X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


හඬා වැටෙන දරු දෙදෙනා පියාට බාරදී මව අනියම් සැමියා සමඟ ගිහින්

දරුවන් දෙදෙනා මව ඉල්ලා හඬා වැටෙද්දී දඹුල්ල පොලිසියේ නිලධාරීන් මවිතයට පත් කරමින් දෙදරු මවක් අනියම් සැමියා සමග අලූත් යුග දිවියකට යන්නට පිටත්විය. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එන්.ජේ. වීරසිංහ මහතා සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. ලන්සක්කාර මහතා ඉදිරියේ පවුල් ආරවුලක් පිළිබඳ පැමිණිල්ලක් විභාග කැරිණි. දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි පවුලක මෙම ආරවුල පැවතී ඇත. පැමිණිල්ලේ සඳහන් වී තිබුණේ තරුණයකුට පහරදීමක් සිදුකැර ඇති සිද්ධියකි. මෙය විභාගකිරීම සඳහා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබිණි. පැමිණිල්ල කර තිබූ අවිවාහක තරුණයාට පහරදුන්නේ හොර රහසේ ගෙට රිංගු නිසා බවත් තම බිරියට කරදර කරන්නට තැත් කළ බවත් විත්ති පාර්ශ්වය පොලිසියට කියා ඇත. දෙපිරිස අතර ආරවුල ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ පහරදුන් බව කියන පුද්ගලයාගේ බිරිය මෙම තරුණයා සමග සබඳකමක් පවත්වන බවයි. එම දෙදෙනාම එය පිළිගෙන අවසානයේ දරුවන් දෙදෙනා සැමියාට බාරදී බිරිය නව පෙම්වතා සමග යන බව කීවාය. වයස අවුරුදු තුනක දරුවා සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අනෙක් දරුවා ද බලා සිටියදී මෙම ගත් තීරණය සමථයට පත් කරන්නට පොලිසිය වෙහෙසුණි. එහෙත් එය අසාර්ථක විය. සැමියා දරුවන් සමග දැඩි දුක්මුසුව පොලිසියෙන් නිවස බලා පිටව යන්නට විය. සැමියා හා දරු දෙදෙනා සමග එකට පොලිසියට පැමිණි බිරිය දැඩි සතුටින් ඇයට වඩා බාල තරුණයා සමග පොලිසියෙන් පිටව යද්දී පොලිස් නිලධාරීන්ගේ අත්ද ඉබේම තම කම්මුල ආසන්නයට පැමිණ තිබේ.



අදහස් (0)

හඬා වැටෙන දරු දෙදෙනා පියාට බාරදී මව අනියම් සැමියා සමඟ ගිහින්

පුලින තරංග Friday, 31 August 2012 04:21 PM

මේ වගේ ගෑණු ඉන්නකොට රටක් හැදෙන්නෙ කොහොමද? ඕවට කවදහරි හොදට විදවන්න වෙනවමයි. (නි)

:       0       0

Ananda Jayarathna Sunday, 02 September 2012 03:49 AM

අජිත් ඔයාගේ කීම හරි.. විවාහක කාන්තාව නීතියෙන් අයිති සැමියාටයි.. පොලිසියට කම්මුලේ අත ගාසාගෙන ඉන්නෙ නැතිව මේ දෙන්නට උසාවියට ඉදිරිපත් කරන්න තිබුණා අනෙක් අයටත් ආදර්ශයක් වෙන්න..!!(නු)

:       0       0

මධු Sunday, 02 September 2012 01:48 AM

ටික දවසයි..!!(නු)

:       0       0

නිරෝෂන් Saturday, 01 September 2012 04:44 PM

ආශාව තමයි හැමදේටම මුල (නි)

:       0       0

අහිංසා Saturday, 01 September 2012 01:23 PM

අල්ලගෙන ගහන්නයි තියෙන්නේ හොදටම. (නි)

:       0       0

ලලිත් Saturday, 01 September 2012 12:21 PM

මොකටද ළමයි හැදුවේ (දී)

