කර ගැනීමේ සිද්ධියක් ඉකුත් සෙනසුරාදා (26) පස්වරුවේ පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ජනවාරි මාසය සඳහා වැටුප ලැබීමෙන් පසු එළැඹෙන ඉදිරි මාසය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනිමට පැමිණි පුද්ගලයකු එම ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් පසු මුදල් ගෙවා ඇත.
මුදල් ගෙවීමෙන් පසු ලැබුණු බිල් පත පරීක්ෂා කළ ඔහුට වෙනදාට වඩා රුපියල් හයදහසක පමණ වැඩිවීමක් පෙන්නුම්කර ඇති නිසා ඒ බව වෙළෙඳ සේවිකාවට පවසා ඇත.
එහෙත් එය ගණනකට නොගත් සේවිකාව ”හරි හරි බිල්පත දශමයට හරි” යැයි පවසා ඇත.
අනතුරුව ඔහු රුපියල් 19883ක මුදලක් ගෙවා බඩු මුට්ටු රැගෙන යන අතරතුර වාහනයේදී සිය දියණියට බිල්පත පෙන්වා නැවත එය එකින් එක පරීක්ෂා කරන ලෙස දන්වා ඇත. එහිදී වට්ටක්කා කිලෝ 91ක් සඳහා රුපියල් 6400ක මුදලක් සටහන් කර ඇති බව හෙළි වී තිබේ. එය ඇසූ ක්ෂණයකින් දැඩි කෝපයකට හා ආවේගශීලිත්වයට පත් වී යළි වෙළෙඳසල කරා ගිය ගනුදෙනුකරු තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පවසා ඇත.
එපමණකින් නොනැවතුණු ඔහු එදින එම වෙළෙඳසලෙන් මිලදී ගත් සියලූම බඩු මුට්ටු ආපසු භාර දී ඒ සඳහා ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට පියවර ගෙන ඇත.
එසේ නොකරන ලෙස කළමනාකරු ඇතුළු වෙළෙඳ සේවකයන් කිහිප දෙනකු ඇවිටිලි කර ඇතත් වට්ටක්කා කිලෝවකට රුපියල් 6400ක් ගත් නිසා අනිත් බඩු ගැනද විශ්වාසයක් නැති නිසා ඒවාද අනවශ්‍ය බව පවසා පිටව ගොස් ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුපිරි වෙළෙඳ සලෙන් ගත් වට්ටක්කා කිලෝවට රු. 6400 ක් ගෙවලා
නිශ්ශංක Tuesday, 29 January 2013 05:51 PM
ඔය ජයතිස්ස වගේ අදහස් තිබෙන අය ඉන්නකම් රට හදන්න බැහැ. ජයතිස්සගේ කියමන හරියන තැන් තිබෙනවා. නමුත් මේක ඒ වගේ එකක් නෙමෙයි. ඔයවගේ වැරැදි දුටුතැන නිවැරැදි කළයුතුයි. (නි)
ෂෙරිෆ් Tuesday, 29 January 2013 02:36 AM
ගෝවා කතාවට වැඩිය වට්ටක්කා කතාව නියමයි. (නි)
දිසා Tuesday, 29 January 2013 04:47 AM
ඕක පැහැදිලිවම අත්වැරදීමක්. (නි)
චින්තක Tuesday, 29 January 2013 05:07 AM
මේක හරිම සාමාන්‍ය සිද්ධියක්.. මට බොහෝවිට සිද්දවෙලා තියෙනවා... සමහර දාට මෑකරල් වලට බෝංචිවල මිල දානවා.. කිලෝ 0.91ට කිලෝ 91ක් දාලාල ඇති. මම නම් හැමදාම බිල බලලා තමයි එලියට එන්නේ.. වාසි වෙන වාරදිත් හරියට වෙනවා.. මේවායේ මුදල් අයකැමි විදියට ඉන්නෙ පොඩි ගැහැණු ලමයි.. එයාලට හරියට වරදිනවා.. ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහැ.. අපි බලලා නිවැරදි කරගත්තාම හරි..!(නු)
