X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


සූර්පිට බැංකු ඇවිත් ඒ.ටී.එම්. මැෂිමට ලයිසන් පත දාලා

‘‘පනස් පහයි විසිතුන’’ කියමින් සිය බැංකු කාඞ්පතේ පින් අංකය මුමුණමින් ඔහු ස්වයංක‍්‍රීය මුදල් යන්ත‍්‍රය අසලට ගියේය.

එහි උපදෙස් පරිදි කාඞ්පතේ මුදුනත අදාළ ස්ථානයට ඇතුළු කළේය.

කාඞ්පත නැවතත් එළියට ගත් ඔහු අනෙක් කෙළවර යන්ත‍්‍රයට ඇතුළු කළේය.

එය ද කළ නොහැකිය.

යන්ත‍්‍රය කාඞ්පතේ දෙපැත්තෙන් එක් පැත්තක්වත් පිළිගැනීමට සූදානම් නැත.

කලිසමේ වම් සාක්කුවට අත දැමුවේය. හිස්ය. අනෙක් පස්ස සාක්කුවට අත දැමුවේය.

එහි ඇත්තේ රුපියල් පහක් පමණි.

හරි වැඬේ දැන් කොහොමද එළවළු අරගෙන යන්නේ. තමා අත තිබූ මුදලින් යාබද තැබෑරුමකින් අඟපත රත්කරගත් ඔහු සිතුවේ බැංකු කාඞ්පතින් මුදල් ගෙන එළවළු රැගෙනයාමටය.

නමුත් දැන් බැංකු කාඞ්පත ක‍්‍රියා කරන්නේ නැත.

වරක් පිටි අල්ල මුව අසලට ළංකර ඈනුමක් ඇරියේය.

වහා යාබද දොරටුවෙන් බැංකුවේ ඇතුළට පිවිසියේය.

”කො.... කොහේද මැනේජර් මහත්තයා ඉ.. ඉන්නේ.”

යාබදව සිටි ආරක්ෂක නිලධාරියාගෙන් එසේ ඇසූ ඔහු සුළු වේලාවකින් කළමනාකරු හමුවීය.

”මැනේජර් මහත්තයා මේ... මේ... කාඞ් එක වැඩ කරන්නේ නැහැනේ.”

”කෝ... බලන්න...”

කළමනාකාරවරයා කාඞ්පත අතට ගත්තේය.

”අනේ මහත්තයෝ මේකෙන් සල්ලි ගන්න බැහැ.”

මඳ සිනාවක් මුවගට නඟා ගනිමින් කළමනාකරු දෙවනුව එසේ කියද්දී කෝපය ඉහවහා ගිය ඔහු මෙසේ කීවේය.

”මොනවා සල්ලි ගන්න බෑ. සල්ලි තැන්පත් කරගන්න හොඳයි. සල්ලි ගන්න ගියාම තමයි දහයක් රෙගුලාසි.”

”මගේ පඩියම මේ බැංකුවටයි එන්නේ. කොහොමද සල්ලි ගන්න බැහැයි කියන්නේ.” කළමනාකාරවරයා එවිට තවත් සිනාසෙන්නට විය.

”නෑ නෑ මහත්තයා. මහත්තයාගේ සල්ලි බැංකුවේ ඇති. ඒත් මේ කාඞ් එකෙන් සල්ලි ගන්න බැහැ කියලයි මම කිව්වේ.”

”මොනවා... සල්ලි ගන්න බෑ. මම ඊයෙත් මේ කාඞ් එකෙන් සල්ලි ගත්තනේ. මේ මේ තියෙන්නේ රිසිට් එක..”

ඔහු රිසිට් පතක් ද පෙන්නුවේය.

”හරි හරි මහත්තයා ඔය සල්ලි ගන්න ඇත්තෙ වෙන කාඞ් එකකින්. මේක සල්ලි ගන්න පාවිච්චි කරන්න බෑ. මොකද මේක ලයිසන් එකක්.”

”ඒ කියන්නේ රියැදුරු බලපත‍්‍රයක්” කළමනාකාරවරයා පැවසූ දෙයින් ඔහුට මත් ගතිය මඳක් පහව යන්නාක් මෙන් දැනුණේය.

කමිසය අත ගා පිටුපස සාක්කුව අතගෑවේය. බැංකු කාඞ්පත එහි සුරක්ෂිතව තිබුණේය.
 



අදහස් (0)

සූර්පිට බැංකු ඇවිත් ඒ.ටී.එම්. මැෂිමට ලයිසන් පත දාලා

පෙත්තා Friday, 04 October 2013 10:01 AM

කොහොම හරි කාඩ් එකෙන් කාඩ් එකක් ගසා ගත්තා. (නි)

:       0       0

දර්ශන Friday, 04 October 2013 10:21 AM

මෙයින් පෙනෙන්නේ ලාංකිකයන් අරක්කු කසිප්පු බීමෙන් වැළක්විය යුතු බව, මිනීමැරුම් ස්ත්‍රී දුෂණ කරන අය ඒවා කරන්නෙත් අරක්කු පාවිච්චි කරලනේ. (නදී)

:       0       0

ලක් Friday, 04 October 2013 10:24 AM

නියමයිනේ .(නදී)

:       0       0

රාජා ගල්ගමුව Friday, 04 October 2013 10:35 AM

මේවා හරි ප‍්‍රසිද්ධ කතා.ඒක නෙමෙයි, මේ ගැටළුව විසඳලා දෙනවද අනේ?..... එක් රජතුමෙකුගෙ භාන්ඩාගාරයේ රත‍්තරං කුට්ටි වලින් , කිලෝවෙ කිලෝවෙ ගුලි හදන්න දක්‍ෂ රන්කරුවො 10 දෙනෙක් ආවලු. හැබැයි එක් අයෙක් හොරෙක්. ගුලියකින් ග්‍රෑම්1ක් ගහනවමලු. අනෙක තමා ගුලි 10ට අඩුවෙන් හැදුවොත් මරණය. රජාට හොර සීන් 1 අහුවෙලා. තරාදියක් ගෙන්නුවලු, 1 පාරින්ම කිරලා හොරා ඇල්ලුවා. මරලා දැම්ම. ඒ කොහොමද? (නි)

:       0       0

කුමාරි Friday, 04 October 2013 10:41 AM

අනේ මෙහෙමත් බේබ්ද්දෝ? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 04 October 2013 10:53 AM

රාජා ගල්ගමුව, උදේ පන්න්දර ඔලුව පිස්සු කරන්න එපා යෝදයෝ.ගුලි හින්දා වෙලා තියන නස්පැත්තිය මදිද? පෙත්තා උදේ පාන්දරින්ම දකුණේ අදෝනාව ප්‍රකාශ කරලා (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 11:38 AM

දිසා කියනවා වගේ ගල් රාජාගේ ගැටලුවෙන් ඔලුව කොලප්පන් වුණා උදේ පාන්දරම! ටිකක් බලමුකෝ අනිත් අයගේ උත්තරත් (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Friday, 04 October 2013 12:01 PM