:       0       0

Asiru Karunarathna Saturday, 01 September 2012 07:34 AM

ආශාවන් හරස් වෙලා ජීවිත ගිනි අරන් වැඩි සැප සමිපත් හොයන්න නුඹ දීගෙක ගිහින් පැටවුන් ගැන හිතනා හිත රිදෙනා මුත් දුකින් සමාවදෙන්නට මට බෑ එන්න එපා ඉතින්.....................(නු)

:       0       0

අමිල Friday, 31 August 2012 10:51 PM

හැබැයි මේ තරුණයාටත් තිබුණා මේ ළමයි ගැන හිතලා මේ බැදපු කාන්තාව අත හැරලා දාන්න... ඔය කාන්තාවට දඩුවම් අනිවාර්යනේම ලැබෙනවා.. ඔය කොල්ලම කියාවි දරුවන් දෙන්නාව අතහැරලා දාල ආපු කෙනාව මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා..!!(නු)

:       0       0

මංගලා Friday, 31 August 2012 09:37 PM

හුගක් අය හොර රහසේ මේක කරනවා.. මෙයා ප්‍රසිද්ධියේම ගියා..!!(නු)

:       0       0

නන්දසිරි Friday, 31 August 2012 08:42 PM

අනේ අමමා කෙනෙක්? (අ)

:       0       0

බින්දු Sunday, 02 September 2012 11:28 AM

මොනවා කියන්නද?(දී)

:       0       0

ජයන්ත Friday, 31 August 2012 09:43 AM

මෙහෙම වෙච්ච එක දරුවන්ගෙත් තාත්තාගෙත් වාසනාව. නැත්නම් මේ ගෑණි ළමයින්ට වසක් විසක් වුණත් දෙන්න තිබුණා. (නි)

:       0       0

හර්බට් Friday, 31 August 2012 08:10 AM

දැන් ලංකාවේ ඉන්න ගෑණු ගොඩක් දෙනෙකුට ඔය වගේ අනියම් සම්බන්ධතා තියෙනවා. (නි)

:       0       0

සේනානායක Friday, 31 August 2012 12:16 AM

ඔය කොල්ලත් ලස්සන කෙල්ලෙක් එක්ක ගියදාට තේරෙයි. (නි)

:       0       0

නීතා Thursday, 30 August 2012 11:29 PM

දරුවො ගැන හිතලා කියලා ආයෙ ආවොත් මේ අම්මව එහෙම ගෙටවත් ගන්න එපා. (නි)

:       0       0

චාමර වත්තල Thursday, 30 August 2012 10:58 PM

අප්පිරියයි මේ වගේ ගෑණු ගැන අහනකොටත්. (නි)

:       0       0

කන්කානම්ගේ Thursday, 30 August 2012 09:46 PM

අමිලගේ කතාව හරියටම හරි. මේක පියාගේ සහ දරුවන්ගේ පිනක්. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 30 August 2012 09:26 PM

අනේ මෙහෙමත් ගැහැණු? ඉන්නවට වැඩිය හොදයි මැරෙනවා නම්. අලුත් එක්කෙනා කොහොමද දන්නේ නැහැ? (නි)

:       0       0

රොෂාන් Thursday, 30 August 2012 07:44 PM

මේවා දැන් සුලු දේවල්. (නි)

:       0       0

හේමසිරි Monday, 03 September 2012 05:09 PM

දරුවෝ දෙන්නෙක් හම්බෙනකම් ඒ මිනිහා හොඳයි..දැන්ද එයා හොඳ නෑ කියලා හිතෙන්නේ..(ස)

:       0       0

රසංග Friday, 21 September 2012 05:27 PM

ගියා වගේම එන්නත් වෙනවා (නි)

:       0       0

දර්ශණ උදය ආරියචන්දු Monday, 10 September 2012 06:13 AM

මෙවැනි ගැහැණුන්ට අලුත්ම නීතියක් ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුයි. (නි)

