X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


සූදුවෙන් පැරදුණාම සූදුකරුට රිදෙන්න දීලා

බූරු කුට්ටමක කොළ හතරක් උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ සති පොළවලට ගොස් සූදු ක්‍රීඩාවක් පවත්වා එහි පැමිණෙන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කෑ පුද්ගලයකුට අපූරු සංග්‍රහයක් පැවැත්වූ පාරිභෝගිකයකු පිළිබඳ පුවතක් වියලුවේ සති පොළකින් අසන්නට ලැබිණි.


සිද්ධිය මෙසේය.


එය විශාල පිරිසක් පැමිණෙන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සති පොළකි. 


කලක් තිස්සේ එහි පැමිණෙන එක්තරා මැදිවියේ පුද්ගලයකු බූරුවා කුට්ටමේ කොළ හතරක් යොදාගෙන දිනුවොත්  මුදල් හතර ගුණයක් ලබාදෙන බව පවසමින් අපූරු සූදු ක්‍රීඩාවක නිරත වූයේ කිසිවකුටත් සැක නොසිතෙන අන්දමිනි.  


සතිපොළට පැමිණෙන විශාල පිරිසක්ද මොහුගේ මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී සූදු ක්‍රීඩාවේ නිරත වුවත් ඔවුන්ට දිනුමක් ලැබුණේ බොහෝ කලාතුරකිනි.
 තම බඩඉරිඟු වගාවට යෙදීම සඳහා පොහොර මිටියක් රැගෙන යාමට පැමිණි තරුණයකු ද මේ උප්පරවැට්ටියට හසුවී තම අතේ තිබූ  රුපියල් හාරදහසක මුදල් අවසන් වනතුරුම ඔට්ටු ඇල්ලුවේ ඒ පිළිබඳ ඇතිවූ දැඩි ආකර්ෂණය නිසාය. 


කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ තමන් රැගෙන ආ සියලු මුදල් මේ සූදුකාරයාට පැරදී ඇති බව දැනගත් ඔහුගේ හිසට යක්ෂයා ආරූඪ වූයේ පොහොර මිටිය මතක් වෙද්දී ය.


 සූදු ක්‍රීඩාවේ යෙදීමට පැමිණි පිරිස අවසන් බව දුටු සූදුකරු ද සිය බඩු භාණ්ඩ තොගය අකුලා ගත්තේ  බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මුදලක් එදින තමන් සතු කර ගන්නට ලැබීම ගැන උදම් අනමිනි.


 ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ පොහොර රැගෙන යාමට පැමිණි තරුණයා “ඉඳා ඔය බඩු ටිකයි සල්ලියි එක්ක මේ  දෙකත් අරං පලයන්” කියමින් සූදුකරුගේ කම්මලට වැරෙන් පහර දෙක තුනක් එල්ල කළේ බලා සිටියවුන්ගේ ප්‍රීති ඝෝෂා මැද්දේය.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

සූදුවෙන් පැරදුණාම සූදුකරුට රිදෙන්න දීලා

සෑම් Saturday, 20 August 2016 12:26 AM

සූදුවට කිසිවෙක් බලෙන් සහභාගි කරවා ගන්නේ නැහැ. තම කැමැත්තෙන් සහ මෝඩකමෙන් සූදුවට සහභාගී වී මුදල් අහිමිකර ගත්තාට කව්රුවත් පළි නැහැ. ඒ වාගේම තමයි සූදුකරුවන්ටත් මෙයින් ලැබෙන මුදල් කවදාවත් පළදෙන්නේ නැහැ (නි)

:       0       0

පීරිස් Tuesday, 23 August 2016 03:19 AM

තමන්ගේ අධික තණ්හාව නිසා සිදුවෙන විපත් වලට අනෙක් අය මොනවා කරන්නද? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 23 August 2016 03:25 AM

කුසල විපාක පළදෙනතාක් සූදු නෙමෙයි මොනවා කරලා හම්බ කළත් පළදෙනවා. ඔය ලංකාවේ ඉන්නේ ලොකු සූදු කරවපු අය ඉහළ තැන්වල වැජඹෙමින්. පෙර කුසල විපාක අවසන් වෙනකොට තමයි කාටත් වරදින්නේ (නි)

:       0       0

බණ්ඩා Tuesday, 23 August 2016 09:02 AM

මුදලට සුදු කරන්න ලංකාවේ තහනම් ....පිටකොටුවේ හැමතැනම මේවා සිද්ද වෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site