නිරුවතින් බැංකුවට කඩාවැදුණු දාමරිකයා විශාල මුදලක් රැගෙන පලාගියේය. රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙලිවුයේ කාන්තා ගනුදෙනු කාරිනියන් බොහෝ දෙනෙකුට ඔහුගේ වෙනත් දේහ ලක්ෂණ මතක තිබු නමුත් කිසිවකුට ඔහුගේ මුහුණේ හැඩරුව මතක නොතිබුණු බවයි (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 12:09 PM

මං දන්නවා කිරලා හොරාගේ ඔලුව උඩ වහන්න ඇති (නි)

:       0       0

නාලක Friday, 04 October 2013 12:22 PM

පහන්, ඔය කියපු එක ඇත්තක්ද? එහෙනම් ළගදීම ලංකාවෙනුත් ඔය වගේ දෙයක් අහන්න ලැබේවි. (නි)

:       0       0

කුමාරි Friday, 04 October 2013 12:32 PM

පහන්,ඕක කොහේද සිද්ධ වුණේ? (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 01:14 PM

පහන්, මරු කතාව. තැන නම් කියන්න එපා කුමාරිට. යන්න වගේ හදන්නේ එහෙට...... (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 01:31 PM

පහන් ෂුවර් එකටම ඔයා ඔය කියන බැංකුව අපේ රූපවතී අක්කා, චන්දි නැන්දා,මෙල්බන් ඉන්දු , කුමාරි නිතර ගනුදෙනු කරන්න යන බැංකුවම වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Friday, 04 October 2013 01:40 PM

වෙහෙසුව මොළය උත්තර සෙවුමට නොමඳ... රාජම උත්තරේ කිව්වොත් නේද හොඳ? (නි)

:       0       0

ප්‍රියන්ති රන්ජනී Friday, 04 October 2013 01:42 PM

කුමාරි පහන් ගැන ද්වේශයෙන් ඉන්නේ. පහන්ලා නැතිනම් මේ තීරය ඇත්තටම අදුරුයි. කලිනුත් අර බණ කතාවට මොකද්දෝ කියලා තිබුනා (නි)

:       0       0

කුමාරි Friday, 04 October 2013 02:02 PM

සරත්,ප්‍රියන්තිට ඔච්චර දෙයක්වත් තේරෙන්නෙ නැද්ද? (නි)

:       0       0

සමාදී Friday, 04 October 2013 02:03 PM

කොහොමත් පහන් ඔය ගැන ලොකුවට වද වෙන්න එපා.ඕවා දැන් සාමාන්‍යය දේවල් (නි)

:       0       0

අසෝක Friday, 04 October 2013 02:04 PM

දෙයියන්ටම ඔප්පු වෙන්න පැන පිට පැන ගොඩක් වෙලා ..... විසදගන්න බැරි හින්දා මුල් පුටුවත් නොරොක් වෙලා.... ඒ මොළයත් කිරලා බලලා දැන් හොදටම නරක්වෙලා... සාක්කියට දෙයියෝ වැඩලා අපි ඔක්කොම හිනස්සලා .... (නි)

:       0       0

අසෝක Friday, 04 October 2013 02:05 PM

පහන්, ඒ කොල්ලකාපු සල්ලි වලින් නේද ඔයා අරයට හොද මාලයක් තෑගී දුන්නේ? (නි)

:       0       0

රාජා ගල්ගමුව Friday, 04 October 2013 02:06 PM

මෙන්න උත්තරේ, ඔක්කොම අය 1 සිට 10 දක්වා ලේබල් කරලා, පළවෙනිය‍ාගෙන් 1යි,දෙවෙනියාගෙන් 2යි.... දහවෙනියාගෙන් 10යි, (ඔක්කොම ගුලි55ක්) අරන් කිරනවා. බර=කිලෝ54.999 නම් හොරා පලවෙනියා, 54.998 නම් හොරා දෙවෙනියා,...........54.990 නම් හොරා දහවෙනියා. (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 02:06 PM

ප්‍රියන්ති, පහන් නැත්නම් "ලයිට් එකක් " දාගන්න. අපේ පහන් නම් හැමදාම එනවා. (නි)

:       0       0

අසෝක Friday, 04 October 2013 02:14 PM

පහන්, ඔය දාමරිකයා ආව බැංකුවේ එකම එක පිරිමියෙක්වත් හිටියේ නැද්ද....? නැත්නම් හිටපු පිරිමි කට්ටිය හැංගුනාද? නියම පිරිමි නේද පහන්? (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 02:23 PM

රාජා, තරාදිය දෙපැත්තට 5 ගානේ දාලා දෙක ගානේ ඉවත් කළහම පොඩි ගුලිය අහුවෙනවනේ. (නි)

:       0       0

සරත් Friday, 04 October 2013 02:33 PM

පහන්, අද උදේ පාන්දරින්ම රූපවතී අක්කයි, චන්දියි ගිහින් පෝලිමේ ඉන්නවලු බැංකුව අරිනකන්, අර හොරා අදත් එයි කියලා. කුමාරිට ටිකක් හිතට හරි මදිලු.ඒ දෙන්නා හොරෙන් ගියා කියලා (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 04 October 2013 02:35 PM

රාජා බොරු කතා කියන්න එපා. රජ කාලේ කොහෙද ග්‍රෑම්? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 04 October 2013 02:37 PM

ඔයාට ඇත්තම කියන්න සරත් , මම ඔය බැංකුවට ආයෙත් කීප සැරයක්ම ගියා. ආවේ නැහැනේ මේ දාමරිකයා. (නි)

:       0       0

පද්මිණි Friday, 04 October 2013 03:03 PM

කිරලා මැනලා බැලුවම මොලයේ තරම.විසදුම දීපු මහමොලකරු සරත් තමා. (නි)

:       0       0

ගජබා Friday, 04 October 2013 03:25 PM

ෂුවර් එකටම රාජා විරේකයක් දීලා අහවල් තැන හංගගෙන ඉඳපු එකාව අල්ලගන්න ඇති. (නි)

:       0       0

ලක්ෂාන් Friday, 04 October 2013 03:31 PM

ලැබෙන පාඨාංකය අනුව එක පාරින්ම හොරා අල්ලා ගන්න පුලුවන්. (නි)

:       0       0

රන්ජා Friday, 04 October 2013 03:32 PM

ඉතින් රාජා ගල්ගමුව, ඔය කියන හොරා හදපු ගුලි කිරලා බලපුවම බර අඩුයි කියලා පෙනෙනවා නම් ගැටළුවක් නැහැ නේ (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:43 PM

ලයිසන් එකෙන් සල්ලි ගන්න ගියාට කමක් නැහැ. හැබැයි ලයිසන් තිබුනට බීමත්ව රිය පදවන්න එපා. (නි)

:       0       0

ලන්කාපුතා Friday, 04 October 2013 03:59 PM

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 අරන් කිරලා අඩු බරෙන් හොයා ගත්තහැකි. (නි)

:       0       0

ඩේව්ඩ් Friday, 04 October 2013 04:26 PM

මතට තිත වගේම කුඩු වලටත් තිත තිබ්බා නම් ,අඩු තරමින් කුඩු විකුණන අය දෙතුන් දෙනෙක් කොළ නැති ගහට ගියා නම් ,රට නිකන්ම හැදෙනවා (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 04:53 PM