ජයලත් Tuesday, 29 January 2013 07:24 AM
මේක නම් ලොකු අත් වැරදීමක්. අපට පෙනෙන විදියට නොසැළකිල්ල සහ උද්දච්චකමට සමාවක් දෙන්න හොඳ නැහැ, මේකට සමාවක් දුන්නට. හැබැයි මේක ශ්‍රී ලංකාව. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
නීලා Tuesday, 29 January 2013 07:43 AM
බිල දෙන විට කල්පනාවෙන් නොහිටියොත් ඔහොම වැඩ වෙනවා.. අපිට නොදැනේන මේ අය පොඩි පොඩි ගනන් ගන්නවා.. ලංකාවෙ ගොඩක් සුපිරිවෙළදසැල්වල මේක කරනවා..!(නු)
විශ්වජිත් Tuesday, 29 January 2013 08:04 AM
රැපියල් 3100ක් වෙනුවට මගෙනුත් 31000ක වැරදියට අයකරලා තිබුණ දෙහිවල කඩයකින්.. මම භාවිත කරපු කාඩ් එක අදාල ආයතනයට දීලා බිල් පෙන්නලා නැවත හදා ගත්තා..!(නු)
රුෂාන් Tuesday, 29 January 2013 08:15 AM
සුපිරි කිව්වට ඕවා ඇත්තටම සුපිරිද කියලා හිතන්න ඕන... බඩු ගන්න අය හොදට සැළකිලි මත් වෙන්න ඕන.. අද වෙළදාමේ හැම තැනම හොරකම්..,!(නු)
අරවින්ද Tuesday, 29 January 2013 08:34 AM
වැරදීමක් කියලා නැවත බලන්න කිව්වොත් එයාලා අපිට සද්දේ දානවා. සුපර් මාකට්වල හැටියක් ඒක (ස)
අරුණි Tuesday, 29 January 2013 10:06 AM
වැරදීමක් වෙන්න පුළුවන් බව ඇත්ත.එත් ඔයවගේ තැනකින් වැරද්දක් උනහම නිවැරදි කරන්නේ පාරිබෝගිකයටම ලොකුකම් දාලා. අපහු දුන්න 1මයි හොද (ස)
චන්ද්‍රරත්න Tuesday, 29 January 2013 01:06 PM
හරිම පුදුමයි හැම බිලක්ම හැමෝටම වරදින්නේ වෙළඳසැලේ වාසියටමයිනේ?(නු)
m.v.s.de.costa Tuesday, 29 January 2013 02:28 PM
හොඳ වැඩේ. කඩේ තියන තැන හරියටම දම්මනම් හොඳයි. ඔය වගේ කඩ එක්.දෙකක් වැස්සුවම අනිත් අය හැදෙනවා (අ)
නිසා Tuesday, 29 January 2013 02:46 PM
අරුණිගේ කතාව හරියට හරි. එයාලගෙන් ඇහුවාමත් හරි සද්දේ.ආපහු දුන්න එකමයි හොඳ. (ස)
ඉරෝෂා Tuesday, 29 January 2013 03:28 PM
මේ ගණුදෙනුකරුටත් සාමාන්‍ය දැනීමක් නැතිව වගේ.. ඒවගේ ලොකු වටිනාකමක් එන්න විදියක් නැහැ කියලා..!(නු)
සීටිඩීඑස් Tuesday, 29 January 2013 04:54 PM
පිලියන්දල පැත්තේ එකක්ද?(නු)
ටෙරා Tuesday, 29 January 2013 01:05 AM
මේවාට තමයි කියන්නේ දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියලා. (නි)
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 10:50 PM
මේ කියන පාරිභොගිකයා පඩි දවසනේ ටිකක් සප්පායම් වෙලා ඉන්න ඇති. නැත්නම් ඔය තරම් ලොකු වරදක් වෙලා තියෙන්නේ නැද්ද?(නු)
සෙනා Tuesday, 29 January 2013 11:31 PM
හොද වෙලාවට සුපිරි කඩයක් උනේ..(නු)
සංජු Wednesday, 30 January 2013 10:37 PM
