(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
සෙත් ශාන්තියක් කර ගැනීම සඳහා දේවාලයට පැමිණි බව කපුවාට කියූ තරුණයා කපුවා වැඬේට සූදානම් වන අතරේ පූජා වට්ටියක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයක පිහිටි දේවාලයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
දේවාල භූමියේ විවිධ දෙවිවරුන්ගේ නමින් කුඩා දේවාල රැසකි. එයින් එක් දේවාලයකට පැමිණි තරුණයෙක් තමන් ආරම්භ කිරීමට යන අලූත් ව්‍යාපාරය දියුණු කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අවශ්‍ය බව එහි සිටි කපුවාට කියා ඇත.
එදින දේවාලයට පැමිණි පිරිස තරමක් වැඩි වී තිබූ නිසා කපු මහතා කලින් පැමිණි කෙනෙකුගේ අවශ්‍යතාව දෙවියන්ට පවසා මදකට දේවාලයෙන් පිටතට පැමිණ ඇත. ඒ අතරේ තරුණයා දේවාලයේ දෙවි රූපය වසා තිබූ තිරය පිටුපස වට්ටියක මුදල් නෝට්ටු කිහිපයක් තිබෙනු දැක ඒවා කාටත් හොරා සාක්කුවේ දමාගෙන ඇත. පසුව තරුණයා දේවාලයේ අන් අය සමග මොහොතක් ගතකර වැඬේට උනන්දු නොවී පිටවී ගිය පසු කපුවා දෙවියන්ට පූජා කළ මුදල් දෙස බලද්දී ඒවා අතුරුදන් වී තිබෙනු දැක ඇත.
අනුමානයක් නෑ දේවාලය වටේ කැරකි කැරකී සිටි තරුණයා එම මුදල් සොරකම් කරගෙන ඇතැයි සැකසිතා කපුවා දේවාල පරිශ‍්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.
සැකකාර තරුණයා මුදල් සොරකම් කරගෙන යන අයුරු එම කැමරාවේ හොඳින් සටහන් වී තිබෙනු දැක පසුව පොලිසියට පැමිණිලි කිරීමට කපුවා පියවර ගෙන ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙත් ශාන්තියක් කරගන්න ඇවිත් පූජා වට්ටියේ පඬුරටත් විදලා
sachith Thursday, 14 September 2017 04:40 AM
දෙවියෝන්ගේ දිවය විමනේ ට බදු ගහල ගෙවාගන්න බැරුව මිනිස් වේශයෙන් ඇවිත් සල්ලි අරන් ගිහින්.
sam Thursday, 14 September 2017 07:48 AM
තමන්ගේ පුද පඬුරු ආරක්ෂා කරගන්න බැරි දෙවියෝ අනුන්ට පිහිට වෙන්නේ කොහොමද ??
බණ්ඩාර(කැකිරාව) Thursday, 14 September 2017 08:53 AM
"'ඉස්සර හොරු පැන්නේ බැංකු වලට - දැන් හොරු පනින්නේ දේවල වලට පින්කැට සුද්ද කරන්න". තේරුම් ගන්න බැරිදේ තමයි එක්කෝ බැංකු බංකොලොත් වෙලාද නැතිනම් හොරු බංකොලොත් වෙලාද කියලයි.
nishantha Thursday, 14 September 2017 09:59 AM
දෙවියෝ දැන් සිසිටිවී වෙලා... තාම මෙවන් මිත්‍යා කරුම අපි වගේ තුන්වන ලෝකයේ රටවලට හෙනයක්.. විශේෂයෙන් ආගමික මිත්‍යාව නීති ගරුක සමාජයට පිළලයක්.. නිතිය නවල කඩලා ඊට පස්සේ දෙයියෝ ,පන්සල්, පල්ලි, කෝවිල් ගිහින් පව් හෝදගෙන ආයිත් ඒකම කරනවා ...
Thusha Thursday, 14 September 2017 04:28 PM
තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති මිනිසා ,මිත්‍යා විශ්වාසයන් පසුපස ගොස් පිහිටක්,උපකාරයක් බලාපොරොත්තුවෙන් සිටී. දියුණු රටවල මිනිසාගේ දෙවියා තමාමයි. ඔවුන් ආත්ම විශ්වාසයෙන්,ආත්ම ධෛර්යයේන් කටයුතු කර ජීවිතය ජය ගනී. ලංකාවේ මිනිසුන් එදත්,අදත් ,හෙටත් මෙවැනි මිත්‍යාවන් පසුපස ගොස් කපුවන් පොහොසත් කරමින් සිටිනු ඇති.
priyantha Friday, 15 September 2017 03:20 AM
එතකොට දෙවියෝ හිටියේ නැද්ද“ නිවාඩු වෙන්ඩැති... මිත්‍යා බව ඔප්පු වෙනවා
ayesha Friday, 20 October 2017 10:08 AM
එ්කනේ මේවගේ වැඩ වලින් පේනවා මේවා බොරු වැඩ කියලා. කෝ මෙයාලගේ දෙවියන්?