:       0       0

නලින් Thursday, 06 September 2012 05:10 PM

මේක නීති විරෝධි වෑඩක් නේද? 1. ඔය කියන මෝඩ කොල්ලා ගිහින් තියෙන්නේ විවාහක කන්තාවක් ළගට 2. අන්සතු දේපලකට අනවසරයෙන් අතුල් වීම 3. නීත්‍යානුකූලව වෙන් නොවී අන් අයෙක් සමග යෑම 4. නීත්‍යානුකූලව විවාහ වුණ ස්වාමියා හා දරුවන් ද්වේශ සහගත ලෙස අත හැර යෑම තවත් නීති විරොධී වෑඩ ඇති , පොලිසිය මේවා නොදැනද නිදහස් කළේ? (නි)

:       0       0

දම්මි Wednesday, 05 September 2012 04:54 PM

මිනිහා දැන ගන්න එපැයි ගෑණිව සතුටින් තියන්න. (නි)

:       0       0

දිස්නා Wednesday, 05 September 2012 02:45 PM

සොබාදහමින්ම ඒ ගෑනු කෙනා දඩුවම් විදියි ලඟදිම දවසක..අද ඒ දරුවන් හෙළන සුසුම් එයාටත් දැනෙන දවසක් එනවාමයි...(ස)

:       0       0

ගුණපාල Tuesday, 04 September 2012 09:35 AM

තාත්තා විශ්ෂ්ඨයි...(ස)

:       0       0

ප්‍රියංකා Tuesday, 04 September 2012 02:02 AM

මම ඒ තාත්තයි පුතයි දෙන්නම බලා ගන්න කැමතියි. (නි)

:       0       0

සමන් Tuesday, 04 September 2012 12:49 AM

මේ වගේ ගෑණුන්ට රජෙ කාලේ දඩුවම් දීලත් මදි. (නි)

:       0       0

විශ්ව Monday, 03 September 2012 09:39 PM

මගේ පෞද්ගලික මතය නම් ඔය වගේ ගැහැණු අයට අරාබි නීතිය භාවිතා කිරීම සුදුසුය. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 30 August 2012 07:35 PM

දරු දෙදෙනාට ලේ කිරි කර පෙවූ අම්මාමද මේ? මාතෘත්වය අගයන මවුවරුන්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

දිනේෂ් Monday, 03 September 2012 02:08 PM

මේ වගේ ගැනු නෙවෙයි ....දැන් කලේ ලංකවේ ඉන්න කෙල්ලෝ හැමෝම මේ වගේ ........ටික කලක් යද්දී හැදිච්ච කෙල්ලෙක් හොයාගන්න එක සුදු කපුටෝ හොයනවා වගේ වැඩක් වෙනවා (ස)

:       0       0

නොයෙල් Monday, 03 September 2012 01:38 PM

පව් වැඩ කරන්න එපා. හෙන ගහන අපරාධ ඕව (දී)

:       0       0

දිසානායක Monday, 03 September 2012 11:52 AM

ගැලපෙන්නේ නැති ජෝඩු එක්වුණාම ඔහොම තමයි. වතුරයි තෙලුයි එක්වෙන්නේ නැතිව වගෙයි. (ත)

:       0       0

අබේකෝන් Monday, 03 September 2012 09:34 AM

දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්(වි)

:       0       0

කමල් Monday, 03 September 2012 05:24 AM

දරුවනේ, මෙහෙම අම්මෙක් නැති වෙච්ච එකත් ඔයාලගේ වාසනාවක්. (නි)

:       0       0

කෝසල Sunday, 02 September 2012 05:10 PM

හරියනවද මෙහෙම අයට (දී)

:       0       0

කලන Sunday, 02 September 2012 02:06 PM

මෙහෙමත් අම්මලා (දී)

:       0       0

ශ්‍රියානි Sunday, 02 September 2012 12:50 PM

මේ වගේ ගෑණුන්ට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්. (නි)