අනේ පවු! දැන් ඉතින් ඒ සේවිකාවගේ රස්සාවත් ඉවර ඇති. (නි)
බණ්ඩා Wednesday, 30 January 2013 11:25 PM
ලොකු ගාණක් නිසා අහුවුණා. රුපියල් 100-200 කොච්චර අපි වැඩිපුර ගෙවනවා ඇද්ද? (නි)
හර්ෂණ Thursday, 31 January 2013 12:07 PM
කඩෙන් මොනවා ගන්නකොට හොදට හොයලා බලලා ගන්න ඕනේ (දී)
තෝමස් Friday, 01 February 2013 11:52 AM
සුපර් මාර්කට් සුපර් ප්‍රයිස්... ඩෝන්ට් බයි අගේන්... (නි)
සිරි Friday, 01 February 2013 10:17 PM
සුපිරි වෙළද සැලෙන් ඇයි එළවළු ගන්නේ, පොළට ගියා නමි රැපියල් තිස්පහකට කිලෝ එකක් ගන්න තිබුනා.(නදී)
බණ්ඩාර Saturday, 02 February 2013 11:44 PM
නූගත් කමක පළ විපාක..!(නු)
නුවන් Sunday, 03 February 2013 11:18 AM
වටිටක්කා කිලෝවක මිළ රුපියල් හැත්තැවයි ශත තිස්දෙකයි. මේවා බොරු කතා.(නදී)
විපුල Sunday, 03 February 2013 02:44 PM
කොහොමත් වැඩට ඉන්න ඔය කාන්තාවො කඩේ එයාලගේ කියලා හිතාගෙන පුදුම අහංකාරකමකින් ඉන්නේ. (නි)
අෂාන් Monday, 04 February 2013 08:36 AM
ගමේ කඩෙන් බඩුගන්නේ නැතිව සුපිරි තැන්වලට ගිහින් බඩුගත්තම ඔහොම වෙනවා. දැන් ඉතින් ආපහු ගිනිහින් දීලා මාරුතරගන්න පුළුවන්ද?ගමේ කඩෙන් බඩු ගත්ත නම් මාරු කරගන්නවත් තිබුනා.(නදී)
අනුර Monday, 04 February 2013 04:40 PM
මරු වැඩේ තමයි (දී)
සංජු Monday, 04 February 2013 10:00 PM
ඔහොම අත්වැරදීම් කොහේ වුණත් වෙන්න පුලුවන්. (නි)
බුරම්පි Monday, 28 January 2013 12:44 PM
සුපිරි වෙලඳසැල් වලින් බඩු ගන්න යන කොයි කවුරුත් බිල එකින් එක චෙක් කරන්න අනිවාර්යයෙන්ම. පොඩි පොඩි ද්‍රව්‍ය ගාන වැඩි කරාම තේරෙන්නෙ නෑ.(ස)
නිමල් Monday, 28 January 2013 10:08 AM
හොද පාඩම් මේවා (දී)
නිමල් Monday, 28 January 2013 10:08 AM
පුදුම වැඩක්නේ (දී)
ප්‍රසන්න Monday, 28 January 2013 10:09 AM
අපේ ගෙදර ලගත් සුපිරි වෙළඳ සැලක් තියනව. හැමදාම බිල් වරද්දනවා. (ස)
ඉසුරංග Monday, 28 January 2013 10:31 AM
ඇත්ත වෙන්න පුළුවන්, අපිත් සැලකිලිමත් වෙන්න ඕනේ (දී)
ඉසුරන්දි Monday, 28 January 2013 10:34 AM
හොඳ පාඩම් මේවා. මමත් අතපසු වීම් වලින් ගොඩක් දේ ඉගෙනගත්තා. දැන්නම් එලියට බහින්න කලින් බිල හොඳට චෙක් කරනවා (ස)
සමන්ත Monday, 28 January 2013 10:59 AM
ඕව අපිට හොද පාඩම් (දී)
ජයතිස්ස Monday, 28 January 2013 11:26 AM
මෙය වැරදීමක්. සමාව දීම දේව ගතියක් බව මතක තබා ගන්න (දී )
කුමාර Monday, 28 January 2013 11:29 AM
අපිත් පරිස්සම විය යුතුයි (දී)
කමල් Monday, 28 January 2013 11:41 AM
ගොඩක් වෙලාවට පාරිභෝගිකයා හරි , මෙයාලා අපිව ගොනාට අන්දනවා වෙලාවකට. සමහර පැකට් කල ද්‍රව්‍ය වල නිසි බරත් නෑ (ස)
