(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සියනෑවේ යුවළකි. කුඩා දියණිය සමග වෙන්නප්පුව ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ සාදයකට ගියේ මිතුරාගේ බලවත් ආරාධනය ප්‍රතික්ෂේප කළ නොහැකි වූ නිසාවෙනි. සැමියා වෑන් රිය පදවා ගෙන ගියත් සාදය අවසන් වනවිට ඔහුට රිය පැදවීමට අපහසු විය. සිරිත් පරිද මෙවන් අවස්ථාවලදී බිරිය සුක්කානම අතට ගැනීම පුරුද්දකි. ඒ අනුව අලූයම දෙකට පමණ ඇය ක්‍රියාත්මක වූවාය.
මග තොට හරියට නොදත් ඇය මිතුරාගේ නිවසේ සිට ප්‍රධාන පාරට පැමිණ හරවන්නේ වමටද දකුණටදැයි සැමියාගෙන් විමසුවේ වැඩි හොඳටය. වමට හරවන්න, වමට හරවන්න සැමියා බිරියට උපදෙස් දුන්නේය. බමන මතින් පසුවෙන සැමියා ඉදිරි අසුනේ තද නින්දේය.
දියණිය පසුපස අසුනේ නිදි දෙව් දුව වැළඳගෙනය. බිරිය සැමියාගේ උපදෙස් පරිදි වමට හැරවූ රිය ඉදිරියට ධාවනය කරන්නට වූවාය. පැයක් හමාරක් ගතවිය. අඳුරේ වුවත් පාර දෙපස ඇයට වෙනසක් දැනිණි. සැමියා කී මග නිවැරදි විය යුතු නිසා ඇය ඒ ගැන නොවිමසාම ගමන් කළාය.
ඇය කලබලවූයේ තමන් පුත්තලම නගරය සමීපයට පැමිණ ඇති බව දැන්වීම් පුවරුවක් මගින් දැකීමෙනි. ඒවනවිට පාන්දර පහත් පසුවී තිබිණි. ඇය සැමියා අවදි කර මේ ගැන කීවාය.
බිරියගේ වදන් සමග ඔහුගේ මත දුරුවිය. දෑස් පිසදා බලද්දී ඇය නිවැරදි බව තේරුම් ගියේය. වරද සිදුවී හමාරය. කළ හැකි දෙයක් නැත. රිය ආපසු හරවන්නට සැමියා බිරියට උපදෙස් දුන්නේය.
ළඟම තිබූ ඉන්ධන හලකින් ඉන්ධන පුරවාගත් සැමියා රිය අතට ගත්තේ තමන්ගේ බීමත්කම නිසා සිදුවූ වරද හරිගස්සන්නටය. නිවෙස බලා එනතුරුම බිරියගේ දෙස් දෙවොල් අසමින් සැමියා රිය පැදවූයේ වදනක්වත් නොදොඩාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සූර්වී බිරියට වාහනය එළවන්න දී පාර වරද්දාගෙන
ගාමිණී සිරිවර්දන Thursday, 18 September 2014 02:53 PM
මට පෙනෙන විදියට නම් මහත්තයාට හොරෙන් නෝනාත් අඩියක් ගහලා ඇති හැඩයි! (නි)
අස්ලම් Sunday, 21 September 2014 11:51 AM
ඕක ඔච්චර බනින්න දෙයක්ද ? (නදී)
චමින්ද Saturday, 20 September 2014 01:35 AM
සාදය තිබුණු ගෙදර කෙනාවත් පාර කිව්වේ නැද්ද එන්න හදනකොට? එයාට වැදිලා ඇති ඔක්කටම කලින් (නි)
චමත්-ලංකාව Friday, 19 September 2014 09:13 PM
රුපවති අක්කේ,කෙළින් ඉන්නත් බැරුව, මොන වාහන එළවිලිද? (නි)
කෝහිනූර් Friday, 19 September 2014 03:42 PM
මේ නෝනාට ලයිසන් තියෙනවද කියල බලන්න (ස)
රූපවතී Friday, 19 September 2014 03:37 PM
මම මේ සැමියාට හිස නමන්නේ වෙන මොනවටවත් නෙවි බිලා වාහනේ නොපැද්දට (ස)
මාලි Friday, 19 September 2014 04:40 AM
වසලයො ටික ඔක්කොම ඩෝප්කාරයගෙ පැත්තේ (නදී)
සූරියාරච්චි Thursday, 18 September 2014 11:15 PM
බලාගෙන ගියාම වරද බිරියගේලු. බොන කට්ටිය මිනිහාගේ පැත්තේ. (නි)
කළණි Thursday, 18 September 2014 09:46 PM
