ඇය සුරූපීය. නිතරම පිරිසුදුව සිටින ඇය ඇඳුම් විලාසිතාවලට අතදිග හැර වියදම් කළේ ලස්සනට ඇඳ පැලඳ සිටින්නට ආසා කළ බැවිනි.
දහවල් 12ට පමණ මේ කියන කාන්තාව සාප්පු සවාරියේ යමින් හෙට්ටිපොළ නගරයේ රෙදි සාප්පුවකට ඇතුළු වූයේ ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටය.
“ඇයට කාලය යනවා දැනුණේ නැත. මේ ඇඳුම ලස්සනයි. හා අරක හොඳා, මේක හොඳ වුණාට ටිකක් ගාන වැඩියි..” ආදිය සිතමින් ඇය ඇඳුම් තෝරමින් සිටියාය.
අවට සිදුවන කිසිදු දෙයක් ඇයට කල්පනා වූයේ නැත.
“යමු අනේ පරක්කු වෙනවා” කඩසාප්පුවේ හිමිකරුට ඒ ඇමතුම ආවේ හත්වැනි වතාවටය.
“ළමයි සාප්පුව වහන්න” ඒ උපදෙස් ලැබුණු සැණින් සාප්පුවේ වීදුරු සියල්ල වැසී ගියේය. සාප්පුව ඉදිරිපිට නවතා තිබූ වාහනයට සේවකයින් කිහිප දෙනා ගොඩ වූයේ එදින මේ සියලු දෙනාට විශේෂ උත්සවයකට යෑමට තිබූ නිසාය.
පිරිස උත්සවයට යන අතර හිමිකරුගේ දුරකතනය යළි නාද විය.
“මහත්තයා සාප්පුවට හොරු පැනලා....” ගමන නවතා දැමූ හිමිකරු ඇතුළු පිරිස සාප්පුවට ආවේ ඊයක වේගයෙනි.
ඒ වනවිටත් හෙට්ටිපොළ නගරයම බලා සිටියේ මහදවාලේ සාප්පුව කඩන්නට ආ හොරු අල්ලා පහරදෙන හැටි ගැන සිතමිනි.
සාප්පුවේ දොර විවර විය.
හඬාගෙන ආවේ සුරූපී කතකි. හැඬීම කාටත් වැටහුනද ඇය කී දේවල් බොහෝ දෙනාට නොතේරුණේ ඉංග්‍රීසියෙන් හයියෙන් හයියෙන් කී දේවල් නිසාය.
“මොනවද සර්... අල්ලලා පොලිසියට දෙමු” ඉංග්‍රීසි නොතේරුණු සේවකයෙක් ඉදිරියට පැන්නේ ඇය ඇල්ලීමටය.
“මෝඩයා පැත්තකට වෙයන්. මේ කස්ටමර් ඇතුලේ ඉන්දැද්දියි උඹලා සාප්පුව වහලා තියෙන්නේ. ඔහොම තමයි ඉංග්‍රීසියෙන් කුණුහරුපයෙන් බනින විදිහ”.
අහල පහළ සිටි පිරිසට සිදුවී ඇති දේ තේරුණේ ටික වෙලාවකට පසුවය.
හොරු අල්ලන්නට බලා සිටි පිරිසටද බැණ වදිමින් ඇය කෙළින්ම ගියේ හෙට්ටිපොළ පොලිසියටය. සාප්පු සවාරි ගිය නෝනා සාප්පුවේ සිර වූ කතාව හෙට්ටිපොළ පුරාම පැතිර ගියේ සැණිනි.
(බිංගිරිය - නන්ද එස් ඒකනායක)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුරූපි තරුණිය රෙදි සාප්පුවේ කූඩු කර සේවකයෝ පාටියකට ගිහින්