ලයිසන් එකෙන් සල්ලි ගන්න ගියත්, බීලා රිය පදවන්න නම් එපා (නි)

:       0       0

නිලූ Friday, 04 October 2013 06:00 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 06:45 PM

කු..කු..කු..කූ....කුමාරි කුකුලෙක් අඬනවා.. (නි)

:       0       0

පෙරේරා Friday, 04 October 2013 06:51 PM

රුපක්කා බණ්ඩක්කා .... චන්දී වගේ වට්ටක්කා.... ඉන්දු අනේ පත්තක්කා.. සරා වැනෙන කොරවක්කා ... හේර මදින සාදික්කා (නි)

:       0       0

චින්තක Friday, 04 October 2013 06:56 PM

රාජා, ඔයාගේ ගැටලුවේ දත්ත මදි. ඒත් මම ඒ ටික උපකල්පනය කරලා ඔයාට උත්තරය කියන්නම්. "ඔතන එන්න ඕනෑ රන්කරුවෝ 10 දෙනා එක්කෙනා ගුලි 10 බැගින් හැදුවා.කියන එක. එතකොට ගුලි 100. රජතුමා කලේ පලවෙනි රන්කරුවාගෙන් ගුලි 1ක්,2 වෙනියාගෙන් ගුලි 2ක්, 3 වෙනියගෙන් ගුලි 3... 10 වෙනියාගෙන් ගුලි 10ක් ගත්තා. එතකොට ඔක්කොම ගුලි 55 යි. කිරුවම අවුලක් නැත්තම් 55ක් වෙන්න ඕනෑ. ඒත් කිරලා බැලුවම 54.9ක් වුනොත් ඒකේ තේරුම පලවෙනි කෙනා තමා හොරා. 54.8ක් වුනොත් ඒ කියන්නේ 2 වෙනි කෙනා හොරා. (එක ගුලියකින් 1ග්‍රෑම් හොරකම් කරනවා.) පැහැදිලියි නේද ? (නි)

:       0       0

ඩේව්ඩ් Friday, 04 October 2013 07:28 PM

පහන්ට මඩු වලිගයක් හොයලා තලන්න ඕනෑ බොරු කියනවට (නි)

:       0       0

ගමගේ Friday, 04 October 2013 07:48 PM

විශිෂ්ටයි (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 04 October 2013 08:06 PM

පොඩි වැරදීමක් වෙලා මෙයාට. (දී)

:       0       0

මලිත් Friday, 04 October 2013 08:06 PM

ක්‍රෙඩිට් කාඩ් එකෙන් වාහනේ යයි (දී)

:       0       0

පාලිත Friday, 04 October 2013 08:34 PM

කනමදයට තාම වෙරි.....(අ)..

:       0       0

ඉන්දු - ලන්ඩන් Friday, 04 October 2013 09:05 PM

ඔයාට පින් රාජා උදේම අපේ ඔලුව නරක් කරාට (අ)

:       0       0

සකලබුජන් Friday, 04 October 2013 09:22 PM

‘‘පනස් පහයි විසි තුන’’ (දී)

:       0       0

රූපවතී Friday, 04 October 2013 10:48 PM

පහන් බොරු කියනවා නේද ..? (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 10:51 PM

එසැනට ලියන අයගේ වයසේ වැරැද්ද (නි)

:       0       0

රූපවතී Friday, 04 October 2013 11:35 PM

ඔන්න අයියෙකුයි ,මල්ලියෙකුයි ුව්ලේ ඉඩමක ගස් වැව්වලු.හැම ජාතියකම රූස්ස ගස් ඒ ඉඩමේ වැවිලා ..දවසක් මල්ලිට ඩෝං ගිහින් අයියත් සමග කියත් සමග මිනිස්සු රොත්තක් යැව්වලු ගස්ටික කපලා පටවන්න.අයියගේ අවවාදය වුණේ ඕනෑම ගහක් කපාගෙන යන්න හැබැයි මේ වර්ගයේ ගස් නොකපා..?ඔහු ගස් දෙකක නම් කිවුවලු. මේ මිනිසුන් දූවගෙන යනවලු ගහක් ළගට. බලනකොට ඒ කිවුව ජාතියේ ගහක්ලු. ඊළග එකටත් දුවනවලු ..ඒකත් ඒ ගහක්ලු.මෙහෙම ගස් දිහා බලාගෙන කට්ටිය හවස් වෙනකම් දුවලා කපන්න ගහක් නැතුව ආපසු ගියාලු.මොනවද ඒ කියපු ගස් දෙකේ නම ...? (නි)

:       0       0

රූපවතී Saturday, 05 October 2013 01:12 AM

පහන් මල්ලි, මට නම් නාරි දේහේ මතක නැතුවට මූහුණ සේරම මතකයි. සල්ලි මල්ලත් අරගෙන උපන් ඇදුමෙන් පස්ස බල බලා අපේ සරත් දුවද්දී ..?චන්දි නේද ? අත් දෙකෙන්ම ඇස් දෙක වහගෙන හිනා වුණේ...? දිසා තමයි ඔත්තු බැලුවේ (නි)

:       0       0

සරත් Saturday, 05 October 2013 01:37 AM

රූපවතී අක්කයි , චන්දියි තවම ඇවිල්ලා නැත්තෙ බැංකුවට වෙලා තවමත් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ (නි)

:       0       0

කැකිල්ලේ උපදේශක Saturday, 05 October 2013 02:21 AM

රජෝ, හරිම පහසු ප්‍රශ්නයක්නේ ඔයා ඔලුව අවුල් කරගෙන තියෙන්නේ. ගැටලුවට සරිලන ආකාරයට දෙන්න පුළුවන් සරලම විසදුම මෙයයි. කිලෝවේ කිලෝවේ ගුලි හදන්න ආව රන්කරුවෝ දහ දෙනාම හැදුවේ ගුලි දහයයි. තරාදියෙන් බර බැලුවම එක ගුලියක බර අඩුයි.ඔන්න ඔය විදියටයි 1 සැරෙන් හෝරාව ඇල්ලුවේ (නි)

:       0       0

ශාන්ති Saturday, 05 October 2013 02:36 AM

මමත් හිටියනේ අනේ ඒ වෙලාවේ. මටත් මතක නැහැ (නි)

:       0       0

පෙත්තා Saturday, 05 October 2013 02:56 AM

බීලා රිය පදවන්න නම් එපා. හැබෑ නේන්නම් කුමාරිහාමියේ... (නි)

:       0       0

පෙරේරා Saturday, 05 October 2013 05:53 AM

සාක්කිකාරිට නව මාසයක් අලුත් හිරේක දාන්න වෙනවා.... (නි)

:       0       0

හේරත් Saturday, 05 October 2013 05:56 AM

රූපා මොකද රාත්තලම ඉල්ලුවේ? (නි)

:       0       0

පෙත්තා Saturday, 05 October 2013 05:58 AM

ශාන්ති, කියන්න ලැජ්ජයි තාත්තට....මතක නැහැ කලන්තෙ වගේ ... (නි)

:       0       0

ඩේව්ඩ් Saturday, 05 October 2013 07:40 AM

''මෝල් ගස '' හරිද රූපා (නදී)