හලාවත බෝඩ් දැක්කේ නැද්ද දන්නේ නැහැ. පුත්තලමට ගොඩක් කලින්නේ හලාවත එන්නේ. (නි)
ඇන්ටන් Thursday, 18 September 2014 03:50 PM
මේ කියන බිරිය අකුරු කියවන්න බැරි කෙනෙක් වෙන්න ඇති. ඔය කියන පාරේ බොහොම පිළිවෙලට ඒ ඒ නගර වල නාම පුවරු සඳහන් කරලා තිබෙනවා (නි)
මහේෂ් Thursday, 18 September 2014 03:45 PM
ඉඳල හිටලා ජීවිතයේදී මේ විදියේ සිද්ධි වෙනකොට පොඩි ගතියකුත් තියනවා (නි)
සුමේධ Thursday, 18 September 2014 04:01 AM
වරද බීපු එක නෙවෙයි, බිරිඳ පාර දන්නෙ නැති එක. වම දකුණ මතක නම් මනුස්සය වාහනේ එලවනව නේ. ඕක නියම ගෑනු ගතිය, වරද කොතනට හරි දමන්න කියවනවා. (ස)
චන්න Thursday, 18 September 2014 02:01 PM
සුමේධ, ඔයා හාමිනේ එක්ක අද තරහ වුණාද? ඇයි බවලතුන්ට දොස් කියන්නේ? (නි)
කමලාවතී Thursday, 18 September 2014 10:53 AM
මොකද සමහරු අද නෝනලා ට බැන ගත්ත ගමන්.? පරණ සිද්ධියක්වත් මතක් වෙලාද ?(දිල්)
ධම්ම Thursday, 18 September 2014 09:48 AM
බොන රටවිරුවන් නෝනාගේ රියදුරුකමෙන් ප්‍රයෝජන ගැනීමත්, නෝනලා වාහනේ යතුර ඇඟිල්ලේ කරකවමින් ෂොපින් යාමත් සාමාන්‍ය දේවල්ය. (අ)
දිලාන් Thursday, 18 September 2014 08:29 AM
සුමේධට මේ නෝනාගේ තව වැරදි පෙනේවි අතරමඟදී හොරු ටිකක් මොන ක්‍රමයකින් හරි වාහනය නවත්වා ගත්තා නම් . දරු පවුල අමතක වෙලා ඩෝප් දාගෙන නිදාගත් මහත්තයට තවත් ආවඩන්න සුමේධ (නි).
සුමේධ Thursday, 18 September 2014 07:01 AM
පද්මිණි, මවගේ දිරිය නම් හොඳයි. වම් අත පැත්තේ කණු වල ඉලක්කම් දිහා බැලුව නම් පුත්තලමට ම යන්න වෙන්නේ නෑ. බිරිඳ ඔය වැඩේ ලොකු කමට කරන නිසා තමයි සැමියා කණ සාක්කුවේ දා ගන්නේ. මව හිත වගේ ම මොලෙ ත් පාවිච්චි කළා නම් සැමිය ගෙ බීම අඩු කරගන්න තිබුණා. (ස)
කිරි ගමරාල Thursday, 18 September 2014 06:44 AM
සුක්කානම කරකවන්න දන ගත්තට මදි. යන්නේ කොහෙද කියල දැනගන්න අකුලන සිතියමක් වාහනේ තියාගන්නෙක ඇඟට ගුණයි. හැම ආගමකම කියල තියෙන්නේ මත්වීමට සහ ප්‍රමාදයට හේතුවෙන පරිද්දෙන් සුරාව සහ මත් ද්‍රව්‍ය ගන්න එපා කියල. අපේ ඇත්තෝ එක මඳ පමණට කියල හදා ගත්තට මඳ පමනට ගත්තහමත් සිහිවිකල් වෙන බව අමතක කරන්න හොඳ නැහැ. හොඳ වෙලාවට පොලිසියෙන් නැවැත්තුවෙ නැත්තේ. එහෙම වුනානම් දික්කසාදයෙන් කෙලවර වෙන්නත් තිබුණ. (ස)
සුනිල් පෙරේරා Thursday, 18 September 2014 06:34 AM
මටත් ඔහොම වෙලා තියෙනවා. පාඩුව මට තමයි (නදී)
රුවන් Thursday, 18 September 2014 05:55 AM
මේ මහත්තයට තවත් පාඩමක් ඉගනගන්න තිබුණා.පොලිස් මාමලා වාහනය නතර කළා නම් හෝ අනතුරක් වුනානම්.(දිල්)
පද්මිිණි Thursday, 18 September 2014 05:30 AM
සුමේධ, බලන්න කොපමණ දිරිය මවක්ද? පාන්දර 2 ට බිමත් සමියාවත්, දරුවවත් ආරක්ෂා කරගෙන වාහනය අතට ගැනීම. මේවයින් වත් පාඩම් ඉගෙන ගන්නේ නැති හැටි (දිල්)
රුවන්සිරි Thursday, 18 September 2014 04:47 AM
මෙව්ව කතාද ? මේව රටේ සිද්ධ වෙන සාමාන්‍ය දේවල්නෙ. (ස)