:       0       0

ශශිමාල් Thursday, 30 August 2012 11:23 AM

අඩන්න එපා පුතේ තාත්තා එක්ක හොදට ඉන්න.. තාත්තා හොදින් දරුව්න බලා ගනීවි.. දරුවො ගැන හිතලා කියලා ආයෙ ආවොත් මේ අම්මව එහෙම ගෙටවත් ගන්න එපා..!!(නු)

:       0       0

වරුණ Thursday, 30 August 2012 12:09 PM

අපේ ර‍ට තුන් වෙනි ලෝකයේ රටක් වුණාට මෙහේ අයගේ හැසිරීම, සදාචාරය වගේ ඒවා ඇමෙරිකාව වගේ රටවලටත් වැඩිය ඉහළින් තියෙන්නේ. ඒකයි මේකට ආශ්චර්යවත් දේශයක් කියලා කියන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 August 2012 12:14 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අයත් වන පාපකර්මයක්. (නි)

:       0       0

දයා-සවුදි Thursday, 30 August 2012 11:56 AM

නාඩන්න සුදු නංගි දැන් නෑ එන්නේ අම්මා ඉතිං සුදුපාට කොඩිවැල් යටින් අම්මා ගියා අවසන් ගමන්.... (නි)

:       0       0

හලිමා Thursday, 30 August 2012 11:44 AM

මෙහෙම ගෑණුන්ට දෙන්න ඕනෑ හොද දඩුවමක්. (නි)

:       0       0

සජී Thursday, 30 August 2012 11:42 AM

ඔය සතුට තාවකාලිකයි. හැබැයි ළමයි දෙන්නා පවු. (නි)

:       0       0

හර්ෂණ Thursday, 30 August 2012 11:40 AM

අරාබියේ වගේ ගල් ගහලා මරන්නයි තියෙන්නේ (නි)

:       0       0

දයා-සවුදි Thursday, 30 August 2012 11:39 AM

මෙවැනි තීරණයක් බිරිය විසින් ගත්තේ ඇයි කියලා දන්නේ ඇය පමණයි. (නි)

:       0       0

සිසිර කුමාර Thursday, 30 August 2012 11:29 AM

අනිත්මට මේ කාන්තාවට වෙන්නේ කවුරැවත්ම නැති වෙන එකයි...!!(නු)

:       0       0

සුමනසිරි Thursday, 30 August 2012 11:16 AM

පුතාලා අඩන්නෙ නැතිව තාත්තත් එක්ක සතුටින් ඉන්න...!!(නු)

:       0       0

රුක්මාල් Thursday, 30 August 2012 12:40 PM

මගේ ගෙවල් ළඟ ගෑණූ කෙනෙකුත් මෙහෙම ගියා. දැන් මේ වෙනකොට අලුත් මිනිහා ඒ ගැණිට ගහනවා. මේ ළඟදි අතපයත් කඩා දාලා තිබුණා. මම නම් කියන්නේ මෙහෙම අයට කාලය විසින් දඩුවම් දෙනවා. (නි)

:       0       0

Palitha Abeyratha Thursday, 30 August 2012 11:17 AM

ඔය කොල්ලටත් මේ ටික වෙයි කවදා හරි... ළමයෙකුත් දීලා යයි තව කෙනෙක් එක්ක...!!(නු)

:       0       0

රාජාරත්න Thursday, 30 August 2012 11:04 AM

දැන් ඔහොමගියාට ඒතරුනයාටත් ඒසන්තෑසියම තමා.(නු)

:       0       0

දිලිප් ප්‍රනාන්දු Thursday, 30 August 2012 10:59 AM

දැං අපේ රටේ සදාචාරයක් නැහැ.. අනාගත පරපුරට රටක් ඉතුරු වෙන්නෙ නැහැ.. මේකද රටේ සංවර්ධනය..!!(නු)

:       0       0

සුමනා මානන්ඩුව Thursday, 30 August 2012 11:05 AM

නීත්‍යානුකූල විවාක යුවලකගේ විවාහ ජීවිත කඩාකප්පල් කිරීම අපරාධයක් හැටියට නීති සම්මත කළ යුතුයි.. ඒ යටතේ අනියම් සැමියාට තදබල දඩුවම් නියම කළ යුතුයි.. එවිට අනාථවන මේ කුඩා දරැවන්ගේ අනාගතය සුරැකේවි..!!(නු)