:       0       0

සරත් Saturday, 05 October 2013 08:53 AM

රුප අක්කේ , චන්දි ඇස් වහගත්තේ මම ගියාට පස්සෙලු. කටත් ඇර ගෙනලු බලන් හිටියා කියලා දිසා තමයි කිව්වේ.(නදී)

:       0       0

ඉෂාර Saturday, 05 October 2013 09:21 AM

ගල්ගමුවේ රාජා අයියේ, රජ කාලේ කරපු හැටි කට්ටිය කිව්වානේ, හැබැයි අද කාලේ නං හරිම ලේසියි. කලිසම පොඩ්ඩක් පහත් කරවලා අහවල් පැත්ත සෝදිසි කලාම බඩු මාට්ටු. (දී)

:       0       0

ඉෂාර Saturday, 05 October 2013 09:24 AM

රූපක්කේ, ගස් දෙක, ලොකු ගස් හා පොඩි ගස්ද? (දී)

:       0       0

රාජා ගල්ගමුව Saturday, 05 October 2013 09:42 AM

චින්තක,ගුලි 10ට අඩුවෙන් හැදුවොත් මරණය කියන කොන්දේසිය දැම්මෙ එක් කෙනෙක් අවම වශයෙන් ගුලි10ක් හදනවා කියන්න තමයි .කෙසේ වුවත් එක පාරින් කිරල හොයන විධිය තේරුනෙ ඔයාට. ඉන්දු අමතක කරන්න එපා තාම රජවරු ඉන්න රටවල් කීපයක්ම තියනවා.

:       0       0

සරත් Saturday, 05 October 2013 11:10 AM

රූපවතී අක්කේ උස ගස් සහ මිටි ගස්!(දී)

:       0       0

මාලක Saturday, 05 October 2013 11:50 AM

චන්ඩියා බදෙනේ

:       0       0

ඉන්දු-ලන්ඩන් Saturday, 05 October 2013 12:54 PM

ඒ හොරාගේ මූණේ කිසිම කැපී පෙනෙන ලක්ෂණයක් තියෙන්න නැතුව ඇති. ඒකයි මතක නැතුව ඇත්තේ. අසෝක මාත් අහන්නෙ ගෑනු අයට එහෙම හරි මතක තිබුණා. බැංකුවේ හිටි පිරිමි අයට මොකද වුනේ. එයාලට බැංකුවෙ හිටියා කියලවත් මතක නැත්ද දන්නේ නෑ. (දී)

:       0       0

කටා මාමා Saturday, 05 October 2013 01:08 PM

පරණම කතාවක්.. සත්වයන්ට ජිවත් වෙන්න ලැබෙන වර්ෂ ගණන තීරණය කරන සැසිවාරය ඇරබින. පළමුව මිනිසාට පරම ආයුෂ අවු. 40ක් දෙවනුව හරකට පරම ආයුෂ අවු. 40ක් එනමුත් එපමණ දීර්ග කාලයක් දුක් විද විද ජිවත් වෙනවාට වඩා අවු. 20 ඇති බව ප්‍රකාශ කල හෙයින් ප්‍රසාද ආයු ලෙස මිනිසා හරකාගෙන් ලැබුණු අවු 20 ත් ලබා ගති, මෙසේ ඊලගට බල්ලගෙන් හා බස්සාගෙන් පිලිවෙලින් අවු 20 බැගින් ද බෝනස් අවු 100 දක්වා ලබා සතුටින් නික්ම ගියේය. ඉතින් මිනිසා අවු 40ක් සැපවත්ව ඉද, එතැන් පටන් හරකා සේ බරට මහන්සි වෙයි දරුවන් වෙනුවෙන් අවු 60 වෙනකම් හරකාගෙන් ලැබුණු ආයු නිසා, ඉන් පසුව බල්ලා සේ ගෙවල් මුර කරයි දරු මුණු බුරු බිරියන් සමගින් , අන්තිම කාලය ඇවිද ගන්නත් බැරිව ගෙහි අදුරු මුල්ලක ඇදක වැතිර අසන කියන හැම දෙකකට ඇස් කරක කරකවා බෙල්ල විතරක් හරව හරවා හැමදේටම හ්ම්,හ්ම් කියමින් ජිවත් වෙන්න වෙයි. තාත්තේ බෙහෙත් බොන්න, හ්ම්.... තාත්තේ ගිහින් එන්නම් හ්ම්..හ්ම්....(නදී)

:       0       0

සරත් Saturday, 05 October 2013 01:37 PM

කටා මාමා දැන් ඉන්නේ " හ්ම්..හ්ම්..." අවධියේද?(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 05 October 2013 06:21 PM

දෙකක් දා ගන්නම ඕනේ වැඩේ පෙන්න

:       0       0

ප්‍රියන්ත Saturday, 05 October 2013 06:24 PM

බිවුවහම ඔහොම තමයි මෙයා

:       0       0

වසන්ත Saturday, 05 October 2013 06:29 PM

මේ කතාවටත් රණ්ඩු කර ගන්න එපා

:       0       0

රුවන් Saturday, 05 October 2013 06:29 PM

ඕනෑම සද්දන්තයෙක් වට්ටන්න පුළුවන් එකම වෙලාවනේ දෙකක් දාගන්න වෙලාව (දී)

:       0       0

සෙනරත් Saturday, 05 October 2013 06:29 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

ප්‍රේමකුමාර Saturday, 05 October 2013 10:32 PM

රූපක්කේ, අපි දෙන්නා කණ්ඩලමේ ගිය වෙලාවේ ඔයා මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවම මම ඕකට උත්තරේ කිව්වානේ. උත්තරේ මේකයි. අයියා කිව්වේ අපි හිටවපු ගසුයි අපි හිටවපු නැති ගසුයි කපන්න එපා කියලයි. මේ ප්‍රේමකුමාර මල්ලි හැඩකාරයි සෙල්ලක්කාරයි වගේම බුද්ධිමත්. (නි)

:       0       0

චමින්ද Sunday, 06 October 2013 02:27 AM

ගුවන් යානයේ දොර අරින්න ගිය එක්කෙනාටත් වුනේ මේ වගේම වැඩක් තමයි. (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 06:12 AM

ඉන්දු, මූණේ කිසිම කැපී පෙනෙන ලක්ෂණයක් දකින්නේ කොහොමද. මාතර පෙළපාලි පටන් ගන්න කලින් නේ මේක වුණේ? (නි)

:       0       0

ආසිරි Sunday, 06 October 2013 10:40 AM

අර ගස් දෙක 01: කෙලින් ගහ 02: ඇද ගහ, මම හරිද රුපවති අක්කේ .. (නදී)

:       0       0

රෝ රෝ Sunday, 06 October 2013 11:07 AM

රූපවතී මිස් ගස් දෙක කෙස් ගස් හා . (නදී)

:       0       0

චන්දි Sunday, 06 October 2013 02:00 PM

මං ආවේ නැති ටිකට මේ ගොල්ලන් ගියපු දුර. ඉතින් ඉතින් කියන්නකෝ මොනවද අලුත් තොරතුරු. සරත් ,දිසා,රුප., හේරත්.,ඉන්දු ,පෙත්ත මගේ යාලුවනේ. ඔව් සරත් ,මං කටත් ඇරන් බලා උන්න නේන්නම්. හැබැයි කොල්ලෝ ඒ ඔයා දිහා නම් නෙවෙයි ''සල්ලි මල්ල දිහා '' .(නදී)

