(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
පෞද්ගලික කෝන්තරයක් පිරිමැසීමට අනුන්ගේ මළ ගෙදරකදී ගමේ ප්‍රභූවරයකුට දෝෂාරෝපණය කරමින් කතා කළ පුද්ගලයකුට එම නිවැසියන් විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණ.
ඔහු ගමේ පමණක් නොව අහල ගම් හතේම මළ ගෙවල් සොය සොයා කතා පැවැත්වීම සඳහා යන පුද්ගලයෙකි.
මළ ගෙදර නිවැසියන්ගේ අනුදැනුමක් නැතුව හෝ ඇතිව අවමංගල සභාව මෙහෙයවන පුද්ගලයාට හෙමින් හෙමින් ළංවී කෙසේ හෝ කතාවක් ඉල්ලා ගන්නා මෙම පුද්ගලයා කරන කතා ඇසීමට බොහෝ දෙනා අකැමැතිය. ඇතැම් විටක ඔහු කරන කතා එම මියගිය පුද්ගලයාට කෙසේවත් අදාළ නැත. පෞද්ගලික කෝන්තර පිරිමැසීමට අනුන්ට පහර ගසමින් ඔහු කරන කතා බොහෝ දෙනා අප්‍රිය කරති.
ඉකුත් දිනෙක ගමේ වැදගත් පුද්ගලයෙකුගේ අවමඟුල් උත්සවයක් පැවැත්විණ. හිමි නමකගේද පියකු වූ බැවින් එම අවමඟුලට විශාල පිරිසක් පැමිණෙමින් සිටියහ.
එම දිනවලම එම නිවෙස පිහිටි ප්‍රදේශයට යන මාර්ගය සංවර්ධනය කරමින් පැවතිණ. එම කටයුතු සිදුකර ඇත්තේ ඉහතකී ප්රභූවරයාගේ ප්‍රධානත්වයෙනි. දැඩි වියළි කාලගුණයක් තිබූ බැවින් එදින එනම් අර මළ ගෙදර අවසන් කටයුතු කළ දින මාර්ගයට පස් දැමීම සිදු කොට ඇත.
එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි එදින පස්වරුවේ සුළු වර්ෂාවක් ඇදහැලීමෙන් මාර්ගය මඩ ගොහොරුවක් බවට පත්විය.
මෙම සිදුවීම දඩමීමා කරගත් ඉහතකී පුද්ගලයා සිය කතාවේදී මාර්ගය මඩ ගොහොරුවක් බවට පත්කළැයි මාර්ගය සකස් කළ අයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.
එයින් අවමංගල නිවෙසේ අය බලවත් අසීරුවට පත්වූ අතර ස්වාමීන් වහන්සේ වහාම නැඟිට ඔහුගේ කතාව නතර කරන ලෙස ඉල්ලා සිටියහ. එයින් බලවත් සේ අසරණ වූ කථිකයා හෙමින් සීරුවේ පල්ලම් බැස්සේය.
තමාට කට වැරදුණු බව කියමින් පසුවදාම ගොස් සමාව ඉල්ලුවත්, හූ කියා පසුව කට වසා ගත්තාට ඇති වැඩක් නැතැයි කියමින් ප්රභූවරයා නම් ඔහුට සමාව දුන්නේම නැතිලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොහොන් කථිකයා ඉල්ලාගෙන කාලා