:       0       0

ජයාන් කුවේට් Thursday, 30 August 2012 10:54 AM

ලංකාවෙන් කුවේට් ඇවිත් සමහර අය කරනදේවල්.. එයාල ලංකාවෙ ඉන්න තමන්ගෙ දරුවන් ගැන හොයන්නෙ නැහැ.. මෙහෙ වෙනම ජීවිත ගෙවනවා..!(නු)

:       0       0

මාරික්ලෙයාර් Thursday, 30 August 2012 10:54 AM

මේ තරුණයාටත් වඩා හොද කෙනෙක් ලැබුණ ගමන් එයාත් එක්ක යනවා.. මෙහෙම අයට දඩුවම් දෙන්න ඕන..!!(නු)

:       0       0

අනුර Thursday, 30 August 2012 10:54 AM

මේවා තාවකාලිකයි...ගියා වගේම එන්න වෙයි... එතකොට බාර නොගෙන හිටියනම් හරි..! (නු)

:       0       0

රොබට් Thursday, 30 August 2012 10:42 AM

මෙහෙමත් ගැහුණු ඉන්නවානේ..!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 30 August 2012 02:46 PM

සැමියා එක්ක ඉදලා හොර රහසේ වෙන කෙනෙකු හා සම්බන්ධකම් පවත්වනවාට වඩා නම් මේක හොදයි..!!(නු)

:       0       0

සුනිල් Thursday, 30 August 2012 06:31 PM

කාන්තාවන්ට එක් අයෙකුට වඩා කසාද බැදිය හැකි වන ලෙස නීති සකස් කළ යුතුයි. (නි)

:       0       0

අජිත් Thursday, 30 August 2012 06:05 PM

නිතර දෙවේලේ දකින කුකුළාගේ කරමලය සුදුවටයි පෙනෙන්නේ. තමන්ගේ මනුස්සයා සමග නිතරම ඉන්නකොට අඩුපාඩු දැනෙනවා. අලුත් තරුණයා ඉදල හිටලා ඇවිත් මේ ගෑනු මනුස්සයාව හම්බවෙලා යනවා ඇති. අර කතාවකුත් තියෙනවානේ හොරෙන් කනකොට රස වැඩියි කියලා. දැන් ඔය මනුස්සයා ඔය තරුණයත් එක්ක සැමදාම එකට ඉන්නකොට ඔය ආසාව නැතිව යනවා. ඒ මදිවට ගෙදර අඩුපාඞුත් එකපිට එනකොට මේ දෙන්නාගේ දීගය කම්මුතුයි . වැඩිම වුණොත් මාස තුනෙන් මේ ගෑනු මනුස්සයා පරණ සැමියා හොයාගෙන එනවාමයි . (නි)

:       0       0

අජිත් වීරසූරිය Thursday, 30 August 2012 05:38 PM

මෙහෙම ගැටලු විසදන්න පොලිසියට අයිතිවාසිකමක් තියෙනවාද? උසාවිය තියෙන්නේ මොකටද? ඔවුන්ව අනිවාර්යයෙන්ම නීතිය හමුවට ඉදිරිපත් කරන්න එතකොට උසාවියෙන් තීරණය කරාවි මොකද්ද කළ යුත්තේ කියලා..!!(නු)

:       0       0

රසික ඩුබායි Thursday, 30 August 2012 04:45 PM

පව් අහිංසක දරුවා..!!(නු)

:       0       0

සුසිල් Thursday, 30 August 2012 04:28 PM

මනමාලකම් ඉවර වුණු දාට විදවන්න වෙයි. (නි)

:       0       0

මංජුල Thursday, 30 August 2012 04:26 PM

2012දී ලෝක විනාශය වෙනවා කිවුවේ මේවට තමයි. (නි)