:       0       0

චන්දි Sunday, 06 October 2013 02:02 PM

රූපවති අක්කේ ., අනේ අගේ නොකර කියන්න කෝ මොනවද ඒ ගස් දෙක කියලා .(නදී)

:       0       0

ටිනී Sunday, 06 October 2013 03:24 PM

වෙරි මරගාතේ ඔය මැසිමට කාඩ් එක හරියට දාගන්න බේරී උනාට අනිත් දේවල් නම් හරියට තියෙයි. .(නදී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 06 October 2013 07:44 PM

ඈයි රජතුමා වරදිලාවත් රන්කරුවන්ගෙ පස්චත් භාගය පරීක්ෂා කලාද්?.(නදී)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 07:58 PM

ඌර ගස් හා මාර ගස් හන්දිය... .(නදී)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 08:19 PM

''සල්ලි මල්ල දිහා '' බලනවා...හැම සල්ලි මල්ලේම සල්ලි නෑ පේන්න දාන්නේ නෑ චන්දියෝ..කුඩු කාරයෝ...මසාජ් කාරයෝඕ...ගේ මලු ලොකුයි...ඉස්සර අල්ලි දෙකක් දුර ඇවිදින්න බැරි මිනි ගව්ම් ඇදපු නෝනලා පස්සේ අපිත් ගීයා. ..(නදී)

:       0       0

චන්දි Sunday, 06 October 2013 09:41 PM

ඒක් ගමිමානයක අඹු සැමි යුවලක් ජීවත්වුනා. මේ දෙපල හේන් වගාකර වන සතුන්ගෙන් ඒ වගාව ආරක්ෂා කර ගැනීම සදහා ගහක් උඩ කුඩා පැලක් සදා ගෙන රාත්‍රී කාලය ඒ පැලේ ගත කිරීමත් කවි කියමින් සතුන් පලවා හැරීමත් මේ දෙපලගේ දින චරියාවේ කොටසක් වුනා. රාත්‍රී කාලයේ කවි කියවීම පුරුද්දන් වුනා. ඒ නිසා සතා සීපාවා හෝ විනිස් පුලුටක්වත් ඒ පැත්තේ ආවේ නැහැ. ඒ දෙපල සතුටින් ජීවත් වුනා.(නදී)

:       0       0

ශාන්ති Sunday, 06 October 2013 10:04 PM

පැට්ටෝ මට් අප්පියාවේ වමනේ යන්ඩ් ආවා ලැජ්ජ වන්නේ මොනවටද ඔව්වා දැන් සාමාන්‍ය දේවල්නේ .(නදී)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 10:59 PM

සතුටින් පැලේ ඉන්නේ අනෙ අපි නේද?.(නදී)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 11:12 PM

ශාන්ති! ශාන්ති! ලැජ්ජ වන්නේ මොනවටද?අප්පිරියාව වමනේ? අනේ දෙයියෝ බැලුවා...වාසනාවන්....(නදී)

:       0       0

විතානගේ Sunday, 06 October 2013 11:28 PM

පහන් කට්ටියව අවුස්සලා තියල පැත්තකට වෙලා ඉන්නවා කෝ මේ හාදය?.(නදී)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 11:35 PM

පහන් කට්ටිය එක්ක කිරි පැණි කනවා...කුස්සියේ...(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Monday, 07 October 2013 02:41 AM

චන්දි අක්කේ, ඉතින් ඉතින්? එච්චරද කතාව? නෙත් යොමු කළ විටදි ඔබෙ රසබර කතාවට.. දහසක් පැණ ඇතිවුණා සැබවින් මගෙ හිතට.. ගරු කටයුතු තැනකි ජාතික පුවත්පත.. එබැවින් තව සිතා වහගමි මගේ කට..!! (නි)

:       0       0

බට්ටා Monday, 07 October 2013 05:21 AM

“එම්බා ප්‍රේමිය, මේ දිනවල මම නුඹගේ පතිවෘත්තාව පිළිබඳ පරීක්ෂාවෙන් පසුවෙමි. උතුම් වූ ආර්යාවන් වන අප සද්චාරිත්‍ර අනුගමනය කළ යුතුය”. පරණ කතාවකින් උපුටා ගන්නා ලදී (නි)

:       0       0

බට්ටා Monday, 07 October 2013 05:38 AM

"මේ ලෝකය පාලනය කරන දහම් දෙකක් තියෙනවා. පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත්ය ධම්ම"ගේ පාඩමක්. (නි)

:       0       0

පාලිත Monday, 07 October 2013 06:18 AM

ලන්ඩන් ඉන්න ඉන්දුට දැනුනා තිතට - අවසර මටත් අත්පුඩියක් තලන්නට - ජාතික පුවත් පතෙ සේවය රැක ගන්ට - නිහඬව පුදමු අපෙ සක්තිය හෙළ බිමට...(අ)

:       0       0

චන්දි Monday, 07 October 2013 09:18 AM

අනේ ,ඉන්දු නංගියෝ..!! ඔයාගේ චන්දි .අක්ක නෙවෙයි ඒ කතාව ලිවේ මගේ නමින් ඉන්න වෙන කෙනෙක් ... එක නම් වලින් අපි දෙදෙනෙක් ඉන්නවා මිට පස්සේ මන් ''චන්දි අලුත්වල ''කියල දාන්නම් එතකොට මගේ සහෝදර,සහෝදරියන්ට මාව හදුනා ගන්න පුළුවන් වේවි (නදී)

:       0       0

රූපවතී Monday, 07 October 2013 10:04 AM

ඔන්න මම දුන් ප්‍රශ්නෙට හරි උත්තරය දී ඇති කෙනා .." ආසිරි " හරි උත්තරේ දුන් කෙනාගේ ගෙදර ඇවිත් මම නවතිනවා ...!!ප්‍රශ්න නම් ඇති කරන්න එපා ඔන්න.. මම කීවා?(නදී)

:       0       0

ශාන්ති Monday, 07 October 2013 11:03 AM

ඔබ්ට් පාර වැරදිලා මහත්මයා. (නදී)

:       0       0

පෙරේරා Monday, 07 October 2013 08:25 PM

උත්සාහවන්තයා ජයගනී ...හරිපාර හොයාගෙන ඉදිරියටම යමු....(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 09:56 PM

ආසිරි ට සුබ පැතුම් ...ඌර ගස් හන්දියේ නෝනා ගෙදර එනවලු? උඹට දෙවි පිහිටයි..(නදී).