ලලිත් Monday, 28 January 2013 11:43 AM
මේකට නීතිමය පියවර ගත යුතුයි (දී)
යොහාන් Monday, 28 January 2013 11:45 AM
අපිටත් වෙලා ඇති, දන්නේ නැති උනාට (දී)
සරත් Monday, 28 January 2013 11:57 AM
ගෙවන මුදලට වටිනාකමක් තියෙන්න ඕන කියලා හිතෙන්න ඇති (ස)
සිල්වා Monday, 28 January 2013 12:04 PM
බඩු ගන්න කොට හොදට බලල ගන්න (දී)
හිමාල් Monday, 28 January 2013 09:50 AM
දෙන්නම 5හේ පන්තියටවත් ගිහින් නෑ කියලයි මට හිතෙන්නේ (ස)
දුමින්ද Monday, 28 January 2013 01:11 PM
කොහොමද එහෙම උනේ, අත් වැරදීමක් වෙන්න ඇති (දී)
බන්දුල Monday, 28 January 2013 01:22 PM
100% පිළිගන්න පුළුවන් මේ කතාව (දී)
ජානක Monday, 28 January 2013 01:59 PM
සුපිරි වෙළදසැල්වලින් බඩු ගන්නකොට බිල වරද්දන්න තියෙන ඉඩ හුගක් ඉහළයි.. ඒ නිසා බිල හදන කොට හොදට පරික්ෂාවෙන් බලගෙන ඉන්න.. අපි අවධානයෙන් ඉන්න බව දැක්කාම එයලාත් අවධානයෙන් වැඩේ කරනවා..!(නු)
ඊඑම්ඩී Monday, 28 January 2013 02:11 PM
කමල්, නියමිත බර නොමැති පැකට් කල භාණ්ඩ පිලිබඳව අදාල ස්ථාන වලට පැමිණිලි කරන්න (ස)
ඉසාම් Monday, 28 January 2013 02:33 PM
කියයි මිහිරි කතා නිතර රසට ගොතා (ස)
සුදේශ් Monday, 28 January 2013 03:47 PM
හරියට හරි එහෙම තමයි කරන්න ඕනි. නැත්නම් ලංකාව හදන්න බෑ (ස)
සනීජා Monday, 28 January 2013 06:41 PM
මටත් තියෙනවා මේ වගේ කතාවක් කියන්න. කියන්නද? (නි)
තිස්ස Monday, 28 January 2013 06:52 PM
එකතු කිරීම සහ අඩුකිරීම කොම්පියුටර් එකට බාර දීලා ඔලුව ඇතුලේ මොලයක් නැහැ. පොඩ්ඩක් වැරදුණාම වැරදුණ බව දැනගන්න. බිල හය හත් දාහකින් වැඩි වුණහමත් ඔලුවක් නැද්ද වැරදුණ බව දැන ගන්න. (නි)
දම්මි Monday, 28 January 2013 07:38 PM
හොදම වැඩේ තමයි සුපිරි වෙළද සැල් වලින් බඩු ගන්නවට. (නි)
පාඨකයෙක් Monday, 28 January 2013 08:05 PM
මේවා කාට කාටත් වෙන වැරදි. (නි)
ජයනෙත්ති Monday, 28 January 2013 09:43 PM
සුපිරි කියන්නේ ඒ නිසා තමයි. අයියෝ සල්ලි! (නි)
පාරිභෝගිකයෙක් Monday, 28 January 2013 10:15 PM
මේවා අත්වැරදීම් ලෙස සුළු කොට තැකීම නම් නුවණට හුරු නැහැ. ඔය සුපිරි වෙළඳ සැල් වල වෙන හොඳම වංචාවක් තමයි පැකට් කළ භාණ්ඩ සාපේක්ෂව වැඩි මිළකටත් කිරා විකුණන බඩු ඉතා අඩු මිළකටත් මිළ සඳහන් කිරීම. අපි ලාබ නිසා කිරලා ගන්න එකෙන් බඩු ගන්නවා. හොඳට බලා නොසිටියොත් බිල දාන කොට දාන්නේ පැකට් වල මිළ. (නි)
ලංකා Tuesday, 29 January 2013 12:15 AM
මේක නම් සහතික ඇත්ත කතාවක්. (නි)