:       0       0

ශානි Thursday, 30 August 2012 03:13 PM

අහිංසක දරුවො දෙන්නා.. අම්ම කෙනෙක්ට පුළුවංද මෙහෙම කරන්න..?(නු)

:       0       0

දිලුප Thursday, 30 August 2012 03:20 PM

වැඩිකල් යන්න කළින් අර කොල්ලා මෙයාව දාලා යනවා.. එතකොට මෙයාට කවුරුත් නැහැ..!!(නු)

:       0       0

මොහොමඩ් - ‍බේරැවල Thursday, 30 August 2012 02:52 PM

ආගම දහමට නැති නූගත් කාන්තාවන් මෙහෙම තමයි. තමන්ගේ ආශාව ගැන පමණයි බලන්නේ. අනියම් සම්බන්ධකම් පවත්වන්න තිබුනේ දරැවන් ලැබෙන්න කලින්.. මොකද ඒ වේලාවට ‍ඇයට ද්‍රෝහි වන්නට සිදුවන්නේ තමන්ගේ සැමියාට පමණයි. ඒත් දරැවන් දෙන්නේ ක් ලැබුනට පස්සේ මෙහෙම කර දරුවනුත් අනාථ කරන මව්වරුන්ටනම් මේ ලෝකයේම දඩුවමක් සොබාදහම විසින්ම දෙන්න ඕන. එතකොට මේව දැකලවත් කාන්තාවන් අනියම් සම්බන්ධකම් නවත්වයි....(නු)

:       0       0

සී. නන්දාමාලි Thursday, 30 August 2012 10:48 AM

මෙවැනි කතුන් මුලු කාන්තා පරපුරටම නිගාවකි.අහිසංක දරැවන් අතමන් කරන අම්මලාට දැඩි දඩුවම් දිය යුතුයි.ලංකාවවේ වැරදි කරන අයට නිසි දඩුවම් මෙතෙක් ලැබී නොමැති නිසා දිනෙන් දිනම මේවැනි දේවල් වලට පෙළ‍ඹේ. මෙවැනි අහිසංක දරැවන් රටේ අනාගතයයි.මෙවාට නිසි දඩුවම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 02:30 PM

මේක ඔය මහත්තයාගේ වාසනාව වෙන්නත් පුළුවං නැතිනම් මේ කොල්ලත් එක්ක එකතුවෙලා ඔබට කරදරයක් කරන්නත් ඉඩ තිබුණා..!!(නු)

:       0       0

අමල් Thursday, 30 August 2012 02:28 PM

මේ වගේ ගිය අය හිගමන් යදිනවා මම දෑසින් දැකලා තියෙනවා..!!(නු)

:       0       0

සරසි Thursday, 30 August 2012 02:20 PM

සුභ මංගලම්.. කවදාහරි අනියම් සැමියාට එපා වූ දවසට දරුවන් දෙදෙනා තනිකළ පව පලදේවි..!!(නු)

:       0       0

සරත් Thursday, 30 August 2012 02:03 PM

අලුත් පෙම්වතාටත් ඉතිං බෙදන්න තියෙන්නේ ඔය හැන්දමනේ, නේද නංගී? (නි)

:       0       0

කළණ Thursday, 30 August 2012 01:45 PM

කන බොන , දකින දේවල් වල විෂ නොවැ ඔය. පැටවු දෙන්නා වාසනාවන්තයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 30 August 2012 01:26 PM

අනෙක් අයගේ ජීවිත දිහා බලලවත් මේ ගෑණු පාඩමක් ඉගෙන ගන්නේ නැති හැටි? (නි)

:       0       0

බුද්ධික Thursday, 30 August 2012 01:19 PM

මේ අම්මාට නම් සමාවක් දෙන්න එපා. (නි)

:       0       0

නයිෆා Thursday, 30 August 2012 01:05 PM

කිසිම හිතක් පපුවක් නැති ගැහැණියක්. යම් දවසක ඇයට මහපාරේ හිගමන් යදින්න වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site