(වියලුව වාර්තාකරු)
විශ්‍රාම ශාලාවක නතර වී තම රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටි වන්දනා නඩයක් සතුව තිබූ ගෑස් සිලින්ඩරයක් සොරාගෙන යෑමෙන් පසුව එම සිලින්ඩරය සොයා දීමට නම් එය රැගෙන ගිය පුද්ගලයා සොයා දෙන්නැයි විශ්‍රාම ශාලාවේ බාරකරුවන් විසින් වන්දනාකරුවන්ට පැවසූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
වන්දනා නඩය ගමන්ගත් බස් රථයේ රියැදුරා පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ගොවිතැනින් ජීවත් වන ගම්බද පිරිසකි. ගොවිතැන් කටයුතු හමාර කළ ඔවුහු ලද අස්වැන්නෙන් කොටසක් විකුණා වන්දනා චාරිකාවක් සංවිධානය කළේ සිය දූ දරුවන් ද ඊට එක්කර ගනිමිනි.
පළමු දිනයේ චාරිකාව හමාර කළ ඔවුහු අගනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආගමික ස්ථානයක විශ්‍රාම ශාලාවක නතර වූයේ සැපපහසු ස්ථානවල නතර වන්නට තරම් වත්කමක් ඔවුන්ට නොතිබූ නිසාය. විශ්‍රාම ශාලා බාරකරුවන් විසින් ඉල්ලුම් කරන ලද නවාතැන්පොළ ගාස්තුව ගෙවා දැමූ පිරිස තමුන්ට වෙන්කර දුන් කොටස අතුපතුගා පිරිසුදු කොට ඔවුන් රැගෙන ගිය ගෑස් සිලින්ඩරය සහ ඊට සම්බන්ධ ළිප සවි කරනු ලැබුවේ විඩා නිවාගෙන රාත්‍රී ආහාරය පිළියෙල කිරීමේ බලාපොරොත්තුවෙනි.
ගෑස් සිලින්ඩරය සහ ළිප සවි කළ පිරිස් මුලින්ම තේ ටිකක් පානය කිරීම හොඳ යැයි සිතා වතුර මුට්ටියක් ද ළිප තබා එය රත්වන තුරු ඒ අසල වූ ජල කරාමය වෙත ගොස් ඇත්තේ ඇඟපත සෝදා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඇඟ සෝදාගෙන පැමිණි පිරිසට දැකගන්නට ලැබුණේ තමුන් රැගෙන ආ ගෑස් සිලින්ඩරය අතුරුදන් වී ඇති බවකි. ඉන් කලබලයට පත් පිරිස විශ්‍රාම ශාලාවේ බාරකරු හමුවී තම ගෑස් සිලින්ඩරය අතුරුදන්ව ඇතැයි පවසද්දී ඇඟට පතට නොගත් බාරකරු පවසා ඇත්තේ “ඔයගොල්ලො හොරා අල්ලලා දුන්නොත් මම ගෑස් සිලින්ඩරය හොයලා දෙන්නම්” යනුවෙනි.
විශ්‍රාම ශාලා බාරකරුගේ පිළිතුරෙන් පිරිස අන්දමන්ද වූවත් සිය ස්ථාවරය වෙනස් නොකළ ඔහු දිගින් දිගටම වන්දනා නඩයට පවසා ඇත්තේ තමුන්ට හොරා පෙන්වුවහොත් ගෑස් සිලින්ඩරය යළිත් ලබා දීමට හැකි බවකි. ඔහු සමග කොතෙක් තර්ක කළත් “යකෝ හොරා හොයා ගත්ත නම් වෙන කෙනෙකුට පෙන්නන්න ඕනි නැහැ කරන දේ අපි දන්නවා යැයි පැවැසූ නඩයේ සිටි තරුණ පිරිස ඒ අසල වූ වන රොදට රිංගා ඇත්තේ “දැන් ඉතින් දර ටිකක්වත් හොයාගෙන ඇවිත් උයමු.” යැයි එකිනෙකාට කියා ගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොරාගත් ගෑස් සිලින්ඩරය සොයා දෙන්න නම් හොරාසොයා දෙන්නැයි කියලා
sam Friday, 31 August 2018 11:58 PM
මීට වසර විසිපහකට තිහකට පෙර (වර්තමානයේ කෙසේදැයි නොදනිමි) අපේ පාස්පෝට් අලුත් කිරීමේ අයදුම් පතේ, "නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් අයදුම් කරන්නේ නම්, එම නැතිවූ බලපත්‍රයේ 'ඡායා පිටපතක්' අයදුම් පත සමග ඉදිරිපත් කල යුතුයි" කියලා තිබුණු රටේ, මෙවැනි මිනිසුන් සිටීම පුදුමයක් නොවෙයි.