(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
රාත්‍රි කාලයේදී අධික ලෙස මත් පැන් පානය කිරීමෙන් පසු කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්ට දුරකතන ඇමතුම් ලබාගන්නා ආයතන ප්‍රධානියකුට සේවකයන් ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ.
දරදඬු පාලනයක් කාර්යාලය තුළ පවත්වාගෙන යන්නකු බවට දැඩි ප්‍රසිද්ධියක් උසුලන මොහු අවිවාහකයෙකි. පුරුෂාධිපත්තිය පිළිබඳව මහා ඉහළින් සිතමින් කටයුතු කිරීම නිසාම සේවකයන් විවිධ ආරූඪ නම් පටබැඳීමද සිදුකර තිබේ.
සුළු අතපසුවීමකට වුවද නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනුවට අවවාද ලිපි එකතුකරන අතර නිලධාරිනියන්ගෙන් සිදුවන විශාල අඩුපාඩුවලට කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා අනංගයකු බව සියලු දෙනා අතර ප්‍රසිද්ධ කතාවක් වී තිබුණි. නීතිය චක්‍රලේඛ අණපනත්වල කෙලෙස සඳහන් වුවත් තම අභිමතය පරිදි කටයුතු කරන්නකු බවටද මොහු දැඩි ප්‍රසිද්ධියක් උසුලයි.
සතිඅන්ත දිනකදී හොඳටම සූර්වී සිටි ප්‍රධානියා නිලධාරිනියකට ඇමතුමක් ගත්තේය. ප්‍රධානියාගේ ඇමතුමට ප්‍රතිචාර දැක්වූ කාන්තාව වෙන්නට යන දේ පිළිබඳව අවබෝධකර ගත්තාය. පැය භාගයකින් ඇමතුමක් ගන්නා ලෙස ලොක්කාට පවසා විස්තරය සිය සැමියාට පැවැසුවාය.
සැමියා බිරිඳගේ කාර්යාලයේ සේවය කරන මිතුරු මිතුරියන් කිහිපදෙනකුට කතා කර විස්තරය පැවැසීය.
සියලුම දෙනාම එකතුවී අනංගයා කොටුකර ගැනීමට උගුලක් ඇටවූහ. විනාඩි තිහ ඉක්මයත්ම නැවත ලොක්කාගේ ඇමතුම ලැබුණු අතර ඇමතුමට ප්‍රතිචාර දක්වා මිතුරන් සමග කතා කරගත් පරිදි ඇමතුම පටිගත කළහ.
පසුදින උදේ කාර්යාලයට යාමට සූදානම්ව දුරකතනය අතට ගෙන පෙර දින රාත්‍රියේ කාර්යාල සේවකයන් විශාල ප්‍රමාණයකින් ලැබී තිබූ වට්ස්ඇප් පණිවිඩ මොනවාදැයි ඔහු පරීක්ෂා කළේය.
රාත්‍රි කාලයේ නිලධාරිනියක් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තමන් කතා කළ අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ දුරකතන සංවාදයේ හඬපටයක් මෙලෙස එවා ඇති බව අවබෝධ කර ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගතනොවීය.
හඬපටය අනෙකුත් කාර්යාල අතර හුවමාරු වීම නතර කර ගැනීමට කොතෙකුත් උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ නිසා දින කිහිපයක නිවාඩුවක් ගෙන කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටි ඔහු අගනුවර කාර්යාලයකට ස්ථාන මාරුවීමක් හදාගත්තේය.
අනංගයා මාරුවී ගිය පසු එම කාර්යාලයේ කිහිපදෙනකු අතටද හඬ පටය ලැබීම නිසා එම ස්ථානයෙන්ද වෙනත් අමාත්‍යාංශයකට මාරුවීමක් ලබාගෙන ගොස් ඇතැයි පැවසේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හඬපටයේ හුටපටයෙන් ලොක්කාගේ රෙදි ගැලවිලා