:       0       0

හේරත් Monday, 07 October 2013 10:10 PM

මේ ඉන්දු දාන ලෙඩ. දව්ස තුනට මාරු කොරන නීතියක් දාල අලුත් වලයි පරන වලයි කියලා චන්දිලා දෙන්නෙක් මැව්වා එහෙනම්. 'චන්දි අලුත්වල ' සති අන්තයේ ග්‍රහ මාරුවක් වෙලා.(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Monday, 07 October 2013 10:36 PM

අනේ චන්දි අක්කේ (අලුත්වල), මම ඒත් බැලුවා ඔයා අපේ කටවල් අවුස්සන මෙහෙම කතා දාන්නේ නෑ නේද කියලා. මම දැනුයි දන්නේ චන්දිලා දෙන්නෙකුත් ඉන්නවා කියලා. අනේ අනිත් චන්දිත් ගමක නමක් අගට දාගන්නකෝ. හේරත්, දවස් 3 නීතිය දැමමේ මම නෙවෙයි අනිත් ඉන්දු (මෙල්බර්න්). මට දැන් ප්‍රශ්නේ දිසා මාමලත් දෙන්නෙක් ඉන්නවා වගේ නේද කියලා. (නදී)

:       0       0

දිසානායක Monday, 07 October 2013 10:48 PM

ගෙදර ඇවිල්ල නවතිනවා විතරක් නෙමෙයි නවත්තගන්න කෙනෙකුට මම සල්ලි මිටියකුත් දෙනවා ...අනේ රුප කරුමේ (නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 11:28 PM

අනේ මාමගේ ..මිටිය...(නදී)

:       0       0

රූපවතී Monday, 07 October 2013 11:41 PM

ඇයි දිසානායකමනේ කිවුවේ මාව දික්කසාද කරනවා කියලා. ඉතින් මාව බාරගන්න කෙනෙක් නැත්නම් මම ආසිරියලගේ ගෙදරවත් ගිහින් නවතිනවා (නි)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 11:43 PM

කලබල වෙන්න එපා.හිත් නරක්කර ගන්න එපා.මේවා සුළු අඩුපාඩු. (නි)

:       0       0

බන්ටු Tuesday, 08 October 2013 02:38 AM

යාළුවො දෙන්නෙක් බැංකුවකට ගිහින් එක යාළුවෙක් කාර්ඩ් එකෙන් සල්ලි ගන්න රහස් අංකය ගැහුවලු.ඒක දැක්ක අනිත් යාළුවා කිව්වලු උඹේ පාස්වර්ඩ් එක තරු හතරක් නේ මම ඒක දැක්කා කියලා. ඊට පස්සෙ සල්ලි ගත් යාළුවා කිව්වලු උඹට පිස්සුද බං,ඒ පාස්වර්ඩ් මේකෙ ටයිප් වෙන හැටි.මගෙ පාස්වර්ඩ් එක පනස්පහයි විසිතුන කියලා (නි)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 08 October 2013 03:45 AM

රූපවති, මමත් හොඳ සිංහල බෞද්ධ ගැහැනියක්, අපිට ඔය එන්ගලන්තේ තියෙන කාන්තා විමුක්තිය මෙහෙට ඕනෑ නැහැ. ලංකාවේ නීතිය හැම රටටම වැඩ සැරයි. මෙහෙ ගැහැනියෙකුට ගැහුවොත් සතියක් රිමාන්ඩ් (නි)

:       0       0

බට්ටා Tuesday, 08 October 2013 08:27 AM

"දිසානායකමනේ කිවුවේ" කාපුබීපු වෙලාවට කටමැත දෙඩුවට ටිකකින් අමතක වෙනවා. පස්සේ කෑ ගහනවා මැරෙන්න හදනවා මගේ රූපා කෝ? ලියලා.කලබල වෙන්න එපා.හිත නරක් කර ගන්න එපා.මේවා නෑ යකුන්ගේ වැඩ. (නි)

:       0       0

හේරත් Tuesday, 08 October 2013 08:31 AM

අනේ රූපෝ, මට නම් බැහැ ඔය අනුන්ගේ ඒවාට ඇඟිල්ල දාන්න. ඔයාලා හෙට උදේට යාලුවෝ (නි)

:       0       0

සරත් Tuesday, 08 October 2013 08:58 AM

චන්දි, ඉන්දු, ඔයාල නම් වලටයි අදහස් වලටයි ගහ ගන්න එපා. මේ අපි වගේ සතුටින් ඉන්නකෝ ...... (නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 08 October 2013 09:23 AM

දිසානායකලා මම විතරයි ඉන්නේ සමහර විට මගේ අර මුල අකුරු ටික දාන්නේ නැහැ සංස්කාරක හිතවතුන් ......බොල ගැහැණියෙ රුප ඔහේ ගියාට කමක් නැහැ ඔන්....වන්දිනම් වානා ..මට තුට්ටු නො ....රෑට කන්න පිට්ටු නො....දෙයියෝ දුන්නු රූප නො .....අල්ලපු ගෙදර එකිත් නො.... (ස)

:       0       0

චන්දි අලුත්වල Tuesday, 08 October 2013 09:43 AM

අනේ ,ඔව් හේරත්..!! මගේ අම්ම මගේ හදහන බලපු වෙලාවෙත් කිවලු ග්‍රහ මාරුවක් තියෙනවා කියලා.එහෙනම් ඔයා කියන විදියට සති අන්තයේ වුනේ ඒ ග්‍රහ මාරුව වෙන්නැති (අනේ හේරත් කැපෙයි වගේ ,මොකද ආසියා පිටනේ) (ස)

:       0       0

නිලු විදානගේ සෞදි අරාබිය Tuesday, 08 October 2013 10:19 AM

අයියෝ චන්දි අක්කේ හීනයක් දැක්කද? කෝ ඔයාගෙන් කවියක් නැහැනේ.(නදී)

:       0       0

ආකාශ් ලියනගේ Tuesday, 08 October 2013 10:27 AM

රහමෙර උගුරක් තොලගා අහිංසක සතුටක් විඳින ජනතාවට එරෙහිව කරන මෙවැනි මඩ ගැසීම් තරයේ හෙලා දකිනවා. (ස)

:       0       0

සකු Tuesday, 08 October 2013 10:42 AM

හැබෑව නේන්නම්...චන්දි කුට්ටම අනුවාම හේරා බුරුවාට නොකැපී ආසියා වේම තමා තාම වැඩ දන්නෙ..එහෙනම් අලුත්වලත් බල ඉන්නේ මාව කපන්න..අනමු.අනමු. දාන්නකෝ කොලේ..(අ)

:       0       0

රූපවතී Tuesday, 08 October 2013 10:51 AM

පේනවා නේද ..මෙතන ඉන්න අයියල කෑගැහුවට ..අපේ ආසිරි සද්දයක්වත් නැහැ ..මම එනවා කීව නිසා විගහට ගෙයි බිත්තිවල හුණු ගානවා ඇති ..ඒ කයි නිශ්ශබ්ද ...? ඒ උනාට අපේ දිසා ..කෑගහනවා බයේ මම යයි කියල ...සරතුත් පැත්තක ඉදන් අරුව කොනිති ගහනවද කොහෙද ...? (නදී)

:       0       0

පෙත්තා Tuesday, 08 October 2013 10:51 AM

යමුද පෙළපාලියක්..නැතිනම් කරමු උපවාසයක්..ඒත් බැරි නම් නගිමුද වහලට...හැබැයි ලියෝ වැටුනොත් උඹම විඳපන් මලේ.. (නදී)

