X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


සුරතලා මාරුවෙලා අම්බානක පරිප්පුවක් කාලා

 

(මනෝජ් හර්ෂික)

ගෙදර සුරතල් බලූ පැටවා යැයි රැවටී පාරේ අයාලේ යන බල්ලකු ගෙදර ගෙන ගොස් බිරියගෙන් හොඳ හැටි බැණුම් ඇසූ පුද්ගලයකු පිළිබඳ පුවතක් වාද්දුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය.

ඔහු වාදක ශිල්පියෙකි. හෙතෙම සංගීතයට මෙන්ම සුරතල් සතුන්ට ද මහත් ඇල්මක් දක්වන්නෙකි. ඒ නිසාම ඔහු විශාල මුදලක් වියදම් කරමින් බලූ පැටවකු රැුගෙන එන්නේ ඒ ඇල්ම හේතුවෙනි.

හොඳ කූඩුවක්, ඉස්තරම්ම කෑම බීම බලූ පැටවාට නොඅඩුව ලැබුණු අතර පවුලේ අනෙක් සමාජිකයෝ ද බලූ පැටවාට මහත් සේ ආදරය කළහ.

දිනක් ඔහු රැුකියාව නිමවී සවස යතුරුපැදියෙන් නිවෙස බලා යමින් සිටියදී හදිසියේම පාර අසළ තම සුරතල් බලූ පැටවා සිටිනු දැකීමෙන් පුදුමයටත් කෙන්තියටත් පත්ව යතුරුපැදිය ද නවතා වහා බලූ පැටවා සිටින තැනට ගියේ නිවැසියන්ට ද දොස් තබමිනි.

 බලූ පැටවා ළඟට ගිය ඔහු බල්ලා තුරුළු කර ගත්තේ මහත් වූ සෙනෙහසකිනි. ‘‘ඔයාට අසනීපද පැටියෝ’’ යැයි කියමින් තම ලේන්සුවෙන් බල්ලාගේ කෙළ පිසිමින් බල්ලා ද රැුගෙන අමාරුවෙන් නිවෙස බලා යන්නේ නිවැසියන්ට හොඳ දෙකක් කීමේ අදහසිනි.

නිවසට යන විට ඔහුගේ බිරිය ආලින්දයේ පුටුවක වාඩි වී සිටියේය. යතුරුපැදිය නවතා ගෙට ගොඩවනවාත් සමගම ඔහු තම බිරිඳගේ ඇඟට කඩා පනිමින් ”මෙහෙමද මනුස්සයෝ අපේ පැටියව බලා ගන්නේ?” ඔහුට කීමට හැකි වූයේ එපමණකි. ”මේ මොන ජරා ගොඩක් ද මේ උස්සගෙන ආවේ. අපේ පැටියා අර යස අගේට ඉන්නේ කූඩුවට වෙලා”

ඔහුට ඉන් පසු සිද්ධිය පැහැදිලි විය. නොසරුප් වදනක් ද කියා ඔහු තම අතේ සිටි බල්ලා බිම දමා පයින් පහරක් ද ගසා ගෙදරින් එළවා දැමුවේ කේන්තියෙන් පුපුරමිනි.

 



අදහස් (6)

සුරතලා මාරුවෙලා අම්බානක පරිප්පුවක් කාලා

sachith Friday, 04 August 2017 07:55 AM

සත්වකරුණාව දොරේ ගලායනවා..

:       7       83

aravinda Friday, 04 August 2017 12:28 PM

"බල්ලා බිම දමා පයින් පහරක් ද ගසා ගෙදරින් එළවා දැමුවේ කේන්තියෙන් පුපුරමිනි" යන්නෙන් වැටහෙනවා මේ තැනැත්තාගේ සත්ව කරුණාවේ තරම...

:       9       162

Thusha Friday, 04 August 2017 02:41 PM

බල්ලෙක්, සුනඛයෙකුට පයින් ගසා ගෙදරින් එලවා දමා ඇත...

:       0       100

jeni Friday, 04 August 2017 03:51 PM

අනේ මරු සත්ව කරුණාව....ගෙදර බල්ලාටත් කවද හරි ඔය ටික තමයි. සල්ලි දීල බල්ලෝ ගන්නවට වඩා පාරේ අසරණ වෙච්ච සතෙක් හදන එක ගොඩක් පිං... මේ මිනිහා වාදකයෙක් නෙමෙයි.. වධකයෙක්..

:       0       85

Thehan Saturday, 05 August 2017 10:33 AM

මෙයත් බල්ලගේ තත්වෙටම වැටෙන්නයි යන්නේ..

:       0       3

janahitha Sunday, 06 August 2017 05:02 AM

ඒක නම් හොඳ වැඩක් නොවෙයි. අරන් ගියා වගේ නොවෙයි. තමන්ගේ නොවෙයි නම් නම්බුකාර පිටින් ආපහු ගිහින් දැම්මා නම් තමයි සත්ව කරුණාව තියෙන්න තිබුණේ. බැරි වෙලාවත් ගෙදර කෙනාවගේ කියලා වෙනකෙනෙක් බයිසිකලේ තියාගෙන ගෙදර ගියානම් තමයි වැඩේ බලන්න තිබුණේ.

:       0       40

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site