:       0       0

චන්දි අලුත්වල Tuesday, 08 October 2013 10:54 AM

යන්නට පමා වීලා ඇත වැඩපලට .., එනමුත් ඉන්දු ඔබගේ ඉල්ලීම පිට .., කවියක් ගොතා දැම්මේ හැකි ඉක්මනට ..වැරදි උනොත්''නුබ'' සමා වෙයන් මට (නදී)

:       0       0

khrk disanayaka Tuesday, 08 October 2013 10:55 AM

මගේ දයාබර අක්කල නංගිලා මල්ලිලා අයියල වෙත අද එක මුස්ලිම් සහෝදරයකු විසින් පළකර තිබු අදහස් මා බෙහෙවින් හිත් වේදනාවට පත් කරන ලදී. අපි මෙම තීරයේ විනෝද වනවිට තවත් පැත්තක අපිට වින කරන පිරිසක් සිටින බව අමතක නොකළ යුතුව ඇත. ජාතියේ නාමයෙන් ඒවාට පිළිතුරු දිය යුතුය. අප රැකගත් දේශයට අකටයුත්තක් නොවීමට වගබලා ගැනීම සියලු ශ්‍රී ලාංන්කිකයන්ගේ වගකීමක් හා යුතුකම වන බව මම ප්‍රකාශ කරමි ..ඉරානයට ශ්‍රමිකයන් යැවීම සම්බන්ද ලිපිය සියලු දෙනා කියවන්න මගේ අදහස් කියවන්න (නදී)

:       0       0

රූපවති Tuesday, 08 October 2013 11:20 AM

කළු දිසා මාමේ බොරු කියන්න එපා ..? අපායට යයි.? ඔයා එදා ඔයාගේ මගුල් ගෙදර දවසේ මට කීවේ දිසානායකලා දෙන්නෙක් ඉන්නවා කියල ..? (අ)

:       0       0

රූපවතී Tuesday, 08 October 2013 11:52 AM

අනේ! සමදරා ආරියදාස අක්කේ, ඔයා ප්‍රාදේශීය සභාවකද වැඩ? එසේත් නැත්නම් ඔයාගේ කව්රු හරි එහෙ ඉන්නවද? එහෙම නැත්නම් ඔයා අපිට නීතිය ඔයත් ඉන්නේ එන්ගලන්තයේද? (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 08 October 2013 12:46 PM

ඇයි චන්දි මොකද අලුත් වලක් දාගෙන ඇයි පරණ වල කාටද දුන්නේ. වෙයිද, ඉතිහාසයේ වාර්තාවක් මේකත් (ස)

:       0       0

ආකාශ් ලියනගේ Tuesday, 08 October 2013 01:15 PM

නිකන් ජාතිවාදය අවුස්සාගෙන කෑගහන්න එපා. සිංහලයාට වැරදුනේ සිංහලයාගෙ වරදින් මිසක් අන්‍යාගමිකයන්ගේ වරදින් නෙමෙයි. (නි)

:       0       0

ඩේව්ඩ් Tuesday, 08 October 2013 01:18 PM

සමහරුන්ට හිනා යනවා ඇති බට්ටාගේ කතාවට (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 08 October 2013 02:16 PM

ආකාශ ලියනගේ .........උප්පැන්න සහතිකේ සිංහල කියලා තිබුන පලියට සිංහල නමක් දාගත්ත පලියට ඔහෙලගෙ අගේ දුවන්නේ මොන ලේ ද කියල අපි දන්නවා. අපිට තියන ලොකුම ගැටලුව සිංහ හම පොරවා ගත්ත ඔහෙල වගේ නරියන්ව තමයි... (ස)

:       0       0

චන්දි අලුත්වල Tuesday, 08 October 2013 03:52 PM

අනේ නිලූ, නගෝ ඔයයි මගෙන් කවියක් ඉල්ලලා තිබුනේ කලබලේට ,ඉන්දු කියල ලියවිලා ., හරි හරි , ඔය දෙන්නම කියවලා රස විදින්නකෝ හොඳේ ...{අනේ දිසෝ මාර වැඩේනේ චන්දිල දෙන්නෙක් ඉන්නවා.ඉතින් මං මගේ ගම එකතු කර ගත්ත ඔයාලට මාව හඳනා ගන්න ලෙහෙසි වෙන්න හොඳේ (අවුලක් නැහැනේ ) (ස)

:       0       0

ඉන්දු-ලන්ඩන් Tuesday, 08 October 2013 04:48 PM

හරියට හරි දිසා මාමේ ඔයාගේ කතාව. මෙන්න මල් මිටක්. සිංහලයාට වැරදුණේ ආකාශ් වගේ සිංහලයෝ නිසා තමයි.(නදී)

:       0       0

බට්ටා Tuesday, 08 October 2013 05:31 PM

චන්දි, කියවලා රස විදින්න දාන්නකෝ ලුණු ඇඹුල් ටිකක්... (නි)

:       0       0

නිලූ Tuesday, 08 October 2013 05:45 PM

චන්දි අක්කේ, නුඹේ ගතිගුණ හරි උතුම් (නි)

:       0       0

චන්දි අලුත්වල Tuesday, 08 October 2013 07:20 PM

ගත්තොත් හොදට ලුණු ඇබුලෙන් අනාලා.., දෙන්නම් බට්ටෝ පොල් සම්බල් කොටාලා.., නැගලා ගහට කොස් ගෙඩියක් කඩාලා.., හනිකට ගෙනෙන් අපි කමු කොස් තම්බාලා.... (නි)

:       0       0

චන්දි අලුත්වල Tuesday, 08 October 2013 07:24 PM

නිලූ කියන ඒ ලස්සන අකුරු දෙක .., මල් පෙත්තක ලියමි මම සද ඇති රැයක.., (ඉතිරි පද දෙක ලියන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ) (නි)

:       0       0

අජිත් Tuesday, 08 October 2013 07:31 PM

අනේ ආකාශ ලියනගේ, ඔන්න ඕකට තමා කියන්නේ 'ඉල්ලන් කනවා' කියලා. කමෝන් දිසානායක, ඔබට ජය වේවා! (නි)

:       0       0

බට්ටා Tuesday, 08 October 2013 07:38 PM

ගත්තොත් හොදට ලුණු ඇඹුලෙන් අනාලා.., දෙන්නම් බට්ටෝ පොල් සම්බල් කොටාලා.., නැගලා ගහට කොස් ගෙඩියක් කඩාලා.., හනිකට ගෙනෙන් අපි කමු කොස් කිරි දාලා.. (නි)

:       0       0

හේරත් Tuesday, 08 October 2013 07:46 PM

කාටත් හොරෙන් ඇවිදින් මහ දවාලක... කැන්දන් යනවා කොටුවෙන් මම බස් එකක.... (නි)

:       0       0

දිසානායක Tuesday, 08 October 2013 09:40 PM

කාටත් හොරෙන් ඇවිදින් මහා දවාලක .............කැන්දන් යනවා කොටුවෙන් මම බස් එකක ...............මරදානෙන් බැහැල ඉන් පසු ගෙස්ට් එකට (අ)

:       0       0

දිසානායක Tuesday, 08 October 2013 09:44 PM

යකෝ මම හැම එකාටම මාමා වෙලානේ දහා අටේ කෑලිද චන්ඩි නංගියේ (අ)

:       0       0

හේරත් Wednesday, 09 October 2013 06:15 AM

හා..හා..දිසෝ, බලාගෙනයි (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 09 October 2013 12:43 PM

දිසා (මාමේ) ස්තුතියි. ඔයාල කවුරුවත් මම කරන විහිළු වලට තරහ නෑ නේද යාළුවනේ??? ඔහුගේ පුතා හට ආදරෙ පෑ හන්දා...... ලේලි කරන් ගෙන යන්නට මා කැන්දා...... මාම දිසා කැමතියි ආදරේ හන්දා...... මට මාමා උණත් ඔහු තරුණයි සැමදා......!! (ත)

:       0       0

බට්ටා Wednesday, 09 October 2013 04:32 PM

ගොැඩල්ලේ තරම දැනගෙන පස්කපනු.... කඩුල්ලේ තරම දැනගෙන උඩ පනිනු... තමන්ගේ තරම දැනගෙන කල් අරිනූ... (නි)

:       0       0

දිසානායක Wednesday, 09 October 2013 08:50 PM

ඉහත සදහන් කවිය බට්ට විසින් බට්ටටම ලියන ලද කවියක් බව දැනගන්න තිබේ (දී)

:       0       0

දිසානායක Wednesday, 09 October 2013 08:57 PM

ලන්ඩන් ඉන්දු කෙල්ලේ මේ අහපන්නේ ........කොලුවා තවම 5 වසරේ ඉස්කූලේ ..............බිරිද කරන ගෙට එන්නට නුබ කැන්දා ..................රුපගේ දික්කසදේ එනකම් හිටු ඉවසා

:       0       0

දිසානායක Wednesday, 09 October 2013 08:57 PM

ලන්ඩන් ඉන්දු කෙල්ලේ මේ අහපන්නේ ........කොලුවා තවම 5 වසරේ ඉස්කෝලේ ..............බිරිද කරන ගෙට එන්නට නුබ කැන්දා ..................රුපගේ දික්කසදේ එනකම් හිටු ඉවසා (දී)

:       0       0

බට්ටා Wednesday, 09 October 2013 08:59 PM

කව්රු හරි මේ කවිය නිවැරදි කරනවද? පස් කපනු නෙවෙයි ලිඳ කපනු... (දී)

:       0       0

පිනකි Wednesday, 09 October 2013 09:36 PM

එච්චර ගණන් ගන්න එපා. සුර් නේ (දී)

:       0       0

පැංචි Wednesday, 09 October 2013 09:51 PM

කන කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු. (දී)

:       0       0

රූපවති Wednesday, 09 October 2013 10:37 PM

ඉන්දු කෙල්ලේ ලන්ඩන් වල අහ ගන්නේ ...කලටි තමයි කිව්වොත් මු කියන්නේ ...එකොලොස් වෙනියා තුන් මසකින් උපදින්නේ ...නුබ අවොත් පඩි නැතිවයි වැඩ ගන්නේ ...? (අ)

:       0       0

පෙත්තා Wednesday, 09 October 2013 10:55 PM

පඩි මොකටද වැඩ ඇත්නම් කරන්නට... වැඩිපුර බුරන බල්ලට බැහැ හපන්නට.... එකොළහ නුඹේ එක ගිණුමට ගණන් කොට... කිව්වත් අනේ බැහැ කොහොමත් පිළිගන්ට... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 10 October 2013 01:13 AM

රූපගේ බොරු වලට නුඹ රැවටෙන්න එපා ..... එකොළොස්වෙනියා ආවත් නුඹ සැලෙන්නෙපා ....... වැටුපත ගැන හිත රිදවා ගන්න එපා ........ උඩු බුරනා කිසිවෙක් ගැන තැවෙන්නෙපා..... (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Thursday, 10 October 2013 02:07 AM

දිසා මාමේ හොඳ හැටි මෙය අහගන්නේ... නංගිත් මගේ පහ වසරෙයි දැන් ඉන්නේ.. පාසැල අතැර මා ටික දිනකුයි වන්නේ.... බාල පුතු නොවෙයි ලොකු පුතු ඉල්ලන්නේ... (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Thursday, 10 October 2013 02:08 AM

රූප අක්කා ආදරයෙන් කිව්ව කතා... හරි බව සිතේ ඔහු හැර ඇය පැන්න නිසා... මොන මොන කතා කිවුවත් ඔය මාමා දිසා... හැට වත් පැනලා ඇති වල ළඟ දෙපය තියා..!! (නි)

:       0       0

හේමන්ත Thursday, 10 October 2013 05:42 AM

මදෑ ඔයින් ගියා... (නි)

:       0       0

සමදරා ආරියදාස Thursday, 10 October 2013 06:54 AM

දුවේ, රූපා, මම ඔබට වැඩිය හුගක් වැඩිමල්. මම පෝයට සිල් ගන්නා කෙනෙක්. ඉන්නේ ලංකාවේ. හිත රිද්දුවා නම් සමාවෙන්න (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 07:56 AM

පෝයට සිල් ගන්නා කෙනෙක් නම් නරක කට්ටිය ආශ්‍රයට නම් යන්න හොඳ නැහැ. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 10 October 2013 09:22 AM

ඉහිරුන කිරට මම මොකටද අඩන්නේ ... රූපගේ කවිය හිරවෙලා නුඹ මැරෙන්නේ .... (නි)

:       0       0

චන්දි Thursday, 10 October 2013 09:49 AM

ඔයාල ලියන කවි මම රස විදිනවා හොදේ (දී)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 09:51 AM

සංවර කමක් නැති - තැන නොතැන හඳු නන්නැති - මිනිස් කම දන්නැති සතුන් තිරිසන් බසින් දොඩවති... (දී)

:       0       0

රූපා Thursday, 10 October 2013 10:21 AM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 10:22 AM

රූපගේ කවිය හිරවෙලා අනෙ දිසා මැරෙන්නේ ලය පැලී දිසා මැරෙන්නේ.... (දී)

:       0       0

වසන්ත Thursday, 10 October 2013 10:30 AM

මිනිසුනේ මොකද මේ (දී)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 10:59 AM

මත් වෙලා...වෙරි වෙලා ..පිස්සුව තදවෙලා.. (දී)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 11:07 AM

ඔයදෙන්නත් ඉක්මනට නගින්න . කොට්ටාව ..කොට්ටාව ..පුත්තලම් ..පුත්තලම් .. (දී)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 11:34 AM

මටත් පේනවා පෙත්තෝ ,දැන්නම් පිස්සුව හොදටම තද වෙලා වගේ (ඔයාට තමයි පෙත්තෝ ) පෙත්ත පව් (දී)

:       0       0

සහන් Thursday, 10 October 2013 12:01 PM

පෙරේරා, මොනවා වෙලාද ඔයාට? (නි)

:       0       0

පවන් Thursday, 10 October 2013 06:07 PM

අනේ මෙහෙමත් විකාර මිනිස්සුන්ගේ? (නි)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 06:27 PM

චන්දි මොකද මේ ...පෙත්තා පව්?එතකොට පින් කාටද? නෙල්ලි වලටද අඹ වලටද? කියාවි අලුත්වලට කියල...(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site